“පැනලා යද්දී වෙඩි තිබ්බා” වැටෙන්න තිබුණු ශීර්ෂයක් මගහැරී ගියා තරුණයාගේ වීඩියෝව නිසා

මේ පොලිස් නිලධාරියාගේ හැසිරීම අනුව නිළ ඇඳුමේ බලය ඇඟ පුරාම තවරගෙන ඇති බවක් පෙනෙන්න තියෙනවා. සිදුවීමේ ආරම්භය කුමක් වුවත් පෙනෙන්න තිබෙන දර්ශන වලට අනුව මේ වීඩියෝ එක නොතිබුනානම් පොලිස් නිලධාරියාගෙන් පහර කන පුද්ගලයා සමහර විට මැරයෙක්, කුඩුකාරයෙක් එහෙමත් නැත්නම් පාතාල කල්ලි නායකයෙක් කියා අත්අඩංගුවට ගෙන හොඳ හැටි සංග්‍රහ කර හෙට උදේ වරදක් පටවා අධිකරණයට ඉදිරිපත් කරන්න ඉඩ තිබුනා .. පසුගිය කාලය තුළ මෙවැනි අවස්ථා ගණනාවක්ම සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වුණා .. ඔබට මතක නම් මීට වසරකට ඉහත දී වෑන් රථයක ගමන් කළ තරුණයෙකුට වෙඩි තබා ජනතාව මැදිහත් වීමෙන් එම සිද්ධිය සමාජ මාධ්‍යය තුළට මුදා හැරීම හේතුවෙන් පොලිස් නිලධාරියාට වරද පිළිගන්න සිද්ධ උනා .

(මේ සිද්ධිය සම්බන්ධයෙන් වසන්ත මුදලිගේ තබා තිබුණු සටහන)

= සිදු වීම ගැන මම පුද්ගලිකව දන්නේ නෑ. ආරංචි විදියට ගොකරැල්ල පොලීසියේ අයලු මේ.(එහෙම නැත්තන් නිවැරදි කරන්න) නමුත් මොකක් වුණත් කිසිම විදියකින් මේ හැසිරීම අනුමත කරන්න බෑ.!

මෙවැනි හැසිරීම් වලින් පස්සේ වීඩියෝ නොකලා නම් “පැනලා යද්දී වෙඩි තිබ්බා” වගේ ශීර්ෂ වලින් පුවත් ඕන තරන් එන්න පුළුවන්. මොකද මෑත කාලයේදී පොලිසි ඇතුලේදීම ඕන තරන් සැකකරුවෝ මැරුණා. මැරුවා. ඒ නිසාම මානව හිමිකම් කොමිසම පහුගිය දවසක පොලීසි ඇතුලට CCTV යෝජනා කළා.

නොදැක්කා සේ සිටීමට වඩා ආණ්ඩුව ඇතුලු අදාළ පාර්ශව මේ පොලිස් මහත්තුරුන්ට “බංකුවක ඉන්දලා” මහජන ආරක්ෂාව ගැන ඉක්මනින් පන්ති පැවැත්විය යුතුය.

හොදින් මතක තියා ගන්න.- මේ සේරම සද්ද “අපිට” ඒ කියන්නේ පීඩිතම ඔබට විතරයි. =

Share post:

Popular

වෙනත් පුවත්

“සටන් බිම තුළ කොටු කළ ස්ත්‍රිය” අනාවරණය කරන්නේ පිරිමි නිරුවතයි.

ධම්මිකාට මා කතා කළේ ඇගේ කෘතිය ඉල්ලා ගැනීමටය. මන්...

පොහොර වංචාවක් ගැන ගොවීන්ගෙන් ලාල්ට එරෙහිව පැමිණිල්ලක්

රුපියල් බිලියන 2 ක පොහොර වංචාවක් සිදුකර ඇති බවට...

ආණ්ඩුව මේ වන විට හතරවතාවක් ගොවියන් ව රැවටුවා – දුමින්ද නාගමුව

ගොවි ගැටලුවලට විසඳුම් විසඳුම් දෙන බව පවසා ආණ්ඩුව මේ...

පෞද්ගලික සමාගම්වලින් ඉන්ධන මිල වැඩිකරන්න බලපෑම්

ලෝක ඉන්ධන මිල ගණන්වල සිදුවන උච්චාවචනයන් හේතුවෙන් ගොඩබෑමේ පිරිවැය...