වෙලාවට ඉන්ධන නොලැබුනොත් යල කන්නයේ අස්වැන්න විනාසයි – ගොවින් ඇමති හමුවී කියයි

ගොවි ජාතික සමුළුවේ නායකයන් හා කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර අතර සාකච්ඡාවක් අද (2022 08 08) කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැත් විණි. අස්වනු නෙලීමට හා වගා බිම් සැකසීමට ඉන්ධන ලබා ගැනීම, පොහොර ගැටලුව ඇතුළු ගැටලු ගණනාවක් පිළිබඳව ගොවි නායකයෝ මෙහිදී ඇමතිවරයාගේ අවධානය යොමු කර ඇත.

මෙහිදී අදහස් දැක්වූ ගොවි අරගල මධ්‍යස්ථානයේ විමල් වත්තුහේවා පැවසුවේ යල කන්නයේ අස්වනු නෙලමින් සිටින මේ මොහොතේ ඉන්ධන ගැටලුව උග්‍ර ලෙස බලපා ඇති බවයි. ඔහු පවසන්නේ අස්වනු නෙලීම සඳහා තෙල් බවුසර් 3020ක් පමණ අවශ්‍ය බවත් එම බවුසර් 3020 දවස් 15ක් 20ක් ඇතුළත අදාළ වෙන්කර ඇති ඉන්ධන පිරවුම්හල් වෙත ලබාදිය යුතු බවයි. ආණ්ඩුවට එහෙම වැඩපිළිවෙලක් නැති බවද විමල් වත්තුහේවා පවසයි.

” එහෙම තෙල් නොලැබුනොත් අස්වැන්න ගැන විශ්වාස තියාගන්න බැරිවෙනවා. කාලගුණය වෙනස් වෙලා. වර්ෂාව ඇවිල්ලා අස්වැන්න විනාශ වෙන තත්ත්වයක් තියෙන්නේ. මේ තත්ත්වයෙන් ගොඩ එන්න නම් දින 15ක් 20 ඇතුළත බවුසර් 3020ක තෙල් ගොවි ජනතාව අතට පත්වෙන්න ඕනා. එකට ඛණිජ තෙල් අමාත්‍යංශයත් සම්බන්ධ කරගත්තු වැඩපිළිවෙලක් හදන්න කියලා අපි අමාත්‍යංශයට කියනවා. ”

එසේම ඊළඟ කන්නයේ වගාවට අවශ්‍ය ඉන්ධන සඳහාද වැඩපිළිවෙලක් සකසන ලෙස මෙහිදී ගොවීන් ඉල්ලා තිබේ. එසේම ඊළඟ කන්නයට අවශ්‍ය පොහොර ගෙන්වීම සඳහා වැයවන්නේ ඩොලර් මිලියන 200ක පමණක් බවද මෙහිදී ගොවින් පෙන්වා දී ඇත

 

 

Share post:

Popular

වෙනත් පුවත්

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...