රනිල්ගේ ප්‍රකාශය ජනතාවට එරෙහි ආර්ථික යුද්ධයක් ගැන ඉඟි කිරීමක් – දුමින්ද නාගමුව

රනිල් වික්‍රමසිංහ කළ ප්‍රකාශය ඔහු මේ රටේ දේශපාලනය කොහෙටද ගෙනියන්න හදන්නේ කියන එක සහ ආර්ථිකය සම්බන්ධ දරුණු ඛේදවාචකයක් අපි ඉස්සරහ තිබෙන බවට ඉඟි කිරීමක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.

අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පැවසුවේ,
“පැහැදිලිවම ජනතාවට එරෙහිව යුද්ධයක් කැඳවලා තියෙන්නේ. ඊයේ ජනාධිපතිවරයාගේ ප්‍රකාශයේ හරය ඒක. බොරුවට තව ටිකක් අමාරුයි කියාගෙන එන්නේ ක්‍රියාත්මක කරගන්න බැරිවුණු නව ලිබරල් ආර්ථික වැඩපිළිවෙල මාස 06න් ක්‍රියාත්මක කරන්න මේ එන්නේ.

මේ ප්‍රශ්නයෙන් ගලවගන්න එකම ශක්‍යතාවය තියෙන්නේ ජූලි 09 ජනතාවට. අපි ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා මේ මොහොතේ මේ ප්‍රශ්නය හොදින්ම තේරුම් ගන්න. නිර්වින්දයන වෙන්න එපා. මේ සමාජ අපරාධයට එරෙහිවන්න.”

 

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...