ණය කන්දක් උඩ ඉදන් තවත් ණය ගැනීම ගැන හුරේ දැමීම

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලබා ගැනීමට අපේක්ෂා කළ ඩොලර් බිලියන 2.9ක විස්තීරණ ණය පහසුකමට

අදාළ විධිවිධාන සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටු අනුමැතිය ලැබී තිබේ.

අදාළ විස්තීරණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවේ වැඩසටහන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විධායක කමිටුව විසින් අනුමත කළ බව ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ (මාර්තු 20 වැනිදා) රාත්‍රියේ නිවේදනය කර තිබුණි.

මෙම වැඩසටහන මගින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ජාත්‍යන්තර මූල්‍ය ආයතන සහ බහු පාර්ශවික සංවිධාන වෙතින් ඇමෙරිකානු ඩොලර් බිලියන 7ක් දක්වා මූල්‍ය පහසුකම් ලබා ගැනීමට අවස්ථාව සැලසෙන බව එම නිවේදනයේ දැක්වේ.

IMF විධායක මණ්ඩලය ශ්‍රී ලංකාව සඳහා නව විස්තීරණ අරමුදල් පහසුකම (EFF) විධිවිධාන යටතේ ඇමෙරිකානු ඩොලර් බිලියන 3 ක් අද අනුමත කළ බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ද අද රාත්‍රියේ නිවේදනය කර තිබේ.

ඒ, විස්තීරණ අරමුදල් පහසුකම (ඊඑෆ්එෆ්) යටතේ මාස 48 ක දීර්ඝ වැඩපිළිවෙළක් සඳහාය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සඳහන් කළේ, ශ්‍රී ලංකාව ව්‍යසනකාරී ආර්ථික හා මානුෂීය අර්බුදයකින් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බවය.පෙර පැවති දුර්වලතා සහ ප්‍රතිපත්තිමය වැරදි පියවරයන්ගෙන් මුතුවන අභියෝගවලට ආර්ථිකය මුහුණ දී සිටින පසුබිම තුළ බාහිර කම්පන මාලාවකින් තවදුරටත් අර්බුදයට උග්‍රවී තිබේ.

ඒ අනුව විධායක මණ්ඩලයේ තීරණය සමග ඇමෙරිකානු ඩොලර් මිලියන 333 ක් පමණ වන ණය වාරිකයක් කඩිනමින් මුදා හැරෙන බව එහි සඳහන් ය.

නමුත් සමාජ මාධ්‍ය හරහා බොහෝ දෙනෙක් ප්‍රශ්න කරමින් සිටින්නේ දැනටමත් ණය ගෙවා ගත නොහැකිව බංකොලොත් බව ප්‍රකාශ කර සිටින රටක් තවත් ණය ගැනීම ගැන සතුටු වන්නේ කෙසේද යන්නයි.

එසේම ණය ලබාදීමට අදාළ කොන්දේසි මොනවාද යන්න මෙතෙක් හෙළි කර නැත.

මෙවර ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා ණය ගැනීමට සූදානම් වන්නේ 17 වැනි වරටයි. මීට පෙර 16 වතාවක්ම අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා ණය ලබාගෙන තිබේ. එහි අවසන් ප්‍රථිපලය වී ඇත්තේ අපිට ණය කන්දක් උරුම වීම පමණි.

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...