ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයට අමානුෂික පොලිස් ප්‍රහාරයක් – 33ක් අත්අඩංගුවට

අද ජන අරගල ව්‍යාපාරය විසින් පැවැත්වූ විරෝධතාවය අතරතුර සහ විරෝධතාවයෙන් පසුව 33ක් අත්අඩංගුවට ගෙන තිබේ. එසේම එක් ක්‍රියාකාරිනියක් කඳුළු ගෑස් කැනිස්ටරයක් වැදී රෝහල් ගතකර ඇත.

අත්අඩංගුවට ගත් පිරිස මේ වනවිට කොම්පඤ්ඤ වීදිය පොලිස් ස්ථානයේ රඳවාගෙන සිටින අතර නීතිඥවරුන්ට ඔවුන් බැලීමට ඉඩ ලබාදී නැති බව වාර්තා වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට, බදු බර සහ බඩු මිල වැඩි කරමින් ජනතාව පීඩාවට පත් කිරීමට, ඉන්දියානු මැදිහත්වීමට එරෙහිව සහ ATA සහ OSA යන මර්දන පනත්වලට එරෙහිව ජන අරගල ව්‍යාපාරය විසින් මෙම විරෝධතාවය පවත්වා තිබුණි.

කොටුව දුම්රිය පොළ අසළ විරෝධතාවය ආරම්භ වී සුළු වෙලාවකට පසු පිරිස ගුණසිංහ පුර දෙසට පාගමනක නිරත වූ අතර ඒ අවස්ථාවේ පොලීසිය බාධා කිරීම සිදුකරන ලදී. එසේම පොලිස් නිලධාරීන් විසින් විරෝධතාකරුවන්ට පහර දෙන ආකාරය, ඇදගෙන යන ආකාරය දැකිය හැකි විය.

විරෝධතාකරුවන් බාධා නොතකා නැවතත් කොටුව දුම්රිය පොළ දෙසට පැමිණීමට උත්සාහ කළ අවස්ථාවේ පොලිස් කැරළි මර්දන ඒකකයෙන් පැමිණ ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් එල්ල කරනු දැකිය හැකිවිය.

ඉන්පසු විරෝධතාකරුවන් විසිර යාමෙන් අනතුරුවද පොලීසිය විසින් පුද්ගලයන් අත්අඩංගුවට ගනු දක්නට ලැබුණි.

Share post:

Popular

වෙනත් පුවත්

සයිමන්, ටෙනිසන්, සමන් ත්‍රිකෝණය එක්ක වෙඩිවර්ධනත් කියවන්න

කොළඹ දිස්ත්‍රික්කයේ මැතිවරණ ආසන පහළොවෙන් එකක් රත්මලාන ය. එහෙව්...

තරුණ විරැකියාව තවත් ඉහළට

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පසුගියදා නිකුත් කළ නවතම...

විදුලි අර්බුදය තවමත් විසඳී නැහැ

පසුගියදා සිදුවූ විදුලිය බිඳවැටීමෙන් පසු මෙරට ප්‍රධානතම ගල් අඟුරු...

PSTA වගේම තවත් මර්දනකාරී පනතක් ගැන සාලිය පීරිස්ගෙන් අනතුරු ඇඟවීමක්

රජය විසින් ඉදිරිපත් කර ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ නව...