Breaking News

කොරෝනා වසංගත තත්වය හමුවේ ලංකාවට ගිය ඔබ දැන් කළ යුත්තේ කුමක්ද? තානාපති කාර්යාලය පිළිතුරු

වීසා ගැටලූවට සහනයක් - අපගේ මැදිහත්වීමට තානාපති කාර්යාලයේ ප‍්‍රතිචාර

කොරෝනා ආපදා තත්වයක් පවතින මේ මොහොතේදී පොදුවේ සියලූ විදේශීය කම්කරුවන් සහ විශේෂයෙන් ලාංකීය පිරිස් මුහුණ දෙන ගැටලූ පිළිබඳ පොදු තත්වය ඉක්මවා ගිය විශේෂ රාජ්‍යත‍්‍රාන්තික මැදිහත්වීමක් අවශ්‍ය බවට අප විසින් කල ඉල්ලීමට අදාලව වත්මන් තත්වයන් පැහැදිළි කිරීම මෙහි අරමුණයි.

විශේෂයෙන් ලාංකීය පිරිස් මුහුණදෙන ගැටලූවලට අදාලව ඉතාලියේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත යොමු කල ලිපිය සම්බන්දයෙන් අප වෙත ලැබුනු ඔවුන්ගේ ප‍්‍රතිචාරය පිළිබඳව මෙසේ පැහැදිලි කරමු.

මුලින්ම අප වෙත ඉතා ඉක්මන් ප‍්‍රතිචාර දැක්වීම පිළිබඳව රෝමයේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත අපගේ කෘත වේදීත්වය පිරිනමමු.

(අදාල ගැටලූව සහ අවශ්‍ය මැදිහත්වීම කුමක්ද යන්න සඳහන් කර අප විසින් යොමුකල ලිපිය පහතින් දක්වමු.)
පළමු කාරණය වන ඉතාලියට නැවත ඇතුල්වීමේදී වීසා පිළිබඳ ගැටලූවට අදාලව ඔවුන්ගේ අවධානය යොමුව තිබෙන බවත් අපද පෙන්වා දුන් පරිදි අදාල අංශ වෙත සෘජු මැදිහත්වීමකට ඔවුන් සූදානම් බවත් ප‍්‍රකාෂ කල අතර ඇති විය හැකි ඕනෑම වීසා ගැටලූවකදී ලංකාවේ ඉතාලි තානාපති කාර්යාලයේද සහයෝගය ලබාගනිමින් ඊට මැදිහත්වීමට තමන් සූදානම් බව ප‍්‍රකාෂ කලා. එහිදී යම් දුෂ්කරතාවයකට මුහුණපාන්නට වන අය විසින් තමන්ට අදාල ගැටලූව සහ තමන්ගේ ලිපි ලේඛණද සමග තානාපති කාර්යාලයේ විද්‍යුත් ලිපිනය වෙත යොමු කරණ ලෙස ඉල්ලා සිටියා. (පෙර්මෙස්සෝ දි සර්ජෝර්නෝව හෝ රිසිට්පත/හැඳුනුම්පත/කෝදිචෙ ෆිස්කාලෙ/විදේශ ගමන් බලපත‍්‍රය ආදිය)

අදාල කාලයට පෙර පෙර්මෙස්සෝ දි සර්ජෝර්නෝව අලූත් කිරීමට බාරදී එම රිසිට් පතින් ලංකාවට ගොස් සිටින අයටද නැවත පැමිනීමේදී ගැටලූ මතු වේනම් ඔවුන්ටද එම ගැටලූ ඉදිරිපත් කල හැකි බවද මතක් කරමු.

දෙවන ගැටලූව වන්නේ ඉතාලියට ඇතුල්වීම පමාවීම හේතුවෙන් තම රැකියා අහිමිවීමේ අවධානමකට මුහුණදීමයි. එහිදී තානාපති කාර්යාලයේ පැහැදිළි කිරීම වූයේ ඊට අදාල මැදිහත්වීම් කිරීම දුෂ්කර විය හැකි බවයි. හේතුව වන්නේ ඒ ඒ ආයතන ගන්නා තීරණ මත එය රඳා පැවතිය හැකි බැවිනි. අපගේ තර්කය වූයේ මේ නිශ්චිත මොහොතේ ඉතාලි රජය ඔවුන්ගේ රැකියා ආරක්ෂා කිරීම සඳහා ගෙන තිබෙන මාස දෙකක ආරක්ෂණ කාලය ප‍්‍රමානවත් නොවන තත්වයකදී මෙම ගැටලූව මතුවිය හැකි හෙයින් පොදු ආරක්ෂණ කාලය මේ අය සම්බන්දයෙන් දීර්ඝ කර ගැනීමට අවධානය යොමු කරණ ලෙසයි. ඊට අදාලව ඔවුන්ට කල හැකි උපරිම මැදිහත්වීම් කිරීමට උත්සහ කරන බව සහ එවන් ගැටලූ සම්බන්දයෙන්ද තානාපති කාර්යාලයේ විද්‍යුත් ලිපිනය වෙත යොමු කරන ලෙසද ඉල්ලා සිටියා.

ඊට අමතරව ඉතාලියේ වෙසෙන ලාංකීය ප‍්‍රජාව වෙනුවෙන් තම වගකීම් ඉටු කිරීමට තමන් පසුබට නොවන බවත් ඉදිරියේදීද අප සමග අවශ්‍ය මැදිහත්වීම් කරමින් සහයෝගයෙන් කටයුතු කිරීමටද තමන් කැමැත්තෙන් සිටින බවත් ප‍්‍රකාෂ කලා.

මෙම අවස්ථාවේ දැක්වූ සහයෝගය පිළිබඳ අපගේ විශේෂ ස්තුතිය වැඩබලන තානාපති සිසිර සෙනවිරත්න මහතාට වෙත පුදකර සිටිමු.

ඔබගේ ගැටලූව යොමුකල යුතු
විද්‍යුත් ලිපිනයs – lemb.rome@mfa.gov.lk
දුරකතන අංකය (0039) 06 8554560

එමෙන්ම නියමිත කාලය තුල තම සේවාවන්ට වාර්ථාකිරීමට නොහැකි වන අය ඒ බව වාචිකව දැනුම් දීමෙන් පමනක් සෑහීමකට පත් නොවී ලියාපදිංචි තැපෑලෙන් අදාල ආයතන වෙත ලිපියක් යොමු කරණ ලෙසත් වාචික දැනුම් දීමකට වඩා එය සුදුසු බවත් යම් මැදිහත්වීමකදී එවැන්නක් තමන් සතුව තිබීම ප‍්‍රයෝජනවත් විය හැකි බවත් සංවිධානයක් ලෙස අප දන්වා සිටිමු.

ඉතාලි ශ්‍රී ලංකා සහයෝගිතා සංවිධානය තානාපති කාර්යාලය වෙත යොමුකළ ලිපිය

leave a reply