2022 මහජන අරගලය පිළිබඳ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ විශ්ලේෂණය ‘මන්දිර කැලඹූ අරගලය’ නමින්
කෘතියක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. ජූලි 18 වැනිදා කොළඹ මහවැලි කේන්ද්‍රයේදී මෙම ‘මන්දිර කැලඹූ
අරගලය’ කෘතිය එළි දැක්වීමේ අවස්ථාවේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම්
පලකළ කළ අදහස් දැක්වීමේ සාරාංශයක් පහත සටහන් කරමු.
‘මන්දිර කැලඹූ අරගලය’ මේ කෘතිය තනි පුද්ගලයෙකුගෙ මැදිහත්වීමක් නෙවෙයි, මුලු පක්ෂයේම සහෝදරයින්ගෙ,
සහෝදරවරුන්ගේ මැදිහත්වීමෙන් දායකත්වය ලබාදීමෙන් ප්‍රකාශයට පත්කරන කෘතියක්.
ඒ වගේම මේ කෘතිය පක්ෂපාති එකක්, ජනතාවට, වැඩකරන ජනතාවට පක්ෂපාති කෘතියක්, ඒ වගේම අරගලය
ඉදිරියට ගෙන යාම සඳහා සැලසුම් සකස් කිරීම සඳහා පක්ෂපාති වන පිරිසකගේ ව්‍යායාමයක් ලෙස ඔබ අතට
පත්වන කෘතියක්.
මේ අරගලයෙදි අපි කොටස්කරුවන් ලෙස හිටියා. විවිධාකාර පක්ෂ දේශපාලන කණ්ඩායම්, පුද්ගල එකතුවීම් සහ
තනි පුද්ගල මැදිහත්වීම් වශයෙන් විශාල ජන සහභාගිත්වයකින් සිදු කළ අරගලයක්.
අරගලයෙදි පෞද්ගලිකව ඇති විවිධ අභියෝග, අවදානම, නොසළකා විශාල කැපකිරීම් කළ අය, අරගලය නිසා
ජීවිතය අහිමි වූ අය හිටියා. ඒ නිසා මේ අරගලයෙදි කරපු දායකත්වය, කැපවීම්, කාලය කැපකිරීම, ශ්‍රමය
කැපකිරීම සිහි ගන්වමින් ඒකට ගරුත්වය දෙමින් ලියූ කෘතියක් අද අපි ඔබ හමුවේ තබන්නෙ.
ඒ වගේම අරගලයේ ඉදිරි ක්‍රියාකාරිත්වය කුමනාකාර විය යුතුද ඒ සඳහා අප ඉදිරියේ ඇති අභියෝග මොනවද කියන
සාකච්ඡාව සමාජය හමුවේ තබන්න අප මේ කෘතිය හරහා උත්සාහ කරනවා. ඒ කතිකාව වෙනුවෙන් වන ප්‍රවේශ
දොරටුවක් ලෙස මේ කෘතිය අපි ගෙන එන්නෙ. එහෙම නැතිව අපේ අවසානාත්මක විශ්ලේෂණයක් හෝ සියල්ල
සාකච්ඡා කරන පරිසමාප්තියක් ලෙස අපි හිතන්නෙ නෑ, ඒ වෙනුවෙන් තබන ආරම්භයක් වගේම අරගලය ශක්තිමත්
කිරීමේ දිශාවට සමාජ විමුක්තිය දිශාවට වර්ධනය කළ යුතු සාකච්ඡාවක් ලෙස අපි මේ කෘතිය සළකනවා.
ඉතින් ආදරණීය සහෝදරියනි, සහෝදරවරුනි, මේ ලෝකය අයුක්ති සහගත බව මේ සමාජය අතිශය අසාධාරණ
එකක් බව නැවත නැවත කියන්න අවශ්‍ය නෑ. මේක අසාර්ථකයි, සාධාරණ නෑ. මේ වනවිට අපි දන්න අත්දැකීම්,
උදාහරණ, අපේ ජීවිත අත්දැකීම් වලින් ඒ බව සනාථ වෙනවා. සමාජ අර්බුද නැවත නැවත වර්ධනය කරමින්,
දේශපාලන ආර්ථිකය අර්බුදයට ඇද දමමින්, දේශපාලන අර්බුදවලට පාර කපමින් මේ පවතින ධනේශ්වර ක්‍රමය
ලෝකය පුරාමත්, ආරම්භයේ සිටමත් අර්බුද මැදින් ඉදිරියට යන නැවත නැවත අර්බුදවලට ඇද දමන සමාජ
ක්‍රමයක්. අපේ ආර්ථික විද්‍යාඥන් ඒ වගේම ආර්ථික විද්‍යා පොත්වල අපට කියන්නෙ අර්බුදයක් ආවම එයින් ගොඩ
එන්න ගන්න ක්‍රියාමාර්ග මිස අර්බුද වළක්වන ක්‍රම ගැන නෙවෙයි. මොකද මේ ධනවාදයේ උපන්ගෙයි
ප්‍රශ්නයක්, නිසග ලක්ෂණයක් ලෙස අර්බුදයට ඇදවැටීම තිබෙනවා. ලෝකයේ ‘දියුනු යැයි කියන’ රැාජ්‍යයන්ගේ
සිට ඔවුන්ම ‘තුන්වන ලෝකය’ ලෙස නම්කරන අප වැනි රාජ්‍යයන් දක්වා සියල්ල මේ අර්බුදකාරිත්වයට ගොදුරු
වෙනවා, අසාර්ථකත්තවය ගැන සාක්ෂි දරණවා.
ලෝකයෙදි වගේම ලංකාවෙදි මේ ධනවාදය අසාර්ථක බව අපි දන්නවා. එහි එක් සන්ධිස්ථානයක් ලෙස අපි විශාල
පීඩාවකට මුහුණ දෙමින් ඉන්නවා. මේ නිසා ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කිරීම, සමාජ අසමානතාව, ඇති නැති
පරතරය වර්ධනය වීම දුප්පතුන් වැඩිවීම දකින්න ලැබෙනවා.
මේ තත්වයට විසඳුම් සොයන්න බොහෝ දෙනා උත්සාහ කරනවා, අපි පෙරටුගාමී සමාජවාදී පක්ෂය පමණක්
නෙවෙයි, සමහර කණ්ඩායම් අවංක ලෙස මේක විසඳන්න, විසඳුම් හොයන්න දරණ විවිධ උත්සාහයන් ගැන අපි
දකිනවා, නමුත් තවම අපට තවම සාර්ථක ලෙස විසඳුම් ලැබිලා නෑ. අපි තවමත් ඒ උත්සාහයේ අවසානයක්
නොදැකපු අවස්ථාවක ඉන්නෙ, තවමත් අපි ඒ අරගලයෙ අඛන්ඩතාවයක් වෙනුවෙන් පෙනී සිටිනවා.
අපේ මේ කෘතිය, ‘මන්දිර කැලඹූ අරගලය’ අපි ඉදිරිපත් කරන්නෙ අන්න ඒ අරගලයේ ඉදිරි ගමන වෙනුවෙන් වන
සංවාදයට ලෙස ආරම්භයක් ලෙසයි. නමුත් මේ යල් පැන ගිය, අසාර්ථක වූ පරණ මැෂින් එක ක්‍රියාකාරීත්වයට
ගේන්න රාජ්‍ය පැත්තෙන් දරණ උත්සාහය අපට පෙනෙනවා. මේ වනවිට රනිල්-රාජපක්ෂ, නන්දලාල්, කුමාරස්වාමි,
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ඉන්දියාව එක්ක එකතු වෙලා දරණ වෑයමක් අපට පෙනෙනවා. සමහරු හිතනවා
මේ රනිල් අවට පස්සෙ පොඩ්ඩක් මේ ආර්ථිකය පිළිවෙළක් වෙන්න යනවා කියලා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට 16
පාරක් ගිය අපි, මේ නවලිබරල් ධනවාදයෙන් බැට කාලා අන්තිම අඩියට වැටිලා ඉන්න ගමන් ආපහු ඒ පාරම හරි
කියලා හිතන දේශපාලනයක් තියෙනවා. ඒ විනාශකාරී පාරෙන් ගිහින් 2048 සුඛිත මුදිත රටක් හදන කතා කියමින්
රනිල් රාජපක්ෂ තමන්ගෙ බල ව්‍යාපෘතිය ඉදිරියට ගෙන එනවා. ඒ නිසා පරණ මැෂින් එකමයි ඉසිසරහට
ක්‍රියාකාරි වෙන්නෙ. ධනකුවේරයන්ට, විශාල ධනයක් හිමි සමාගම්වල ලාභ වැඩිකරන්න බදු සහන දෙමින්,
සාමාන්‍ය වැඩකරන ජනයාට, වෘත්තිකයන්ට අධික බදුබර පටවමින් මේ මැෂින් එක ඉදිරියට යනවා. මේ ක්‍රමය
තුළ ලෝකයෙත් ලංකාවෙත් සිදුවන දේ තමයි, ඉහළම බිලියනපති, ධනපතියන්ගෙ පිඟානට වැඩි වැඩියෙන් බෙදන
කොට පිගාන පල්ලෙ වැටෙන ප්‍රමාණයක් පහළ පන්තියේ ජනතාවට යම් පමණකින් ලැබෙනවා. ඒක තමයි මේ
කියන්නෙ, ධනපතියන්ගෙ පිගානෙන් වැටෙන දේ අහුලගෙන කන්න සිදුවන ඒ පරණ ක්‍රමය තමයි මේ ඉදිරියට
යන්නෙ. ඒක 2007 එක්සත් ජනපදයෙදි ඇතිවුූ අර්බුදයට විසඳුම් ලෙස බුෂ්ලා ඔබාමාලා දුන් උත්තරයමයි, ඩොලර්
බිලියන 700ක් මහජන ධනයෙන් වෝල් වීදියේ ධනපති සමාගම්වලට වන්දියක් ගෙව්වවා. ආර්ජනටිනාවෙදි,
ග්‍රීසියෙදිත් සිදුවුනේ ඒකමයි. ඒ නිසා සාමාන්‍ය ජනතාව, වැඩකරන ජනතාව, ගොවි ජනතාව, ධීවර ප්‍රජාව,
අවිධිමත් රැකියා කරන ජනතාව ඇතුළු මේ බහුතර ජනයාගෙ කරමතින් තමයි මේ අර්බුදය ගමන් කරමින් තිබෙන්නෙ.
ඉතින් අපි රටක් ලෙස, සමාජයක් ලෙස අදික පීඩාවට ඇද දැමූ අර්බුදයට විසඳුම් ගේන පාලකයන් කරමින් ඉන්නෙ
ජනතාව මත යලි යළිත් බර පටවමින් ඇති නැති පරතරය වර්ධනය කරන දිශාවටයි.
ඉතින් විසඳුම ගේනවා කියන රනිල්, මේ රටේ ධනකුවේරයන් එක්ක සන්ධානයකින්, ජාතයන්තර මුල්‍ය අරමුදල
සමග ගහපු ගිවිසුමකින් ඉන්දියාව එක්ක සන්ධානයකින් මේ ගමන යද්දි ඉහළ මැද පන්තිය මේ සන්ධානයට එකතු
කරගන්න උත්සාහ කරමින් ඉන්නවා.
මේ වනවිට මේ රනිල් රාජපක්ෂ පාලනය ගෙන ඇති තීරණ නිසා මේ අරගලය වැඩ කරන ජනතා අරගලයක් බවට
මාරු වෙමින් තිබෙන බව පෙනෙන්න තිබෙනවා. මේ තත්වය තුළ අපි වාමාංශිකයන් ලෙස වැඩකරන ජනතා අරගලය
මුවහත් කිරීමේ ක්‍රියාකාරිත්වයට යා යුතු බව යෝජනා කරමින් මේ කෘතිය අපි විසින් ජන සමාජය වෙත ඉදිරිපත්
කරන්නෙ. 2022 අප්‍රේල් මාසෙ ආරම්භ කළ අරගලයෙදි විවිධ සටන් පාඨ, අරමුණු ප්‍රකාශයට පත් කළා. 225ම
එපා කිව්වා, දූෂිතයන් පන්නමු කිව්වා, හොරා කෑව සල්ලි ගේමු කිව්වා, දියවන්නාවෙන් එලියෙ බලය ගැන කිව්වා,
මහජන කවුන්සිල් හදමු කිව්වා, නව ව්‍යවස්ථාවකට යායුතුයි කියල කිව්වා. නමුත් අරගලයෙ එක් අවස්ථාවකදි එහි
අදියරක් අවසන් වී තිබෙනවා. එහෙම නම්, ඇයි ඒ අරගලයෙ සම්පූර්ණ ජයග්‍රහණයක් කරා යන්න අපට බැරි වුණේ,
අපි මේකට විප්ලවයක් කිව්වෙ නෑ, නමුත් මේක මහජන නැගිටීමක් ලෙස අපි දකිනවා. මේකෙ බහුපාන්තික
ස්වභාවයක් තිබුණ බව අපි දන්නවා. නමුත් සමහරු මේක විප්ලවීය අවස්ථාවක් හැටියට වටහා ගෙන විවිධ අදහස්
මතු කරනවා. ඇයි මේ මන්දිර අල්ලගත්තට පස්සෙ ප්‍රකාශයක් එහෙම කරලා වැඩේ ඉවර කරන්න බැරි වුණේ කියල
අහනවා. නමුත් අපි දකිනවා, මේ රාජ්‍යයේ ස්වභාවය, මේ අරගලයේ ස්වභාවය සමග එවැනි අවසානයක් අපේක්ෂා
කළ නොහැකි බව. අරගලයේ සීමාවන් අපි හරියටම අඳුනාගත යුතුයි. අරගලයේ සංවිධානාත්මක බවේ අඩුපාඩු
තිබුණා. ඒ වගේම ජනතාව සංවිධානය කිරීමේ පැත්තෙන් සංවිධානයක අවශ්‍යතාව අපි හඳුනාගත යුතුයි.
දේශපාලනය ගැන කතා කරද්දි බලය සම්බන්ධ කතාව එනවා. බලය සම්බන්ධ කාරණය කතා කරන්න වෙන්නෙම
සංවිධානාත්මක වීමේ කාරණය සමගයි. සංවිධානයවීමේ කාරණය කතා නොකර බලය සම්බන්ධ සාකච්ඡාවෙන්
වැඩක් නෑ. සංවිධාන නැත්නම් ඒ බලය සම්බන්ධ සාකච්ඡාව වලංගු නෑ. ඒ නිසා තමයි, හුදකලා විචාරකයන්, ඔවුන්
අවංක උත්සාහයන් ගන්නවා වෙන්න පුලුවන්, නමුත් මේ ඇත්ත ජීවිත ප්‍රශ්න සමග දේශපාලන ක්‍රියාදාමයට
සම්බන්ධ වෙමින් ගෙන එන දේශපාලන අරගලයක යෙදී සිටින දේශපාලනයෙදි ඔවුන් ඒ අදහස්වලට දුරස්ත වීම
වළක්වන්න බෑ.. නවලිබරල් සමාජ ආර්ථික ක්‍රමයේ පරිභෝජනවාදී උන්මාදයක, ජාතිකවාදයේ දෘෂ්ටිවාදයෙන්
යටත් කර තිබෙන සමාජයක නිර්ධන පන්තික ව්‍යාපාරයේ ක්‍රියාධරයන් නිර්මාණය සංවිධාන හදන්න කොතරම්
අමාරුද, ස්වෙච්ඡා ශ්‍රමයෙන් වැඩකරන පිරිස් සංවිධානය කිරීම කොතරම් අසීරුද කියලා තේරුම්ගන්න ඕන. අපි
දැක්කා ජූලි 9 ජනතාව ලක්ෂ ගනන් කොළමට ආවා, නමුත් ඒ වේගයෙන්ම පිට වී ගියා. අපට හැකියාවක් නෑ
තවදුරටත් පොදු දේශපාලන අරමුණකට ඒ ජනතාව නැවත කැඳවන්න. ඒ කියන්නෙ අරගලයේ සංවිධානාත්මක
ස්වභාවය සම්බන්ධ ගැටලුව, අරගලයේ සීමාව සම්බන්ධ ගැටලුව අපේ අවධානයට යොමු වෙනවා.
ඒ නිසා මේ අරගලයෙ බහුපාන්තික ස්වභාවය විසින් ඇති කළ සංකීර්ණ තත්වය අපි වටහා ගත යුතුයි. මහා පරිමාණ
ව්‍යාපාරික ධන කුවේරයන්ටත් ගෝඨාභය රාජපක්ෂ පළවාහැරීමේ අරමුණක් තිබුණා. ඩොලර් සංචිත සම්බන්ධ
ප්‍රශ්න, ආනයන සීමා නිසා ඔවුන්ගේ ලාභ ගොඩගැසීමේ අරමුණුවලට බාධා කරමින් තිබුණා. රාජපක්ෂ කල්ලියේ
‘ගජමිතුරන්’ හැරුනු කොට තවත් ධනපතියන්ට අරගලයේ පාරෙන් දිනාගන්න අරමුණක් තිබුණා. ලෝකය පුරාම
දේශපාලනයෙදි මේ වගේ අරගල අවස්ථාවලදි විවිධ ‘ක්‍රීඩකයන්’ සම්බන්ධ වෙනවා. ඒ අයට මේ අරගලවලදි
දිනාගන්න අරමුණු තියෙනවා. අරගලය කරන පොදු ජනතාවට වඩා වෙනස් අරමුණු ඔවුන්ට තියෙන්නෙ. අපි මේ
කෘතියෙදිත් ඒ ගැන සාකච්ඡා කරනවා. අපේ රටේ මැතිවරණ ඉතිහාසය තුළ මේ අසල්වැසි ඉන්දියාවෙ ‘රෝ’
සංවිධානය, සී.අයි.ඒ. සංවිධානය වගේ තවත් ඔත්තු සේවා සංවිධාන, සමහර තානාපති කාර්යාල, කොහොමද වැඩ
කරලා තියෙන්නෙ කියලා අපි දන්න තොරතුරු ප්‍රමාණයක් තියෙනවා. කැමති නායකයන්ව බලයට ගේන්න
මැතිවරණවලදි කරපු කාර්යභාරය ගැන අවබෝධයක් අපට තියෙනවා. මේ අය අරගලය තුළත් යම් යම් මැදිහත්වීම්
කරන්න ඇති, නමුත් අපට ජන අරගලයෙ අරමුණු එහි ඉදිරි අභිලාශයන් හෑල්ලු කරන්න හැකියාවක් නෑ. මහජනතාව
තමන් පෙළන පාලනය පෙරළා දමන්න කරන අරගලයේ සුජාතභාවය එවැනි හේතු මත ප්‍රශ්න කරන්න
අවතක්සේරු කරන්න බෑ.
මහජන බලය සම්බන්ධ නව චින්තනයක් සමාජගත වුණා. ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය කියන
බල කුළුණු තුනක් ගැන දේශපාලන විද්‍යාවෙ කියන කතාව ඉක්මවා නව බලයක් ගැන ප්‍රායෝගික අත්දැකීමක්
අපට ලැබුණා. මහජන බලය ගැන තවදුරටත් න්‍යායිකව කියන චින්තනයක සීමාවෙන් ඔබ්බට ගිය අත්දැකීමක්,
අභ්‍යාසයක් අපට හිමි වුණා. මේ ජනබලය හමුවේ දැවැන්ත කඳු පර්වත ඇද වැටුනු හැටි අපට අමතක කරන්න බෑ.
මේ මහජන බලය තවදුරටත් ඉදිරියට ගෙන යන්නෙ කොහොමද කියන අභියෝගය අපට තියෙනවා. දැන්
ගෝඨාභය රාජපක්ෂ ගැන වෙනම චිත්‍රයක් මවන්න, එයා අහිංසකයෙක් වගේ පෙන්වන උත්සාහයක්
පොහොට්ටුවේ සමහර අය ගනිමින් ඉන්නවා. ගෝඨාභය රාජපක්ෂ අර්බුදයට දායක වුණ හැටිත අපි මේ කෘතියෙ
සාකච්ඡා කරනවා. නමුත් ගෝඨාභය රාජපක්ෂගේ ඉතිහාසය අපි පක්ෂයක් හැටියට කටයුතු ආරම්භක අවස්ථාවෙදි
දැක්කා. අපේ පක්ෂයේ ලලිත් කුමාර් සහෝදරයා, උතුරේ තමිල් ජනතාව එක්ක වමේ දේශපාලනය කිරීමේ හේතුව
නිසා කුගන් කියන සහෝදරයා එක්ක පැහැරගෙන ගියේ, ඔවුන් අතුරුදන් කළේ ගෝඨාභය රාජපක්ෂ දැනුවත්ව. ඔහු
ජනාධිපති වුනෙත් මේ රටේ මිනිස්සුන්ගෙ ජීවිත මතින්, පාස්කු ප්‍රහාරය පාවිච්චි කරලා. විධායක බලය අතට අරන්
ඒක තව වර්ධනය කරමින් මිලිටරිකරණයකට පාර හදාගෙන ගිය ගෝඨාභය තමයි මේ අර්බුදය හමුවේ ජනතාවගේ
වඩාත් කෝපයට ලක් වුණේ. නමුත් දැන් ඒ ගෝඨාභයට වෙනත් වර්නයක් ආලේප කරමින්, ගෝඨාභය සමග
අර්බුදයට පාර කපපු පොදුජන පෙරමුණේ නායකයන් දේශපාලන උත්සාහයක් ගනිමින් ඉන්නවා. ජාතිකවාදී
ආධිපත්‍යධාරී චින්තනය හරහා ආසියානු පන්නයේ ධනවාදයක් කරා මර්දනකාරී නවලිබරල් ධනවාදී පාලනයක් කරා
යන්න උත්සාහ කළ ගෝඨාභය තමයි ජනතාව විසින් පලවා හැරියෙ.
අන්න ඒ මහජන බලය තමයි අපි මහජන ව්‍යාපාරයක් දක්වා වර්ධනය කරන අරමුණකින් මේ අරගලය ඉදිරි
වර්ධනයක් කරා ගෙන යන්න උත්සාහ කරන්නෙ. ඒ වෙනුවෙන් කටයුතු කරමින් ඉන්න අතරෙ තමයි අපිට මේ 2022
මහජන අරගලය තුළ කටයුතු කරන්න අවස්ථාව ලැබෙන්නෙ. මේ අරගලය තුළ සමාජ විඥානය කිසිදු වෙනසක්
වෙලා නැති බව කියන සමහරු තේරුම් නොගන්න කාරණය තමයි, සියවස් ගණනාවක් විධිමත් ලෙස එන්නත් කරපු
ධනේශ්වර සිතීම එක සිදුවීමකින් දෙකකින් අරගලයක කාල සීමාව තුළ වෙනස් කිරීම පහසු නැති බව. ඒ වගේම
පවතින චින්තනය එක හා සමානව පවතින්නෙත් නැති බව වෙනස්කමක් නොවී එක විධියටම පවතින්නෙ නැති බව
වටහා ගත යුතුයි. අපේ සමාජය කුඩා කාලයේ සිටම පවුල, පාසල, ආගම, සමාජ ආකල්ප ආදි වශයෙන් මේ ධනේශ්වර
චින්තනය අපට එන්නත් කරන ඒක පවත්වා ගෙන යන තත්වයක් තිබෙනවා. නමුත් අරගල කාලය තුළ ගතානුගතික
අදහස්, ආගම පිලිබඳ, ජාතිවාදය පිළිබඳ අදහස් විවාදයට, සංවාදයට ලක් කරමින්, පාලකයන් සම්බන්ධ ප්‍රශ්න
කරමින් චින්තනමය වෙනස්කම් දකින්න ලැබුණු බවත් අපට මතකයටගන්න පුළුවන්. අපි දන්නවා යුගයක පවතින
අදහස් පාලක පන්තියේ අදහස් බව. සමාජය තුළ ආරක්ෂා කරන්නෙ පාලක පන්තියේ අරමුණු බවත් ඒවා වෙනස්
කිරීමේ අවස්ථා ඇති බවත් අපි දැක්කා. වෙනස්කම් පටන්ගැනීම වගේම ඒවා පවත්වාගෙන යාම, නොනවතින විප්ලවය
ගැන මාක්ස්වාදී අදහස අපි විශ්වාස කරන ක්‍රමයයි.
අපිට හැමදාම පිකට් බෝඩ් අල්ලගෙන ඉන්න එකම අරගලය නෙවෙයි, විරෝධතා ව්‍යාපාර වගේම වෙනත් අරගල
මාධ්‍ය අපට තියෙනවා, ජනතාව මේ දේශපාලන වෙනස්කම් වෙත ඇතුලු කරන ඔවුන් බලය සම්බන්ධ අත්දැකීම සහ
අධ්‍යාපනය ලබන මාර්ග අප අරගලයේ විවිධ ස්වරූපයෙන් ඉදිරියට ගෙන යායයුතුයි. ඒකට කලාව, සෞන්දර්ය යම්
ආකාරයේ මාධ්‍යයක් බවට පත් වෙනවා. දවසේ හැම තත්පරයකම,
පැය විසිහතර පුරාම, අවුරුද්ද පුරාම සහ ජීවිත කාලයම මේ නවලිබරල්වාදය, එහි චින්තනය, ධනේශ්වර ආකල්ප,
නීති රීිති සහ ක්‍රියාකාරිත්වය අපට බලපෑම් කරන නිසා එය නෙස් කිරීමේ අරගලය අපි අඛණඩ
ක්‍රියාකාරිත්වයක් බවට පත් කළ යුතුයි. ඒක උඩුගම් බලා යාමේ ක්‍රියාවලියක්. අපි මේ අරගලයෙදි ඉදිරියට ආව
මහජන කවුන්සිල් හෝ ජන අරගල සභා ඔස්සේ ජනතා බලය විධිමත්ව සංවිධානගත කිරීමේ ක්‍රියාදාමයකට
පක්ෂපාති වෙන්නෙ අන්න ඒ අදහසින්. අරගලය සම්බන්ධ ගෙනා සාකච්ඡාවෙදි ධනේශ්වර පන්තියේ අදහස තමයි,
මේ අර්බුදයේ ආපදාව මැද විවිධ ප්‍රතිසංස්කරණ හරහා ආර්ථිකයේ යම් වෙනස්කම් සිදු කරමින් නවලිබරල්
ධනවාදයේ ආරක්ෂාව සපයා ගැනීම. ඒ නිසා මේක ‘ආපදා ධනවාදය’ ලෙස හඳුන්වන සංකල්පය ඔස්සේ සාකච්ඡා
කරන්න පුලුවන්. නයෝමි ක්ලයින් කියන දේශපාලන විශ්ලේෂිකාවගේ ඒ සංකල්පය තුළ, ආර්ථික අර්බුද හෝ වෙනත්
ආපදාවලදි අවදානමට ඇද වැටෙන මේ ධනවාදය පවත්වා ගෙන යාමට අවශ්‍ය බිහිසුණු වෙනස්කම් හදිසියේ ගෙන
එමින් ජනතාව මත බර පටවමින් මර්දනය ක්‍රියාත්මක කරමින් ගෙන යන පාලනයක් අප හමුවේ තිබෙනවා.
අනෙක් පැත්තෙන් මේ අර්බුදය මැද අරගලයට විරුද්ධයි, නමුත් බලය ගන්න බලා ඉන්න පිරිසක් ඉන්නවා. ඔවුන් මේ
අර්බුදය තුළ ජනතාවගේ පීඩාව මැතිවරණවලදි ඡන්ද බවට පත් කරගන්න අදහසින් ක්‍රියාත්මක වන පිරිසක්.
ප්‍රධාන විපක්ෂයේ දේශපාලන පක්ෂ මේ අර්බුදය නිසා ඇතිවන ආන්ඩු විරෝධය තුළ පාර්ලිමේන්තුවේ බලය වැඩි
කරගන්න බලාගෙන ඉන්නවා. අරගලය ඉදිරියට ගියොත් මැතිවරණ ආතල් එක කැඩෙන නිසා ඒ අය මැතිවරණයක්
දෙනතුරු බලාගෙන ඉන්නවා. දැනට කරන්න මැතිවරණයක් නෑ එහෙම මැතිවරණයක් තිබුණත් මැතිවරණයකට
සල්ලි නෑ, කියලා මැතිවරණ කතාවම ඉවර කළානෙ.
නමුත් අපි මේ අයගෙ ක්‍රීඩාව හඳුනාගෙන මහජන බලය ශක්තිමත් කරන දිහාවට කටයුතු කරමින් ඉන්නවා. දැන් ඒ
අය කියන්නෙ එක්කො මැතිවරණය, නැත්නම් සන්නද්ධ අරගලයලු. ඒ දෙකොණ අන්තවාදයට නොගිහින් අපි
තුන්වැනි මානයක, දේශපාලනයෙ තුන්වැනි මාවතක්, අලුත් මාවතක දේශපාලන ගමනක් ආරම්භ කරමින් ජනතාව
බලය අභ්‍යාස කිරීමේ අරමුණ කටයුතු කරමින් ඉන්නවා. පාලකයන් බලාගෙන ඉන්නෙ අපිට සුලු වරදක් වුණත් අපිව
හසුකරගන්න, නමුත් අපි කාලෙකට කළින්ම එයාලට කිව්වා, ‘සොරි, අපි ඒ උගුලට වැටෙන්නෙ නෑ’ කියලා. අපි
ජනතාව සංවිධානය කරනවා, වගේම මැතිවරණ ඔස්සේත් අරගල කරන්න ජනතාව සමග එනවා. ඔවුන්ගෙ
පාර්ලිමේන්තුව තුළ අපේ අරගලය ඉදිරියට ගෙන යාමේ අවස්ථා තියෙනවා නම්, අපි ඒකට පැකිළෙන්නතේ නෑ.
හැබැයි ඒකෙන් කියන්නෙ නෑ අපි මේ මැතිවරණවාදී ගොහොරුවේ වැටිලා මේ පවතින ක්‍රමය, මේ අසාධාරණ
ක්‍රමය ශක්තිමත් කරන්න සූදානම් කියලා.
අපි කියනවා, 71, 89 අරගලවලින් ඉගෙන ගත්ත පාඩමක් තියෙනවා, අලුත් මාවතක් අප ඉදිරියේ තියෙනවා. ඒ
සන්නද්ධ අරගලය අදට වලංගු නෑ, නමුත් මහජන ව්‍යාපාරය, ජනතා අරගලය වලංගු බව ඒක සන්නද්ධ බලයට යට
කරන්න බැරි බව 2022 අපිට අත්දකින්න ලැබුණා. අපි ඒ දේශපාලන පාඩම ඇතිව අපේ දේශපාලන ගමන ඉදිරියට
යනවා, අපි ජනතාව සමග බලය අභ්‍යාස කරන්න සූදානම්, මහජන වයාපාරයකින් ගොඩනැගෙන අලුත් මාවතක්,
අලුත් වැඩපිළිවෙළක් අප ඉදිරියේ තිබෙනවා. අපි මේ මාවත සම්බන්ධ සංවාදය ලෝකයේ වාමාංශික වයාපාර සමග
ඉදිරියට ගෙන යන්න සූදානම්. මේ කාරණය අපි අවධාරණය කරන්නෙ අලුත් න්‍යායක් ගෙනාවා කියලා නෙවෙයි.
මේ මාවත ගැන මහජන බලයේ ප්‍රායෝගික තත්වය හා ගැටලු ගැන අපි වගේම වෙනත් සහෝදරියන්
සහෝදරවරුන් සමාජ මාධ්‍ය තුළ සාකච්ඡා කර තිබෙනවා. සැලැස්මක් තුළ සංවිධානාත්මක වයාපාරයක් ලෙස
මහජන බලය ඉදිරියට ගෙන යන්න, වැඩකරන ජනතාව සමග දේශපාලනය කරන්න, පන්ති දේශපාලන අරගලයක
ඉදිරිය බලන්න අපි කටයුතු කරන බව අවධාරණය කරන්න ඕන.