PTA ගැන ආණ්ඩුවේ ස්ථාවරය පසුගිය ආණ්ඩුවල ස්ථාවරයමයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කිරීම පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම වෙනුවෙන් අධිකරණ අමාත්‍යාංශය විසින් පත් කර ඇති කමිටුවේ කටයුතු කඩිනම් කිරීම සඳහා උපදෙස් ලබා දී ඇති බව අගමැතිනි හරිනි අමරසූරිය පවසා තිබේ. නමුත් ඇය පවසා ඇති කරුණුවලින් පෙනෙන්නේ මෙම පනත සම්බන්ධයෙන් පසුගිය ආණ්ඩු සිටි මතයේම මෙම ආණ්ඩුවත් සිටින බවයි.

අද (09) පාර්ලිමේන්තුවේදී ශානික්‍යන් රාසමානික්කම් මන්ත්‍රීවරයා යොමු කළ පැනයකට පිළිතුරු ලබා දෙමින් අගමැතිනිය සඳහන් කළේ එම කමිටුව පත් කිරීම සඳහා අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපත් කළ පත්‍රිකාවට මේ වන විටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බවයි.

ඒ අනුව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කිරීමට අදාළ කමිටුවට නිර්දේශ ඉදිරිපත් කිරීම කඩිනම් කිරීමට උපදෙස් ලබා දී ඇති අතර ඒ වෙනුවට නව නීතියක් සම්පාදනය කිරීම කෙරෙහිද අවධානය යොමු කර ඇති බවද හරිනි අමරසූරිය පෙන්වා දී ඇත.

කෙසේවෙතත්, ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා තෙක් ජාතික ආරක්ශාව සම්බන්ධ ගැටලුවලදී පවතින නීතිය උපයෝගී කර ගැනීමට සිදුව ඇති බවද ඇය තවදුරටත් අවධාරණය කර තිබේ.

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කරොත් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙන අවස්ථාවකදී බාවිත කිරීමට නීතියක් නැති බවට පසුගිය ආණ්ඩුවලින් පවසන ලද වැල් බයිලාවකි. ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කළහොත් වෙනත් විශේෂ පනතක් ඒ වෙනුවට ගෙන ආ යුතු බවට වන තර්කය එන්නේ එබැවිනි. නමුත් මේ ආණ්ඩු සඟවන කාරණා වන්නේ ජාතික ආරක්ෂාව සම්බන්ධ කරනවකදී කටයුතු කළ හැකි නීති අපේ රටේ දණ්ඩ නීති සංග්‍රහය තුළ පවතින බවයි.

ආණ්ඩුවේ මේ ස්ථාවරය දෙස බැලූ විට පෙනෙන්නේ ත්‍රස්තවාදය වැළක්වීමේ නීති සම්බන්ධ ඔවුන්ගේ ස්ථාවරය පසුගිය ආණ්ඩුවලින් වෙනස් නොවන බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...

IMF එක්ක දීගය අතාරින්න සූදානම් නෑලු

ශ්‍රී ලංකාව ළඟා කරගත් ආර්ථික ස්ථායීතාවය ආරක්ෂා කරගනිමින් ආර්ථික...