පොරොන්දු වූ පරිදි ක්ෂුද්‍ර මූල්‍ය ණය අහෝසි කරන ලෙස බලකරමින් සත්‍යග්‍රහයක්

පොරොන්දු ඉටුකරනු ! සියලු ක්ෂුද්‍ර මූල්‍ය ණය අහෝසි කරනු ! කොල්ලකාරී ක්ෂුද්‍ර මූල්‍ය ණය පිළිබඳ විගණනයක් කරන තුරු සියලු ණය අයකරගැනීම අය කර ගැනීම වහා නවතනු ! යන ඉල්ලීම් මූලික කරගනිමින් ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් විපතට පත් වූ කාන්තා එකමුතුව විසින් ඊයේ (08) හිඟුරක්ගොඩ නගරයේදී සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබේ. ඊයේට යෙදුණු ජාත්‍යන්තර කාන්තා දින පවත්වන ලද උද්ඝෝෂණයකින් අනතුරුව ඔවුන් මෙම සත්‍යග්‍රහය ආරම්භ කර ඇත. ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් විපතට පත් වූ කාන්තා එකමුතුව පවසන්නේ ක්ෂුද්‍ර ණය අහෝසි කරන බවට පොරොන්දු වෙමින් බලයට පත්වූ ආණ්ඩුව තමන්ව රටවන ලද බවයි. පසුගිය වසර 3ක කාලය තුළ තම ගැටලු විසඳා ගැනීමට විවිධ අරගලවල නිරත වුවත් විසඳුමක් ලබාගැනීමට නොහැකි වූ බැවින් නිසා තම ඉල්ලීම් ලබාදෙන තුරු සත්‍යග්‍රහය අඛණ්ඩව සිදුකරන බව ඔවුන් පවසයි.

ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් විපතට පත් වූ කාන්තා එකමුතුව විසින් ආරම්භ කර ඇති සත්‍යග්‍රහයේ ප්‍රධාන ඉල්ලීම් වන්නේ
සියලු ක්ෂුද්‍ර මූල්‍ය ණය අහෝසි කරනු !
කොල්ලකාරී ක්ෂුද්‍ර මූල්‍ය ණය පිළිබඳ විගණනයක් කරන තුරු සියලු ණය අයකරගැනීම අය කර ගැනීම වහා නවතනු !
ක්ෂුද්‍ර මූල්‍ය වින්දිතයන්ට එරෙහිව ගන්නා සියලු නීතිමය ක්‍රියාමාර්ග නවතනු!
ක්ෂුද්‍ර මූල්‍ය ණය වින්දිතයන් අසාදු ලේඛණයෙන් වහා ඉවත් කරනු!
ගැති බවින් තොර සමාජ විමුක්තිය කේන්ද්‍ර කරගත් කාන්තාවන් සතු මූල්‍ය ක්‍රමයක් ස්ථාපිත කරනු!

Share post:

Popular

වෙනත් පුවත්

සාහිත්‍ය මාසයේ පුරාජේරු සහ තිත්ත ඇත්ත

සැප්තැම්බර් මාසය නම් කර තිබෙන්නේ සාහිත්‍ය මාසය ලෙස. මේ...

සිංහරාජ අඩවියේ යෝශිත රාජපක්ෂ ගේ හෝටලයේ සැබෑ තත්ත්වය පිළිබඳ හෙළිදරව්ව.

යෝශිත රාජපක්ෂට අයත් හෝටලය පිහිටා ඇත්තේ ගොංගල කන්දේ නැගෙනහිර...

නව ව්‍යවස්ථාවක් ගෙන එනවනම් නීතිඥ සාලිය පීරිස්ගෙන් ආණ්ඩුවට යෝජනාවක් 

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක ප්‍රතිසංස්කරණ කෙසේ විය යුතුද? යන  තේමාව...

අනවසර ඉදිකිරීම් නීතිය – ලොක්කන්ට එක විදිහක් පොඩ්ඩන්ට තව විදිහක්ද?

මේ දිනවල ආණ්ඩුව විසින් ක්‍රියාත්මක අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමේ වැඩපිළිවෙල...