ප්‍රමිතියෙන් තොර ඖෂධ 65ක් භාවිතයෙන් ඉවත් කරලා – ඖෂධ ගෙන්වන්න අනුමැතිය දුන් අය කෝ?

මෙම වසරේ මේ දක්වා ගත වූ මාස 7 තුළ ප්‍රමිතිය සම්බන්ධ ගැටලු හේතුවෙන් ඖෂධ 65 ක් භාවිතයෙන් ඉවත්කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක පවසා තිබේ.

එම ඖෂධ 65 අතර ඉන්දියානු ණය ආධාර යටතේ ආනයනය කළ ඖෂධයක් ද තිබෙන බවත් දේශීයව නිෂ්පාදන වන ඖෂධ 6 ක් ද ඒ අතර වන බවත් වෛද්‍ය සමන් රත්නායක සඳහන් කරයි.

මෙම ප්‍රමිතියක් නොමැති ඖෂධ මෙරටට පැමිණියේ කෙසේද? මේවා කවුරුන් විසින් ගෙන්වුවේ ද? එම ගෙන්වන්නට අනුමැතිය ලබාදුන්නේ කවුරුන්ද? එම බාල බෙහෙත් ගෙන්නිමට අනුමැතිය ලබාදුන් පිරිස්වලට එරෙහිව ගන්නා පියවර කුමක්ද ? මෙවැනි ප්‍රශ්න සම්බන්ධයෙන් ද සෞඛ්‍ය අමාත්‍යංශය උත්තර ලබාදිය යුතුය.

මෙවැනි දෙයක් සිදුවන්නේ බාල ඖෂධ හේතුවෙන් රෝගීන් කිහිපදෙනෙක් මිය ගොස් ඇති තත්ත්වයකයි.

Share post:

Popular

වෙනත් පුවත්

සයිමන්, ටෙනිසන්, සමන් ත්‍රිකෝණය එක්ක වෙඩිවර්ධනත් කියවන්න

කොළඹ දිස්ත්‍රික්කයේ මැතිවරණ ආසන පහළොවෙන් එකක් රත්මලාන ය. එහෙව්...

තරුණ විරැකියාව තවත් ඉහළට

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පසුගියදා නිකුත් කළ නවතම...

විදුලි අර්බුදය තවමත් විසඳී නැහැ

පසුගියදා සිදුවූ විදුලිය බිඳවැටීමෙන් පසු මෙරට ප්‍රධානතම ගල් අඟුරු...

PSTA වගේම තවත් මර්දනකාරී පනතක් ගැන සාලිය පීරිස්ගෙන් අනතුරු ඇඟවීමක්

රජය විසින් ඉදිරිපත් කර ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ නව...