ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයට අමානුෂික පොලිස් ප්‍රහාරයක් – 33ක් අත්අඩංගුවට

අද ජන අරගල ව්‍යාපාරය විසින් පැවැත්වූ විරෝධතාවය අතරතුර සහ විරෝධතාවයෙන් පසුව 33ක් අත්අඩංගුවට ගෙන තිබේ. එසේම එක් ක්‍රියාකාරිනියක් කඳුළු ගෑස් කැනිස්ටරයක් වැදී රෝහල් ගතකර ඇත.

අත්අඩංගුවට ගත් පිරිස මේ වනවිට කොම්පඤ්ඤ වීදිය පොලිස් ස්ථානයේ රඳවාගෙන සිටින අතර නීතිඥවරුන්ට ඔවුන් බැලීමට ඉඩ ලබාදී නැති බව වාර්තා වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට, බදු බර සහ බඩු මිල වැඩි කරමින් ජනතාව පීඩාවට පත් කිරීමට, ඉන්දියානු මැදිහත්වීමට එරෙහිව සහ ATA සහ OSA යන මර්දන පනත්වලට එරෙහිව ජන අරගල ව්‍යාපාරය විසින් මෙම විරෝධතාවය පවත්වා තිබුණි.

කොටුව දුම්රිය පොළ අසළ විරෝධතාවය ආරම්භ වී සුළු වෙලාවකට පසු පිරිස ගුණසිංහ පුර දෙසට පාගමනක නිරත වූ අතර ඒ අවස්ථාවේ පොලීසිය බාධා කිරීම සිදුකරන ලදී. එසේම පොලිස් නිලධාරීන් විසින් විරෝධතාකරුවන්ට පහර දෙන ආකාරය, ඇදගෙන යන ආකාරය දැකිය හැකි විය.

විරෝධතාකරුවන් බාධා නොතකා නැවතත් කොටුව දුම්රිය පොළ දෙසට පැමිණීමට උත්සාහ කළ අවස්ථාවේ පොලිස් කැරළි මර්දන ඒකකයෙන් පැමිණ ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් එල්ල කරනු දැකිය හැකිවිය.

ඉන්පසු විරෝධතාකරුවන් විසිර යාමෙන් අනතුරුවද පොලීසිය විසින් පුද්ගලයන් අත්අඩංගුවට ගනු දක්නට ලැබුණි.

Share post:

Popular

වෙනත් පුවත්

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...