Breaking News

වනාතවිල්ලුව කුඹුරක කුරුල්ලන් මිය යාම ගැන පරීක්ෂණයක්

පුත්තලම් දිස්ත්‍රික්කයේ වනාතවිල්ලුව එළුවන්කුලම රල්මදුව ප්‍රදේශයේ කුඹුරක කුරුල්ලන් විශාල ප්‍රමාණයක් මියගොස් ඇති බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.

කුඹුරුවලින් හමු වූ විවිධ පක්ෂීන් සහ පරෙවියෙකු ඇතුළු පක්ෂීන් 150 කට ආසන්න සංඛ්‍යාවකගේ මරණ සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

කිසියම් ආකාරයක විෂ ශරීරගතවිමක් හේතුවෙන් කුරුල්ලන් මිය යන්නට ඇතැයි වනජීවී නිලධාරීන් සැක පළකරයි.

මියගිය පක්ෂීන් ආහාරයට ගැනීමෙන් පසු අනෙකුත් සතුන් මිය යාම වැළැක්වීම සඳහා නිලධාරීන් විසින් මියගිය පක්ෂීන්ගේ සිරුරු එම ස්ථානයෙන් ඉවත්කර ඇති බව වාර්තා වේ.

leave a reply