Breaking News

පානීය ජල හිඟයෙන් පීඩා විඳින මිනිසුන් දිනපතා වැඩි වෙයි

එරංග සුමුදු

ලෝකයේ සම්පූර්ණ ඉඩ ප‍්‍රමාණයෙන් සියයට හැත්තෑවක් පමණ වසා ගෙන ඇත්තේ ජල තලාවයි. නමුත් පිරිසිදු පානීය ජලය ලෝකවාසීන්ට සම්පූර්ණයෙන්ම ප‍්‍රමාණවත් නොවන දිනයක් උදා වනු ඇතැයි සැලකේ.

අන්තර් ජාතිකව ගණන් බලන ආකාරයට වසර 2050 වන විට ලෝකයේ නාගරික ප‍්‍රදේශ වල ජීවත්වන ජනගහනය බිලියන 6.3 ඉක්මවනු ඇත. 2009 දී බිලියන 3.4 ක් වූ නාගරික ප‍්‍රදේශ වල ජීවත්වන පිරිස කෙටි කාලයක් ඇතුළත දෙගුණයකට ආසන්න ගණනකින් ඉහළයාම බරපතළ ප‍්‍රශ්නයකි. මෙම පිරිසට දිනපතා පානයට සහ නිසි සනීපාරක්ෂාව වෙනුවෙන් පිරිසිදු ජලය සැපයීම පහසු ව්‍යායාමයක් නොවේ. පානීය ජලය, විශ්වාස කරන්නටත් අපහසු වන ආකාරයට අන්තර්ජාතික අර්බුදයක් මතු කරනු ඇති බවට මතවාදයක් නැගෙමින් තිබේ. නුදුරු යුගයක ලෝක යුද්ධයක් ඇතිවුවහොත් ජල හිඟය එයට එකම කරුණ විය හැකි බවට අදහසක් පැන නැගී ඇත.

මෙලෙස උග්‍ර ජල හිඟය අප්‍රිකානු රටවල් පුරා විහිදි ගොසිනි. ඇතැම් බහුජාතික සමාගම් ජලපොෂක ප්‍රදේශ අත්පත් කරගෙන ඒවා මුදලට අලේවි කරති.. ආසියානු රටවල තත්වය 2030 වනවිට නරක අතට හැරෙනු ඇතැයි විශ්ලේෂකයන් අනතුරු අගවයි..සත්ව විශේෂ 1000 ගණනක් ජලය නොමැති කමින් වඳවීමට ඉඩ ඇත. පෘථිවියෙ සමතුලිතතාවයට එය බරපතළ හානියක් වනු ඇත..ආත්මාර්තකාමි මිනිස්සු සහිත සමාජ ක්‍රමයක බිහිවුනෙ ධනවාදය තුළ වීම වසං කිරිමට නව ලිබරල්කරණය උත්සහ කලද ලෝකය අවසානය කරා කෙම්න් කෙමින් ලංවෙමින් ඇත.. මෙ සටහන ලියන විටත් පිරිසිදු පානීය ජලය නොමැතිකමින් දිනකට මිනිසුන් 7000කට වඩා වැඩි පිරිසක් මිය යමින් පවති..

leave a reply