මානව හිමිකම් කොමිසම දුන් නියෝගවලින් 91%ක් ක්‍රියාත්මක කර නැහැ

ශ්‍රී ලංකාව මානව හිමිකම් කොමිෂන් සභාව විසින් විවිධ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස රාජ්‍ය ආයතනවලට ලබා දෙන ලද නියෝගවලින් බහුතරයක් එම රාජ්‍ය ආයතන විසින් ක්‍රියාත්මක කර නැතැයි වාර්තා වෙයි.

2022 වසරේ (පසුගිය වසරේ) මානව හිමිකම් කොමිසම එලෙස රාජ්‍ය ආයතන වෙත ලබාදුන් නියෝග 72කින් 66ක්ම ක්‍රියාත්මක කර නැත.

එය සමස්ත නියෝගවල ප්‍රතිශතයක් ලෙස ගත් කල 91% කි.

ඊට පෙර 2021 වසරේ මානව හිමිකම් කොමිසම ඒ ආකාරයෙන්ම රාජ්‍ය ආයතන වෙත ලබාදුන් නියෝග 88කින් 59ක් හෙවත් 67% ක් කිසිදු රාජ්‍ය ආයතනයක් විසින් ක්‍රියාත්මක කර නැත.

එබැවින් වහාම මානව හිමිකම් කොමිසම මෙම තත්ත්වය වැළැක්වීමට දැඩි අවධානය යොමුකර පියවර ගත යුතු බව මේ ගැන විමර්ශනය කොට පාර්ලිමේන්තුවට විශේෂ වාර්තාවක් ඉදිරිපත් කළ රාජ්‍ය ගිණුම්කාරක සභාව නිර්දේශ කර ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...