Breaking News

මාධ්‍යවේදියෝ ගැන අතීත කතාවක්

උදය ආර්. තෙන්නකෝන්

ඔය මාධ්‍යවේදී කතන්දරේ ගැන කතා වෙන අව් අස්සේ මේ මාධ්‍යෙවදියා කියන එක පිළි ගන්නේ හෝ නො පිළිගන්නේ කොහොමද කියන්න පොඩි කතාවක් තියෙනවා. මේ කතාවට අදාල වර්ෂය වෙන්නේ 2009. ඒ කාලේ පැවැති ආණ්ඩුවේ මර්ධනය හින්දා මම හිතන්නේ වැඩිම මාධ්‍යෙව්දීන් ප්‍රමාණයකට ප්‍රශ්න ඇති වුණෙත්, රටෙන් පිටමං වුණෙක් මේ කාලය තුල යි.

එදා පැවැති අපේ දේශපාලනික ප්‍රශ්නයක් නිසා හිරේටත් ගිහින් ඊට පස්සේ රටින් පිට වෙන්න වුණා. මුලින්ම ගියේ නේපාලයට. අපිට කිසිම හව්හරණක් එදා තිබුණේ නෑ. ඒ කියන්නේ ජාත්‍යන්තර සහයක්. ඒ සහය නැති උනාට පරිප්පුයි බතුයි කාල මාස හය හතක් අපිව බලා ගන්න ඉදිරිපත් උනේ මාවෝවාදී සහෝදරවරු.

හැබැයි ඒ වෙනකොටත් මාධ්‍යෙව්දීන් විශාල ප්‍රමාණයක් නේපාලේ නවාතැන් ගෙන එරටින් පිටවෙලා ගිහින් තිබුණු අතර, අපි නේපාලයට එන කොටත් තවත් කිහිප දෙනෙක් හිටියා. දැන ගත්ත ආකාරයට මේ මාධ්‍යවේදීන්ට ජාත්‍යන්තර සහය ලැබුණා. ඒ කියන්නේ, හොඳ හෝටලයක නැවතිලා, තුන් වේල තමන් කැමැති විදිහට කාලා, විස්කි අඩියකුත් ගහලා ගෙවල්වලටත් පවුල් වලටත් යැපෙන්න පුලුවන් මට්ටමේ උපකාරයක් ලැබුණා. ඒ අපේ රුපියල සහ ඩොලරය අතර ගැප් එකට අනුව ලොකු වරප්‍රසාදයක් ඒක.
අපි ඉන්න (අපි කියන්නේ මම සහ සරත් ප්‍රනාන්දු) කාලෙම තමයි ඔන්න, ජාත්‍යන්තර ජනමාධ්‍ය වේදීන්ගේ සමුළුවක් නේපාලේ තිබුණේ. මේ සමුළුවට සුනන්ද දේශප්‍රිය ස්විස්ටර්ලන්තයේ ඉඳලා නේපාලයට ඇවිත් අපිවත් හමුවුණා. ඊට පස්සේ අපිටත් ඒ සමුළුවට එන්න කිව්වා. එතැන දී, නේපාලේ හිටපු තවත් මාධ්‍යෙව්දීන් ද ලංකාවෙන් ආව මාධ්‍යෙව්දීන්ද හමු වුණා. එතැන දී තමයි ටෙරල් සහ සුභූ මුණ ගැහෙන්නේ.

ඉතිං කතාවට ආවොත්. සුනන්ද දේශප්‍රිය Sunanda Deshapriya අපේ සිද්ධිය දන්නවා වගේම අපිට උදව් කරන්න පොඩි ට්‍රයි එකක් දුන්නා කියලා අදටත් මම හිතනවා. ඒත් ගැටලුව වුණේ අපේ දේශපාලනය. ඒත් එයා අර කිව්ව ජාත්‍යන්තර ජනමාධ්‍ය සංවිධානයේ නෝනා කෙනෙක්ට හඳුවා දීලා අපිට උදව්වක් ගන්න පුලුවන් ද කියලා බැලුවා.

“ප්‍රශ්නේ තියෙන්නේ ඔය ගොල්ලෝ දේශපාලනයනෙ කරලා තියෙන්නේ. ජනමාධ්‍යයට සම්බන්ධ නෑනේ“.

ඉතින් අපි මාධ්‍යෙව්දීන් නෙවෙයි නමුත් මාධ්‍යවේදීන්. හැඳුනුම් පතක් මට නෑ. හබැයි සරත්ට තිබුණා වෘත්තිය සමිති පත්තරේක. ඒ වුණාට ඒක අයිති වුණේ නෑ ජනමාධ්‍ය ගණයට. සරත් ඒ “අකුණ“ පත්තරේ ප්‍රකාශක. සුනන්දත් දන්නවා මම 90 ගණන්වල එයා කතෘ දරණ යුක්තිය පත්තරේත් වැඩ කරලා තියෙනවා. ඉඳලා හිටලා පත්තරවලටත් ලියනවා. ගුවන් විදුලියේ දිගම අවුරුදු ගාණක් පිටපත් රචනා කරලා තියෙනවා, ඉතිං ඔය මඟුලට අදාලව කොරලා නැති දෙයක් නෑ. ඒත් ඉතින් පිළිගත් හැඳුනුම් පතක් නෑ. ඇත්තටම ඒකම නෙවෙයි කාරණය. පිළිගත්ත ජනමාධ්‍ය ඔස්තාර්ල තමයි කෙනෙක් ජනමාධ්‍යෙව්දි ද, සුදුසුද නැද්ද කියන එක රෙකමදාරු කරන්නේ. ජාත්‍යන්තර අය ඒ අය කියන විදිහටයි තීන්දු තීරණ ගන්නේ.

කොහොමෙන් හරි, සුනන්ද කිව්වා අපිට විස්තර දෙන්න කියලා. ට්‍රයි එකක් දාලා බලමු කියලා.

තකහනියෙන් විස්තර දුන්නා මමත් සරතුත් ජනමාධ්‍යයට සමන්ධකමක් තියෙනවා කියලා තහවුරු කරන්න. මතක හැටියට ෆියෝනා කියලා කොනෙකු අපි දුන්න ඉල්ලීමට උත්තරයක් එව්වා මගේ මේල් එකට. එයා ලියලා තිබුණේ අපිට උදව් කරන්න බෑ. මොකද අපි ජනමාධ්‍යෙව්දීන් නො වන නිසා කියලා.

මම ඊට පස්සේ එයාට පිලිතුරු ලිපියක් ඇරියා.

මම ඇත්තටම බැලුවා අපි ජර්නලිස්ට්ලා නෙවෙයි ද කියලා. ඔක්ස්ෆර්ඩ් ශබ්ධකෝෂයේ ජර්නලිස්ට් කියන අර්ථකතනයට අනුව නම් කොහෙත්ම නො වෙන්න බෑ. ඉතිං මම ඒ ඔක්ස්ෆර්ඩ් අර්ථකතනයත් කොපි කරලා ඒ නෝනට ලිව්වා. අපි උදව් නො කෙරුවට කමක් නෑ. ඒත් ඔය නිර්වචනයට අනුව නම් අපි ජර්නලිස්ලා කියලා.

වැඩේ කියන්නේ ජනමාධ්‍යෙව්දියෙක් වෙන එක ඔය කියන තරම් ලේසි නෑ.. ඒකත් හොඳ හොඳ සෙල්ලම්වලින් පිරි සෙල්ලම් ගෙදරක්. ඒක මාෆියාවක්.. පස්සේ දැන ගන්න ලැබුණා මේවා කොහොමද වැඩ කරන්නේ කියලා.. මම හිතන්නේ.. ඒක මට වඩා හොඳට ටෙරල් Terrel Abeysinghe දන්නවා කියලා හිතනවා. මොකද ටෙරලුත් අපිට උදව් කරන්න ට්‍රයි කරපු නිසා.. ඒත් ඒ අතීතය වැඩක් නෑ කියලා හිතුවට, ඒක තොරතුරු දැන ගැනීමට ෆයිට් කරන ලෝකයක මේ දෙවලුත් වැදගත් තොරතුරු නිසා..

ඉතිං තරිඳු නිරිඳු ඔය හැම දේවල්වලම ගැඹුරු කතන්දර නම් නැත්තේම නෙවෙයි. ඒත් මිනිස්සු මිනිස්සු වෙනුවෙන් වැඩ කරනවා කියන එකට කොහෙද අනේ අයිඩෙන්ටි…
උදය ආර්. තෙන්නකෝන්
30.07.23

leave a reply