වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ බන්ධනාගාරගත කිරීමෙන් පසු සැපයුම්වල ප්‍රමාදයක්

වෛද්‍ය සැපයීම් අංශය සැපයුම් නිල වශයෙන් භාර ගැනිම ප්‍රතික්ෂේප කිරීම නිසා ඖෂධ, එන්නත්, ශල්‍ය හා රසායනාගාර උපකරණ අයිතම සියයකට

ආසන්න සංඛ්‍යාවක් සෞඛ්‍ය සේවාවට ලබාගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබේ.

ඊට හේතුවී ඇත්තේ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහජනක එන්නත් ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය නිලධාරීන් සිව්දෙනකු බන්ධනාගාර ගතකිරීමේ සිද්ධියයි.

ඉමුයුනෝග්ලොබියුලින් ගණුදෙණුව සම්බන්ධයෙන් වෛද්‍ය සැපයීම් අංශයෙහි අධ්‍යක්ෂකවරයා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමත් සමගම, එහි නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා රෝහල් ගත වී ඇත.

පවතින තත්ත්වය මත ඖෂධ ඇතුළු සැපයීම් භාර ගැනීම සිදුකළ යුතු ආකාරය පිළිබඳව තමන්ට නිසි උපදෙස් මාලාවක් ලිඛිතව ලබාදෙන ලෙස වෛද්‍ය සැපයීම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා සෞඛ්‍ය ලේකම්ගෙන් ඉල්ලීමක් කර ඇත.

එහෙත් දෙසතියක් ගතවී ඇතත් සෞඛ්‍ය ලේකම්වරයා උපදෙස් මාලාවක් නිකුත් කර නොමැති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් ඊයේ (26) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පවසා තිබේ.

මේ නිසා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ ඖෂධ කන්ටේනර් සහිත ලොරි රථ දින කිහිපයක් මහා මාර්ගයේ නතර කර තබා නැවත පිටත්ව ගොස් තිබේ. ඊට අමතරව දේශීය සැපයුම්කරුවන්, විදේශ සැපයුම් ඖෂධ පමණක් නොව ආසියානු සංවර්ධන බැංකුව, යුනිසෙෆ් ඇතුළු සංවිධාන හරහා ආධාර වශයෙන් ලැබෙන ඖෂධද ලබාගැනීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බව සභාපතිවරයා කියා සිටියේය.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමැති රමේෂ් පතිරණ පසුගිය 24 වැනිදා සෞඛ්‍ය නිලධාරීන් සමග විශේෂ සාකච්ඡාවක්ද පවත්වා තිබේ.

ඖෂධ මිලදී ගැනීම හා කළමනාකරණය කිරීමේ වගකීම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට පවරා ඇති බැවින් අද (27) සිට ඖෂධ භාරගැනීම යථා තත්ත්වයට පත් වෙනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

වෛද්‍ය සැපයීම් අංශය සඳහා වැඩ බලන අධ්‍යක්ෂවරයෙක්ද අද (27) සිට පත්කිරීමට නියමිතය.

Share post:

Popular

වෙනත් පුවත්

පාසල් නොමැති දරුවන් 

ඇමරිකන් ඊශ්‍රායල්  ගාසා හි ජන සංහාරක යුද්ධයේදී ළමුන් 21,000...

පාසල් වහන ජනපති

දිවයිනේ පාසල් පද්ධතියෙන් සියයට 18කට ආසන්න ප්‍රමාණයක සිසුන් සංඛ්‍යාව...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම කල් දැමීමෙන් කෝටි ගණනක පාඩුවක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් මෙම වර්ෂයේ (2026) හය ශ්‍රේණිය සදහා...

අලුත් දළදා කරඬුවේ ක්‍ෂුද්‍රමූල්‍ය ණය වින්දිත කාන්තාවන්ගේ ලේ තැවරෙයි

දළදාව තැන්පත් කිරීම උදෙසා කිලෝග්‍රෑම් 86 ක බරින් යුත්...