වනාතවිල්ලුව කුඹුරක කුරුල්ලන් මිය යාම ගැන පරීක්ෂණයක්

පුත්තලම් දිස්ත්‍රික්කයේ වනාතවිල්ලුව එළුවන්කුලම රල්මදුව ප්‍රදේශයේ කුඹුරක කුරුල්ලන් විශාල ප්‍රමාණයක් මියගොස් ඇති බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.

කුඹුරුවලින් හමු වූ විවිධ පක්ෂීන් සහ පරෙවියෙකු ඇතුළු පක්ෂීන් 150 කට ආසන්න සංඛ්‍යාවකගේ මරණ සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

කිසියම් ආකාරයක විෂ ශරීරගතවිමක් හේතුවෙන් කුරුල්ලන් මිය යන්නට ඇතැයි වනජීවී නිලධාරීන් සැක පළකරයි.

මියගිය පක්ෂීන් ආහාරයට ගැනීමෙන් පසු අනෙකුත් සතුන් මිය යාම වැළැක්වීම සඳහා නිලධාරීන් විසින් මියගිය පක්ෂීන්ගේ සිරුරු එම ස්ථානයෙන් ඉවත්කර ඇති බව වාර්තා වේ.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...