අසේල සම්පත් බලහත්කාරයෙන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය හේතු ඉදිරිපත් කරයි

පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති අසේල සම්පත් ඖෂධන නියාමන අධිකාරියේ සාමාන්‍යාධිකාරීවරයා කළ පැමිණිල්ලකට අදාළව ඊයේ (25) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ඇස්ට්‍රසෙනෙකා එන්නත සම්බන්ධයෙන් ඔහු සාමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සාවද්‍ය ප්‍රකාශයක් සිදු කර ඇති බවට සාමාන්‍යාධිකාරීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ල යොමු කර ඇති බවයි.

ඇස්ට්‍රාසෙනෙකා එන්නත මෙරටට ගෙන්වා යම් බාල කිරීමක් කර ජනතාවට එන්නත්කරණයට ලබා දෙන බවට එමගින් ඔහු පවසා ඇතැයි, පැමිණිල්ලෙ සඳහන්ව ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දපාර්තමේන්තුව විමර්ශනය කිරීමෙන් අනතුරුව පිළියන්දල, පැලැන්වත්තේදී අසේල සම්පත් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් මෙන්ම පිළියන්දල පොලිස් ස්ථානයේ නිලධාරීන් ද සහභාගී වී ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර ඇත. අත්අඩංගුවට ගත් අසේල සම්පත් අද (26) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලීසිය පවසයි.

අසේල සම්පත්ගේ දියණිය සමාජ මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් සඳහන් කර තිබුනේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ බව පවසමින් කිසිදු හැඳුනුම්පතක් හෝ අනන්‍යතාවක් ප්‍රකාශ නොකර පිරිසක් තම නිවසට පැමිණ NE 038 දරණ වාහනයේ සිය පියා බලහත්කාරයෙන් රැගෙන ගිය බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...

උණට කොත්තමල්ලි බීල ඉන්න බැරිවෙයි වගේ

පසුගියදා ජනාධිපතිවරයා බුලත්සිංහල පැවති රැස්වීමකදී හිතුන හිතුන වෙලාවට රෝහල්වලට...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනයට විසඳුම් නැත්නම් අඛන්ඩ ක්‍රියාමාර්ගයකට

ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන රජයේ සියලු විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් අද...

වසර 38ට පස්සේ ඉන්දියන් ආරක්ෂක ඇමති එන හේතුව

වසර 38කට පසු ඉන්දියාවේ ආරක්ෂක ඇමතිවරයෙක් ලංකාවට පැමිණෙන්නේ දෙරටේ...