‘යුක්තියට’ හමුදාවත් යොදාගැනීමේ සූදානමක්

අද (11) සිට ”යුක්තිය” මෙහෙයුමට ත්‍රිවිධ හමුදාවේ සහය ලබා ගැනීමට නියමිත බව වාර්තා වේ.

මේ උක්ත තීරණය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දුව පැවසුවේ සියලු පොලිස් ස්ථාන වෙත ඊට අදාළ උපදෙස් ලබා දී ඇති බවයි.

”අද දිනයේ සිට මෙහෙයුම් ක්‍රියාත්මක විය යුතු වෙනවා. පොලිස් නිලධාරීන්ගේ යම් අඩුපාඩුවක් සිදුවුණොත් ඒ වැටලීම් සඳහා ප්‍රමාණවත් නිලධාරීන් නොමැති වුණොත් විශේෂයෙන් මාර්ග බාධක වැනි දේ ක්‍රියාත්මක කරන්න සිදුවුණොත් ඒ වගේම දරුණු ගණයේ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය වුණොත් යුද හමුදාව ඒ පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට, නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට අදාළ සම්බන්ධීකරණය සිදුකරලා, ඔවුන්ව කැඳවා ගැනීමට අවශ්‍ය කරන පහසු ක්‍රමවේදයක් සකස් කිරීම දැනට සිදුකරලා තියෙනවා. ඒ අනුව අවශ්‍ය වුණොත් යුද හමුදා සහාය ලබාගන්න කියලා පොලිස්පතිතුමා විසින් අවශ්‍ය උපදෙස් ලබාදුන්නා.” යනුවෙන් තල්දුව වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

හමුදාව සිටින්නේ යුධමය අවස්ථාවක් සඳහා කටයුතු කිරීමට පමණක් වුවත් හමුදාව සිවිල් කටයුතු සඳහා යොදාගැනීමට ගොස් වරද්දා ගැනීමේ සිදුවීම් දිගින් දිගටම වාර්තා විය.

Share post:

Popular

වෙනත් පුවත්

අනවසර ඉදිකිරීම් නීතිය – ලොක්කන්ට එක විදිහක් පොඩ්ඩන්ට තව විදිහක්ද?

මේ දිනවල ආණ්ඩුව විසින් ක්‍රියාත්මක අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමේ වැඩපිළිවෙල...

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...