වසංගතයෙන් විදෙස්ගත ශ්‍රමිකයන් 64ක් මිය ගිහින් – විදේශ සේවා නියුක්ති කාර්යාංශය

කොවිඩ් 19 වසංගතයට ගොදුරු වීමෙන් ලාංකික විදෙස්ගත ශ්‍රමිකයන් හැට හතරක් මියගොස් ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

ජෝර්දානයේ ඇඟලුම් කම්හලක සේවය කළ ලාංකිකයෙකු කොවිඩ් 19 රෝගයට ගොදුරු වීමෙන් සිකුරාදා මිය ගොස් තිබූ බව වාර්තා විය.

ඇඟලුම් කම්හලේ සේවය කළ ලාංකික ශ්‍රමිකයන් 350 කට අධික සංඛ්‍යාවකට වෛරසය අසාදනය වී ඇති බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රකාශක මංගල රන්දෙනියා පවසා තිබුණි.

විදෙස්ගත ශ්‍රමිකයන් 2,600 කට වැඩි ප්‍රමාණයකට කොරෝනා වසංගතය ආසාදිත වී ඇති බවද ඔහු පැවසීය.

විදෙස්ගත ශ්‍රමිකයන් අපේ රටේ ආර්ථිකයට විශාල පංගුවක් එකතු කරන පිරිසක් බව අමුතුවෙන් පැවසිය යුතු නොවේ. 2018 වර්ෂයේදී එය ඇමරිකානු ඩොලර් බිලියන 07ක ප්‍රමාණයකි. නමුත් කොරෝනා වසංගත කාල සීමාවේ විවිධ ගැටලුවලට මුහුණ දුන් විදෙස්ගත ශ්‍රමිකයන් සම්බන්ධයෙන් ආණ්ඩුව කිසිදු මැදිහත්වීමක් ආණ්ඩුව විසින් නොකරන ලදී. ආණ්ඩුව දිගින් දිගටම පැවසුවේ නිරෝධායනය පහසුකම් ප්‍රමාණවත් නොමැති නිසා මෙම ශ්‍රමිකයන් ගෙන්වා ගත නොහැකි බවයි. එසේම ගෙන්වා ගන්නා ලෙස ඉල්ලීම් කරන පිරිස්වලටද ආණ්ඩුවේ දෝෂාරෝපණය එල්ල විය. අවම වශයෙන් ගෙන්වා ගැනීමට නොහැකි නම් තානාපති මට්ටමින් එම පිරිස් වෙත අවශ්‍ය පහසුකම් සැපයීම හෝ කිරීමට ආණ්ඩුව උත්සාහ ගනු දක්නට නොලැබුණි. ඒ වෙනුවට තානාපති සේවයේ සිටි සුබ සාධන නිලධාරීන් නැවත ගෙන්වා ගැනීමට ආණ්ඩුව කටයුතු කර තිබුණි. සෞදි අරාබියේ තානාපති සේවයේ සිටි නිලධාරීන් ආපසු ගෙන්වා ගෙන ඇති නිසා රටවල සිටින ශ්‍රමිකයන්ගේ සුබ සාධන කටයුතු ඇණ හිට ඇති බව ඊයේ ලංකාදීප පුවත්පත වාර්තා කර තිබුණි.

 

Share post:

Popular

වෙනත් පුවත්

ප්‍රංශ අරගලයයි මාධ්‍ය ඉස්මතු කරන දේයි අතර වෙනස 

ධනපති පාලකයන් විසින් ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව ගොඩනැගෙන...

ප්‍රංශයේ මොකද වෙන්නේ? ඉතාලියේ මොකද උනේ?

ප්‍රංශයෙන් ආරම්භ වුණු ශිෂ්‍ය විරෝධතා රැල්ල පිළිබඳව ලෝක මට්ටමින්...

දුමින්ද හුලංගමුවගේ අයිතිය පිළිබඳ ප්‍රශ්නයක්

දුමින්ද හුලංගමුව මහතා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආර්ථික උපදේශක...

රට පුරා නායයෑම් අධි අවදානම් සහිත ස්ථාන 30,000ක්!

පවතින අධික වර්ෂාපතනය සමඟ මේ වන විට රට පුරා...