මර්දනය දැඩි කරයි – අරගලකරුවන් කිහිපදෙනෙක් අත්අඩංගුවට

සමාජවාදී ශිෂ්‍ය සංගමයේ (SSU) ජාතික සංවිධායක රංගන දේවප්‍රිය කොම්පඤඤවීදිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන කොටුව පොලීසිය වෙත දැන් රැගෙන ගොස් තිබේ.

එසේම බලපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී නුවන් නීලමුණිවත් කොම්පඤ්ඤවීදිය පිහිටි කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් සුලු මොහොතකට පෙර අත්තඩංගුවට ගෙන තිබේ.

මෑත විරෝධතා ව්‍යාපාරයන්ට සහභාගී වූ පියත් නිකේශලටද අද දිනයේ CID ය වෙත පැමිණෙන ලෙස දන්වා ඇත.

එසේම ජූලි 13 වැනිදා කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය අභියස පැවති මහජන රැළියක් ඇමතීම පිළිබඳ ප්‍රකාශ ලබාගැනීම සඳහා සඳුදා (22) මෝදර සහ වරාය පොලිස් ස්ථානවල පෙනී සිටින ලෙස ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින්ට සහ කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමූවට දන්වා තිබේ.

 

 

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...