ණය කන්දක් උඩ ඉදන් තවත් ණය ගැනීම ගැන හුරේ දැමීම

Date:

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලබා ගැනීමට අපේක්ෂා කළ ඩොලර් බිලියන 2.9ක විස්තීරණ ණය පහසුකමට

අදාළ විධිවිධාන සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටු අනුමැතිය ලැබී තිබේ.

අදාළ විස්තීරණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවේ වැඩසටහන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විධායක කමිටුව විසින් අනුමත කළ බව ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ (මාර්තු 20 වැනිදා) රාත්‍රියේ නිවේදනය කර තිබුණි.

මෙම වැඩසටහන මගින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ජාත්‍යන්තර මූල්‍ය ආයතන සහ බහු පාර්ශවික සංවිධාන වෙතින් ඇමෙරිකානු ඩොලර් බිලියන 7ක් දක්වා මූල්‍ය පහසුකම් ලබා ගැනීමට අවස්ථාව සැලසෙන බව එම නිවේදනයේ දැක්වේ.

IMF විධායක මණ්ඩලය ශ්‍රී ලංකාව සඳහා නව විස්තීරණ අරමුදල් පහසුකම (EFF) විධිවිධාන යටතේ ඇමෙරිකානු ඩොලර් බිලියන 3 ක් අද අනුමත කළ බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ද අද රාත්‍රියේ නිවේදනය කර තිබේ.

ඒ, විස්තීරණ අරමුදල් පහසුකම (ඊඑෆ්එෆ්) යටතේ මාස 48 ක දීර්ඝ වැඩපිළිවෙළක් සඳහාය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සඳහන් කළේ, ශ්‍රී ලංකාව ව්‍යසනකාරී ආර්ථික හා මානුෂීය අර්බුදයකින් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බවය.පෙර පැවති දුර්වලතා සහ ප්‍රතිපත්තිමය වැරදි පියවරයන්ගෙන් මුතුවන අභියෝගවලට ආර්ථිකය මුහුණ දී සිටින පසුබිම තුළ බාහිර කම්පන මාලාවකින් තවදුරටත් අර්බුදයට උග්‍රවී තිබේ.

ඒ අනුව විධායක මණ්ඩලයේ තීරණය සමග ඇමෙරිකානු ඩොලර් මිලියන 333 ක් පමණ වන ණය වාරිකයක් කඩිනමින් මුදා හැරෙන බව එහි සඳහන් ය.

නමුත් සමාජ මාධ්‍ය හරහා බොහෝ දෙනෙක් ප්‍රශ්න කරමින් සිටින්නේ දැනටමත් ණය ගෙවා ගත නොහැකිව බංකොලොත් බව ප්‍රකාශ කර සිටින රටක් තවත් ණය ගැනීම ගැන සතුටු වන්නේ කෙසේද යන්නයි.

එසේම ණය ලබාදීමට අදාළ කොන්දේසි මොනවාද යන්න මෙතෙක් හෙළි කර නැත.

මෙවර ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා ණය ගැනීමට සූදානම් වන්නේ 17 වැනි වරටයි. මීට පෙර 16 වතාවක්ම අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා ණය ලබාගෙන තිබේ. එහි අවසන් ප්‍රථිපලය වී ඇත්තේ අපිට ණය කන්දක් උරුම වීම පමණි.

Share post:

Popular

More like this
Related

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...

නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු සෙනසුරාදා 

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය...

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...