ප්‍රමිතියෙන් තොර ඖෂධ 65ක් භාවිතයෙන් ඉවත් කරලා – ඖෂධ ගෙන්වන්න අනුමැතිය දුන් අය කෝ?

මෙම වසරේ මේ දක්වා ගත වූ මාස 7 තුළ ප්‍රමිතිය සම්බන්ධ ගැටලු හේතුවෙන් ඖෂධ 65 ක් භාවිතයෙන් ඉවත්කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක පවසා තිබේ.

එම ඖෂධ 65 අතර ඉන්දියානු ණය ආධාර යටතේ ආනයනය කළ ඖෂධයක් ද තිබෙන බවත් දේශීයව නිෂ්පාදන වන ඖෂධ 6 ක් ද ඒ අතර වන බවත් වෛද්‍ය සමන් රත්නායක සඳහන් කරයි.

මෙම ප්‍රමිතියක් නොමැති ඖෂධ මෙරටට පැමිණියේ කෙසේද? මේවා කවුරුන් විසින් ගෙන්වුවේ ද? එම ගෙන්වන්නට අනුමැතිය ලබාදුන්නේ කවුරුන්ද? එම බාල බෙහෙත් ගෙන්නිමට අනුමැතිය ලබාදුන් පිරිස්වලට එරෙහිව ගන්නා පියවර කුමක්ද ? මෙවැනි ප්‍රශ්න සම්බන්ධයෙන් ද සෞඛ්‍ය අමාත්‍යංශය උත්තර ලබාදිය යුතුය.

මෙවැනි දෙයක් සිදුවන්නේ බාල ඖෂධ හේතුවෙන් රෝගීන් කිහිපදෙනෙක් මිය ගොස් ඇති තත්ත්වයකයි.

Share post:

Popular

More like this
Related

22

රොබෑර්තෝ පියුමීණි සහ ළමා සාහිත්‍යය

රොබෑර්තෝ පියුමීණි උපත ලබන්නේ 1947 ඉතාලියේ බ්‍රෙෂියා ප්‍රදේශයේ එදොලෝ...

ලෝක අවම වේතන වාර්තාවතුල ලංකාව 120

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) දත්ත පදනම් කරගනිමින් Visual Capitalist...