පයින් ගම් බිම් බලා යන ඉන්දියානු සංක්‍රමණික කම්කරුවන් 22ක් මිය ගිහින්

කොරෝනා වෛරසය ව්‍යාප්තියත් සමග මෝදි ආණ්ඩුව දින 21ට වසා දමනු ලැබීමත් සමඟ විශාල නගරවල රැකියාවේ යෙදුණු සංක්‍රමණික කම්කරුවන් අසරණව සිටිනවා. ඉන්දියාව තුල ව්‍යාපාර ආයතන දහස් ගණනක් එක් නිමේෂයකින් වසා දැමීමට සිදුවිය. ඉන්දියාවේ සමස්ථ ශ‍්‍රම බලකායෙන් සියයට 90ක් පමණ ස්ථීර රැකියාවක් නොකරණ පිරිස් වෙනවා. ඉතින් මේ මිනිස්සු බොහොමයක් දෛනිකව කුමන හෝ රැකියාවක නිරතවී ජීවිතය ගැට ගහගත්ත පිරිසක්.

තත්ත්වය තවත් දරුණු කරණ කාරණය වෙන්නේ මේ අය බහුතරයක් ඉන්දියාවේ දුර බැහැර ප‍්‍රදේශ වල ඉදන් නව දිල්ලිය වගේ නගර වලට ආපු අය වීමයි. ඔවුන්ගෙන් බහුතරයකගේ වාසස්ථානය වෙන්නේ පාර නැත්තම් රැකියා කරන ස්ථානයේම අටවා ගත් කුමක් හෝ ස්ථානයක් . ඒ අතරින් නව දිල්ලිය වගේ නගරයක ඉදිකිරීම් ආයතන වල සේවය කරන පිරිස් විශේෂයි.

නමුත් මෝදි ආණ්ඩුවේ ක්ෂණික ඇඳිරි නීතිය පැනවීමත් එක්ක මේ රැකියා ස්ථාන වසා දමනවා. මේත් එක්කමයි මීට දින කීපයකට කලින් නව දිල්ලි බස් නැවතුම්පොල ඉතිරී යන තරම් පිරිසක් එතැනට රැස්වෙන්නේ. ඒත් ඉතා අවාසනවන්ත ලෙස මේ අයට නිවෙස් බලා යාමට අවසර හිමිවන්නේ නැහැ.
මේ නිසාම නව දිල්ලි නගරය නිවෙස් බලා යාමට පැමිණි පිරිසගෙන් පිරී යනවා. ඒ වගේම මේ පිරිස විසුරුවා හරින්න පොලිසිය පොලූවලින් පහරදීමත් කරනවා. ඇතැම් ස්ථානවල මේ විදිහටම නිවෙස් බලා යාමට පැමිණි ජනතාව මහ පාරේ විරෝධතාවල නිතර වෙනවා.

නගරවල බඩගින්නේ මිය යාමට වඩා කෙසේහෝ තම ගම්බිම් ප්‍රදේශවලට යාමට මෙම ජනතාව උත්සාහ කරමින් සිටිනවා. ඔවුන්ගේ අදහස නගරවල සිට හාමතේ මිය යනවාට වඩා තම ගම්බිම් බලාඅ ගියහොත් වතුර හෝ බී ජීවිතය ගැටගසා ගැනීමට හැකි බවයි. නමුත් එය ලෙහෙසි පහසු කටයුත්තක් නොවෙයි. මහ මග කිසිම කඩයක් නැති අඩුම තරමේ වතුර උගුරකත්වත් නැතිව කිලෝමීටර් සිය ගණනක් පයින්ම ගමන් කිරීමට හිතා ගන්නත් බැරි දුෂ්කර කටයුත්තක්. ඊට අමතරව යන අතර මග පොලිසියේ අඩත්තේට්ටම්වලට ලක්වෙන්නත් ඔවුන්ට සිදුවෙනවා. එසේම සමහර පිරිස් පොලීසිය විසින් නවත්වා ගැනීම නිසා නගරවල සිරවී සිටිනවා.

මේවෙනකොට මෙලෙස තම ගම් බිම් බලා ගමන් ගන්නා පිරිස්වලින් පුද්ගලයන් 22ක් මිය ගිහින්. ඔවුන් අතර දරුවන් 5දෙනෙකුද සිටිනවා. ඔවුන්ගෙන් බොහෝ පිරිසක් මියගොස් තිබෙන්නේ විශාල දුරක් පයින් ගමන් කිරීම නිසා ඇතිවූ වෙහෙස නිසයි. ඊට අමතරව ආහාර නොමැතිව මිය ගිය දරුවන් දෙදෙනෙක් පිළිබඳ බිහාර් ප්‍රාන්තයෙන් වාර්තා වී තිබෙනවා.

 

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...