ආන්ඩුවේ නොහැකියාව වසා ගැනීමට පාරිභෝගික අධිකාරියේ වැටලීම් සඳහා අභ්‍යාසලාභීන්

වසරක පුහුණුවකින් පසු ස්ථිර කරන බවට පවසමින් වත්මන් ආණ්ඩුව බඳවාගත් අභ්‍යාසලාභී උපාධිධාරීන් ගේ පුහුණු වසර සැප්තැම්බර් 2 දිනට අවසන් විය.
මෙතෙක් එම අභ්‍යාසලාභීන් ස්ථිර කිරීම සම්බන්ධ ප්‍රකාශයක් සිදු කර නැත.

පසුගිය වසංගත කාලය පුර අභ්‍යාසලාභී උපාධිධාරීන් පාසල්වල online ඉගැන්වීම් කටයුතු සිදු කළ අතර moh කාර්‍යාලවල දින 7ම සේවය කරනලදී. සංචරණ සීමා පනවා ඇති මේ මොහොතේ පවා samurdhi සංවර්ධන දෙපාර්තමේන්තුවට අනුයුක්ත අභ්‍යාසලාභී උපාධිධාරීන් දින 5ම සේවයට කැඳවමින් ඇත.
ඒ සියල්ල සිදු කරනුයේ රුපියල් 20000ක උපරිම දීමනාවක් ලබමිනි. අවම සෞඛ්‍ය අමාත්‍යාංශය අනුමත කර ලබාදුන් රුපියල් 7500 අවදානම් දීමනාව පවා සෞඛ්‍ය කාර්‍යාලවල සේවය කරන අභ්‍යාසලාභීන්ට ලබා දුන්නේ නැත.

එසේ තිබියදී අද (07) දින ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල මට්ටමින් අභ්‍යාසලාභී උපාධිධාරීන් කැඳවා හෙට (08) සිට පාරිභෝගික අධිකාරියේ වැටලීම් සඳහා සම්බන්ධ කරවීමට තීරණය කර ඇත.

ආණ්ඩුවේ නොහැකියාව වසා ගැනීමට සිදුකරන මෙවැනි බාල ක්‍රියාවන් පිළිකෙලෙන් හෙළාදකින අපි කියාසිටින්නේ සියලු අභ්‍යාසලාභීන් වහා ස්ථිර කරන ලෙසයි.
ආණ්ඩුව හදිසි නීති ගැසට් ඉදිරිපත් කරමින් මේ කරනු ලබන්නේ රාජ්‍ය නිලධාරින් ජනතාව අතර තවදුරටත් අප්‍රසාදයට පත් කිරීමටයි.

මුල්කාලයේ හමුදාව යොදවා කිරීමට ගිය, මේ ක්‍රියාවලිය අදාළ පුහුණුවක් හෝ නොලද අභ්‍යාසලාභී උපාධිධාරීන් පිට පැටවා ඇත. මේ ක්‍රියාවලිය තුළ එක් අභ්‍යාසලාභී උපාධිධාරනියකට හෝ උපාධිධාරියකුට යම් කරදරක් සිදු උවහොත් ඒ සියලු වගකීම ආණ්ඩුව බාරගත යුතු බවද අවධාරණය කරමු.

ලේකම්
ධම්මික මුණසිංහ
ඒකාබද්ධ සංවර්ධන නිලධාරි මධ්‍යස්ථානය

Share post:

Popular

වෙනත් පුවත්

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...

උණට කොත්තමල්ලි බීල ඉන්න බැරිවෙයි වගේ

පසුගියදා ජනාධිපතිවරයා බුලත්සිංහල පැවති රැස්වීමකදී හිතුන හිතුන වෙලාවට රෝහල්වලට...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනයට විසඳුම් නැත්නම් අඛන්ඩ ක්‍රියාමාර්ගයකට

ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන රජයේ සියලු විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් අද...

වසර 38ට පස්සේ ඉන්දියන් ආරක්ෂක ඇමති එන හේතුව

වසර 38කට පසු ඉන්දියාවේ ආරක්ෂක ඇමතිවරයෙක් ලංකාවට පැමිණෙන්නේ දෙරටේ...