උතුරේ දූපත් තුනක විදුලි ව්‍යාපෘති ඇරඹීමට ඉන්දියාව සමඟ ගිවිසුම් ගතවෙයි

ඩොලර් මිලියන 10 කට අධික මුදලක් වැය කරමින් යාපනය දූපත් තුනක් වෙනුවෙන් විදුලිබලය සැපයීම ස`ඳහා දෙමුහුම් බලශක්ති ව්‍යපෘතියේ ඉදිකිරිමට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගිවිසුමට අත්සන් තබා තිබේ.

ඉන්දීය රජයේ පුර්ණ මූල්‍ය ප්‍රදානයක් ලෙස ලැබෙන ඇමෙරිකානු ඩොලර් මිලියන 10.995 ක මුදලින් ඩෙල්ෆ්, එලුවතිව් සහ නයිනතිව් (නාගදීපය) යන දූපත්වලට මෙම ව්‍යපෘතියෙන් විදුලිය සැපයීමට නියමිතය.

කිලෝ වොට් 530 ක සුළං බලය, කිලෝ වොට් 1700 ක සුර්ය බලය සහ කිලෝ වොට් පැය 2400 ක බැටරි පද්ධතියක් සමග පුනර්ජනනීය බලය සහ විකල්ප කිලෝ වොට් 2500 ක ඩීසල් බලයෙන් ක්‍රියාත්මක වන මෙම දෙමුහුම් පද්ධතිය ඉදිකිරීම් ලබන වසරේ මාර්තු වන විට අවසන් කිරීමට බලාපොරොත්තු වේ.

මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් මූල්‍ය පහසුකම් දීම වෙනුවෙන් ඉන්දීය රජයට, මෙරට ඉන්දීය මහ කොමසාරිස්වරයාට, මෙරට හිටපු මහ කොමසාරිස්වරයාට සහ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන්ට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ස්තූතිය පළ කළ බවද සඳහන් වේ.

මීට පෙර මේම දූපත් තුනේ විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට සැලසුම්කර තිබුණේ චීන සමාගමකි. ශ්‍රී ලංකාවේ ඩෙල්ෆ්, නයිනතිව්, අනලතිව් දූපත්වල ක්‍රියාත්මක කිරීමට සූදානම් වූ චීන දෙමුහුන් විදුලිය ව්‍යාපෘති අත්හිටුවීමට තීරණය කළ බව චීන තානාපති කාර්යාලය 2021 වසරේ නිවේදනය කර තිබුණි. “තුන්වන පාර්ශ්වයකින් ඉදිරිපත් වූ ‘ආරක්ෂාව පිළිබඳ ගැටලු’ හේතුවෙන්” එම පියවර ගත් බව එම නිවේදනයේ දැක්වුණි.

2021 වසරේ මුල් භාගයේ දී ඩෙල්ෆ්, නාගදීපය, සහ අනලතිව් දූපත්වල පුනර්ජනනීය බලශක්ති බලාගාර ඉදිකිරීම සඳහා වන ටෙන්ඩරය චීන සමාගමකට ලබාදීමට විරුද්ධව ඉන්දියාව, ශ්‍රී ලංකාවට දැඩි විරෝධයක් පළ කර තිබුණි.

 

Share post:

Popular

වෙනත් පුවත්

PSTA: පැරණි කූඩුවකට අළුත් නමක්

ශ්‍රී ලංකාවේ නව පනත් කෙටුම්පතේ නම “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා...

ටෙස්ලා පියාඹන කාරයක් නිපදවයි

ප්‍රමුඛ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලා සමාගම...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හැමෝටම කලින් සඟසතු කරයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කර ජාතික අධ්‍යාපන ආයතනය...

කාවන්තිස්ස ඇතා මියයයි

කාවන්තිස්ස හස්තිරාජයා මීට සුළු මොහොතකට පෙර මියගොස් තිබෙන බව...