ඖෂධ ජාවාරමේ මහ මොළකරු ගැන කියන්න කෙහෙළිය CID එකට ගෙදරට එන්න කියලා

සාමාන්‍ය පුරවැසියෙකු තමාගේ සමාජ මාධ්‍ය ගිණුමේ ආණ්ඩුවට විරුද්ධ යමක් පළ කළද CID යට කැඳවන අවස්ථා නිරතර වාර්තා වේ. නමුත් කෙහෙළිය වැනි ඖෂධ ජාවාරම ගැන චෝදනා එල්ල වූවන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හැසිරෙන්නේ වෙනස්ම ලෙසකට බව පෙනේ. එළෙස නිවසට යන්නේද කැඳවූවොත් පමණි.

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබින් එන්නත ආනයනය කිරීම සම්බන්ධයෙන් මතුව තිබෙන ප්‍රශ්න සහගත තත්ත්වය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ ඉල්ලීම අනුව අද (26) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රඹුක්වැල්ලගෙන් නිවසටම ගොස් ප්‍රකාශයක් ලබා ගෙන තිබුණි.

පෙරවරු 10.30 පමණ සිට පැය දෙකක පමණ කාලයක් එම ප්‍රකාශය සටහන් කර ගෙන තිබේ.

ජනාධිපති නීතිඥ යූ.ආර් ද සිල්වා මාර්ගයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දීමට කෙහෙළිය රඹුක්වැල්ල ඉල්ලීමක් කර තිබුණි.

මේ වන විට අත්අඩංගුවේ පසුවන සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්තගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකර තිබුණු ප්‍රශ්න කිරීමේදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ කෙහෙළිය රඹුක්වැල්ලගේ උපදෙස් මත එම ඖෂධ ආනයනයට අදාළ ගණුදෙනුව සිදුකර ඇති බවයි.

කෙසේවෙතත් රඹුක්වැල්ල අමාත්‍යවරයා එය ප්‍රතික්ෂේප කරමින් එම පරීක්ෂණවලට සහයක් ලෙස මෙලෙස ප්‍රකාශයක් ලබා දී තිබේ,

මේ සම්බන්ධයෙන් නීතිඥ මනෝජ් ගමගේ මාධ්‍ය වෙත පැවසුවේ එම ඖෂධය ගෙන්වීමට අදාළ ප්‍රශ්නගත සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ල කර ඇත්තේද කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා විසින් වන අතර අමාත්‍යාංශයේ ටෙන්ඩර් ක්‍රියාවලියට අමාත්‍යවරයාගේ සම්බන්ධයක් නොමැති බවයි.

ඒ අනුව අදාළ ගණුදෙනුව සිදුකර ඇත්තේ අමාත්‍යාංශයේ නිලධාරීන් බව නීතිඥවරාය ප්‍රකාශ කරන ලදී.

මේ අතර ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරය සතු ලිඛිත සාක්ෂි සියල්ල ද අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දුන් බවද ඔහු සඳහන් කර ඇත.

කෙහෙළිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කැඳවා ලබාදුන් ලියවිලිවල ලියාපදිංචි ඖෂධයක් ගෙන්වීමේදී අවශ්‍ය වන ඇමතිවරයාගේ විශේෂ අවසරය ලබාදීමේ ලිපිය ගැන කිසිම සඳහනක් නැත.

Share post:

Popular

More like this
Related

“ඒ හඳ මෙතැන” – මම අනුරුද්ධ, කවි පොතක් එළි දක්වන්න තීරණය කළා

මම කවි පොතක් එළි දක්වන්න තීරණය කළා. ඒ පොතේ...

22 ට එරෙහි ජනමත විචාරණ ‘ගුණ්ඩුව’

අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්...

විසි දෙකේ තීන්දුව කතානායකට

විසි දෙකට පක්ෂ විපක්ෂව ඉදිරිපත් වී තිබුණු පෙත්සම් විභාගය...