හිනා වී ගෙන ඉන්න ගෑණියෙකුට කරන්න යන වැඩේ ගැනයි මේ ලියන්න යන්නේ. රසිකගෙ පොත පීඩීෆ් එකක් විදිහට ලැබුණා. ඕපන් කරේ නෑ ටිකක් කාර්ය බහලු නිසා. ඒත් රසිකගේ කවි වරින් වර කියන්න ලැබිලා තියෙන නිසා පොතේ තියෙන කවි මොන වගේද කියන කුතුහලයත් තියාගෙන වෙලාවක් හොයාගත්තා ෆයිල් එක ඩවුන්ලෝඩ් කර ගන්න.
ඊට කලින් පොතේ එලි දැක්වීමෙදි කතා කරපු දේවල් වගේම ෆේස් බුක් එකේ පොත ගැන කියන දේවල් ගැනත් යම් යම් අදහස් ඔළුව ඇතුළට ආව නිසා එළියෙන් ඇවිත් තියෙන විනිෂ්චයන් ද පැත්තකට කර ගන්න ගමන් හිතුන දෙයත් කියන්නම්.
මම කවි පොත් ගැන ලොකුවට විචාර කරලා නැතැත්, “විචාරය“ කියන ශානරය(genre) ගැන ගත යුතු ප්‍රවේශයන් ගණනාවක් තියෙන බවත්, ඒවායින් බොහෝ විට ආත්ම මූලික ප්‍රවේශයන් (subjective approach) ඔස්සේ කරන විචාරයන් තුල දී විචාරය කරන්නාගේ ආත්ම මූලිකත්වයත්, විචාරයට හසු වන කතෘගේ ආත්ම මූලිකත්වයත්, කෘතියේ ආත්ම මූලිකත්වයත් මෙහි දී වැදගත් වෙනවා. මේ ත්‍රිත්වය අතර ඇති කරන ගැලපීම හා නො ගැලපීම විසින්, විචාරකයා හා කතෘ අතර ඇති සහසම්බන්ධය තීරණය වෙන අවස්ථාවන් තිබෙනවා.
නිදර්ශනයකට. කෘතියෙන් පරිභාහිරව කතුවරයා සතුටු කිරීම පිණිස කරන චිචාරය තුල විචාරකයා හා කතුවරයා අතර සුහද සම්බන්ධයක් ඇති වෙනවා. අනෙක් අතට කතුවරයාගෙන් පරිභාහිරව කෘතිය ගැන “වර්ණනා කිරීම“ පමණක් කිරිම ද එයම වෙනවා. නමුත් එහි ප්‍රතිවිරුද්ධ අක්ෂයට ගොස් නිෂේධනාත්මක විචාරයකට යන්නේ නම්, කෘතිය නොව කතුවරයා තරහ වෙනවා. හිත නො හොඳ වෙනවා. හිත හීරෙනවා. ඒක මානව දහමක්. මේ එක පැත්තක්.
අනෙක කෘතිය හා කතුවරයා පදනම් වුවත් විචාරකයාගේ මනෝමය අක්ෂය තුල වන ආකල්ප, දෘෂ්ටිය මත පිහිටා චිචාරයට ලක් කිරීමෙන් කෘතියටත් තකුවරයාටත් අසාධාරණයක් වෙනවා. සාමාන්‍යෙයන් බොහෝ විචාරයේ දී සිදු වන්නේ මෙය යි. විශලා ප්‍රමාණයේ විගහ්‍රයන් වගේම සමාජ මාධ්‍යවල කෙරෙන ලයික්, හාට්, වාව් වැන්නද අද වන විට විචාර ගණයට අයිති වෙන්නේ, ඒ හරහා පාඨකයා ද ග්‍රාහකයා ද කිසියම් ප්‍රතිපෝෂණයක් ලබන නිසයි. සන්නිවේදනයේ දී, “මාධ්‍යම සංදේශය වේ“ (medium is the message) යැයි මාෂල් මැක්ලූහම් කියන ප්‍රකාශය නූතන සංනිවේදනය තුල දී, වඩාත් තීව්‍ර වී තිබෙන බවයි විශ්වාසය. ඉතින් එහෙම නම්, ඉහත දැයින් මිදී විචාරයක් කළ හැකි ද? එයට විචාරකයාත්, කතෘත් සූදානම් ද?
මට හිතෙන්නේ ලංකාවේ අපි එපමණට සූදානම් නැත. එ්කට හේතුව අපේ විචාර කලාව ශික්ෂණයක් ලෙසත් සංස්කෘතියක් ලෙසත් වර්ධනය වී නැත. හැම විටම “රහස්‍ය න්‍යාය පත්‍රයක්“ බොහෝ දේ තුල අඩංගු වෙනවා. රසිකාගේ කෘතිය එලියට පැමිණීමෙන් පසුව ෆේස්බුක් තුල මැක්ලූහම්ගේ න්‍යාය භාවිතයට ගන්නා බව දකින්නට ලැබී තිබෙනවා. එය “රහස් න්‍යාය පත්‍රයක් “ ලෙස දේශපාලනීකරණය කිරීමට ගත් උත්සාහයක් මුල සිටම පෙන්නුම් කරනවා. එය හරිද වැරදි ද කියන කාරණය සංයුක්ත කරගත යුතු වන්නේ කෙසේ ද යන ගැටලුවට නැවත එන්නේ කතුවරයා හා කෘතියත්, ඊට සම්බන්ධ වන ආකාරය අනුවය.
මම මේ කියන කාරණය දැන් ටිකක් සංකීරණ වෙන්න පුලුවන්. අපහැදිලි, නො තේරෙන මනස්ගාගතයක් ලෙස සලකන්න පුලුවන්. එහෙම නම්, ඒක ටිකක් පැහැදිලි කරන්න වෙනවා. පොතේ කතෘ සහ සමාජයෙන් ඇතුල් වන කතෘ යන දෙකක් මේ පොතට ඇතුල් වෙනවා. සමහරවිට පොතේ කතෘ දැන ගෙන වෙන්න පුලුවන්. එහෙම නැත්තම් මේ කිසිවක් දැනගෙන නෙවෙයි. නමුත්, පිටින් මැදිහත් වන කතෘ නිසා පොතේ කතෘට වටිනාකමක් එනවා. ඒකට එයා කැමැති යි. ඒක එහෙම වෙන්න පුලුවන් වගේම එයාගෙ නිදහස. තාම නිදර්ශනේ තේරෙන්නෑ නේ ද.
ගෑනූ හිනා වීගෙන ඉන්න එකට ඔන්න මැදිහත් වෙනවා ජාතික ජනබලවේගය. මෙන්න මේකයි මෙතන තියෙන කාරණය. මගේ අදහස වෙන්නේ මෙතන හරි වැරුද්ද තීරණය කරන එක නෙවෙයි. නමුත් යම් කෘතියක් විචාරය කිරීමේ දී, මේ භාහිර කතෘන් විසින් කොතරම් බලපෑමක් කෘතියට සිදු වෙනවා ද කියන එක තේරුම් ගත යුතුයි කියන එක හිතන්න වෙනවා. මෙතැන දී. මෙන්න මේ භාහිර බලපෑම නිසා විචාර ශානරය අනන්‍යතා ගැටලුවක් බවටත් පත් වෙනවා. ඒ නිසාම ආචාර ධාර්මික ආස්ථානය ද ප්‍රශ්න කිරීමකට ලක් කරන්න වෙනවා. එතකොට විචාර කලාව කියන්නේ අවසාන විග්‍රහයේ දී, එක් හෝ කීපයක් වූ දෘෂ්ටිවාදී ජලයක් තුලට මැදි වූ ප්‍රකාශයක් තමයි පණිවිඩයක් බවට පත් වෙන්නේ.
මෙයින් තොර විචාරයක් කළ හැකි ද? නො හැකි ය. පිළිතුර.
කොහෝ හරි තැනක හිර වෙනවා. ඉතින් එහෙම නම්, පසුගිය කාලයේ ජැක්සන් අන්තනීලාගේ නිර්මාණ, සුනිල් ආර්. ගමගේ, රෝහණ වීරසිංහ, ජයන්ත චන්ද්‍රසිරි වගේ හැට හුටහමාරක් සාහිත්‍ය හා විචාර අපට බැහැර කරන්න බෑ නේද කියලා ප්‍රශ්නයක් අහන්න පුලුවන්. එයට පිළිතුර ඒව පිලිගත යුතුයි කියන එකට වඩා ඇයි එසේ නො කළ යුත්තේ කියන කාරණයට හේතු හොයාගෙන ගියොත්, අපිට උසස් මානව සමාජයකට ගමන් කරන්න පුවන් කම ලැබේවි.
විශේෂයෙන් සඳහන් නො කළ ද සාහිත්‍ය උත්සව සහ සම්මාන දිහා බලන්න. නිසි හා අඩුම වශයෙන් කෘතිය ආදලකර ගත් විචාර කලාවක් හා සංස්කෘතියක් තිබෙන්නේ නම්, සාපේක්ෂ වශයෙන් භාහිර කතෘන්ගේ බලපෑමෙන් මිදී, දෙයක් වේ නම් එය සුදුස්සාටම අයිති විය යුතු ය යන බ්‍රෙෂ්ට්ගේ ඉල්ලීමට පැමිණීමට හැකි වනු ඇත. ඒකත් ලේසි නෑ. මස් රාත්තල බලාපොරොත්තු නො වුනත් සාධරණය කියන දේ මිනිස් හෘද සාක්ෂියට අයිති දෙයක්.
දැන් ඔන්න ඔහොම තමයි හිනා වී ගෙන ඉන්න ගෑනිට කරන්න යන දේ ගැන මුල් කොටසට ලියන්න සිද්ධ වුණේ.
ඊ ලඟට, මම පොතට ඇතුල් වුණා. මුද්‍රණය කඩුල්ල ප්‍රකාශනය. ඒ ගැනත් නැවත මට අදහසක් ආවා. ඒක පැත්තකින් තිබ්බා. දැන් රසිකගෙ පිදුම. ඒකත් කවියක් වගෙයි. කතෘ සටහන. එතැනත් දෙයක්. පැත්තකින් තිබ්බා.
ඊ ලඟ කොටස ඔන්න ආයෙත් වැදගත්. ලියනගේ අමරකීරති විසින් ලියනවා පෙරවදනක්. ඒ කියන්නේ කියවන කෙනාට මාර්ග සිතියමක් සපයනවා. ඒ කියන්නේ දෘෂ්ටිවාදයක් දෙනවා. දැන් මම ඒ මාර්ග සිතියම ගන්නවාද නැද්ද කියන ප්‍රශ්නය මට ආවා. මේ හැඳින්වීම කියවන්නැතුව කෙලින්ම කවියට බහින්න හිතුනට යටි හිත එකඟ වුණේ නෑ. ඒකත් මට ඇවිත් තියෙන දෘෂ්ටිවාදයක්. මම අමරකීර්තිගේ ලිපිය මුලින්ම කියෙව්වා. ඔහු ප්‍රමාණික සාහිත්‍යධරයෙක් කියන අදහස බැහැර නොකර, ඔහු කියන දේ තුල හොඳ කැටි කිරීමක්. කෘතිය සහ කතෘ දෙස සාධනීය දැක්මක්.
මම ඉහත සඳහන් කරන ලද විධි ක්‍රමයේ එක් කොටසකට අයිති සාධනීය සටහනක් කෘතියට සහ කතෘට කර තියෙනවා. ඒක දර්පනයක් කරගෙන රසිකගෙ කවි කියවනව ද නැද්ද කියන එක ගැටලුවක් නෑ. ගැටලුවක් නැති වෙන්න නම්, අපිට සිද්ධ වෙනවා මේ සියල්ල දිහා සාකල්‍යවාදී (Holistic) විදිහට බලන්න. භාහිර දෘෂ්ටීන් කොපමණ පැවැතියත්, එය ගැටලුවක් කර නො ගැන ඒ සාපේක්ෂ ස්වාධීනත්වයකින් කියවන්න පුලුවන් නම්, එ් සඳහා අවතීරණය විය හැකි එක් ක්‍රමයක් තමයි සාකල්‍යවාදය. සාකල්‍ය වාදය හුදු මේකත් හොඳයි එකත් හොඳයි. නරකයි කියන එක නෙවෙයි. එතැන තිබෙනවා දයලෙක්තික සහ සම්බන්ධයක් විශ්වීයත්වයක්, සොබා දහමේ සංයුකත්යක්. තම තම නැණ පමණේ ප්‍රකාශනයක්.
ඒ ඔස්සේ කවි ටික කියවගෙන ගියා. කවි 28 ක් පමණ කියවා බැලුවට පසුවයි මේ සටහන ලියන්න සූදානම් වුණේ. මෙතෙක් ලියූ කොටස පවා කලින් සැලසුම් කරන ලද්දක් නො වේ. වෙන් කර ගත්තේ කාලය පමණයි. ඒ කාලය දැන් ඉවරයි. කොටසක් ටිකක් දිගයි. දවල් කෑම ප්‍රමාදයි. වෙලාව පස්වරු තුනයි. නැවත කියවා බලා ඉවර උනාම තුනහමාරයි.
දෙවැනි අදියර එහෙනම් පස්සේ….