අපේ ගානට ආවොත් මන්නාරම් ව්‍යාපෘතිය කරනවා – අදානි

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ගිවිසුමේ සිදුකරන ලදැයි කියන වෙනස්කම් සම්බන්ධයෙන් පැතිර යන කටකතා Adani Green Energy SL Ltd. සමාගම තරයේ ප්‍රතික්ෂේප කරයි.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අදානි සමූහය පවසන්නේ, කිලෝවොට් පැයකට ශත 7ක් දක්වා මිල සංශෝධනය කිරීමට සිය සමාගම එකඟ වී ඇති බවට කරන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ පදනම් විරහිත ඒවා බවයි.

අදාළ නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

ගිවිසුම සම්බන්ධයෙන් අදාළ ශ්‍රී ලාංකික බලධාරීන් සමඟ ඇති කරගත් ගිවිසුමේ මුල් එකඟතාවන්ට අප සම්පූර්ණයෙන්ම කැපවී සිටින අතර, Adani Green Energy SL Ltd හි ආයෝජන සැලසුම් සහ ව්‍යාපෘති පරාමිතීන්වල කිසිදු වෙනසක් සිදු වී නොමැති බව ද වැඩි දුරටත් දන්වා සිටින්නෙමු.

යෝජිත සුළං බල ව්‍යාපෘතියෙන් සමාගම ගෞරවාන්විතව ඉවත් වී ඇති අතර, ශ්‍රී ලංකා රජය කවදා හෝ නැවත සලකා බැලීමක් සිදු කළ හොත්, ඕනෑම සංවර්ධන අවස්ථාවක් භාර ගැනීමට තමන් සැමවිටම සූදානමින් සිටින බව ද අදානි සමූහය නැවතත් තහවුරු කරයි.

පසුගියදා මෙම ව්‍යාපෘතියට එරෙහිව පැවති නඩුව පැමිණිලි පාර්ශවය විසින් ඉල්ලා අස්කරගනු ලැබුණි. එයට හේතුව ලෙස සඳහන් වූවේ නීතිපතිවරයා විසින් මෙම ව්‍යාපෘතිය සිදු නොවන බවට අදානි සමාගම දන්වා ඇතැයි අධිකරණයට දැන්වීමයි.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...