රෙදි හලාගත් පොලිස් කොමිසම

ජාතික පොලිස් කොමිසමේ සභාපති s.c.s ප්‍රනාන්දු සහ එහි සාමාජික m.p.p පෙරේරා බැසිල් ඊයේ ලංකාවට පැමිණෙන විට පිළිගන්නට ගිහින් ඉන්නවා. අද මාධ්‍ය ඔවුන්ගෙන් කතා කරල අහනවා ඇයි බැසිල්ව පිළිගන්න ගියේ කියලා.

මේ මහලු ජාතික පොලිස් කොමිසමේ සභාපති වරයා කියන්නේ මම ගියේ නෑ මම ඒ වෙලාවෙ හිටියේ ගුවන් තොටුපලේ සෙනග පිරිලා හිටියා සෙනඟ මොකද කියලා බලද්දි තමයි බැසිල් ඉන්නවා දැක්කේ ඉතින් මම ගිහිල්ලා කතා කළා.

මාධ්‍යයට අදහස් දක්වමින් මහලු සභාපතිවරයා කියන්නේ මම රනිල්ව දැක්කත් කතා ,කරනවා මෛත්‍රීව දැක්කත් කතා කරනවා, සජිත්ව දැක්කත් කතා කරනවා, බැසිල්ව දැක්කත් කතා කරනවා, චන්ද්‍රිකාව දැක්කත් කතා කරනවා ඉතින් ඒකේ වෙනසක් නෑ කියලා.

දැක්කම කතා කෙරුවට අපිට ප්‍රශ්නයක් නෑ සභාපතිතුමනි. රටේ ජනතාව පලවා හැරපු හොරෙක්ට වැඳලා කතා කිරීමේ ප්‍රශ්නයක් තියෙනවා. මොකද ඔබතුමා නිකම්ම නිකම් මිනිහෙක් නෙමෙයි ජාතික පොලිස් කොමිසමේ සභාපති.අර දේශපාලුවෙක් ලඟ ඔය තරම් දෙකට නෑ වෙද්දී පොලිස් කොමිසමේ ස්වාධීනත්වය ගැන අපට නං ප්‍රශ්නයක් පැන නගිනවා.

රට මේ බරපතල අගාදයට ඇද දැමු හොරෙක් ළඟ දෙකට නැමිලා වදින නිලදරියෙග්ගෙන් ස්වාධීන රාජ්‍ය සේවයක් බලාපොරොත්තු විය හැකිද? . ජාතික පොලිස් කොමිසමේ සභාපති s.c.s ප්‍රනාන්දු සහ එහි සාමාජික m.p.p පෙරේරා 20 වෙනිදා නිකං ගිය ගමනක් නෙමෙයි. ලෑස්ති පිට ගිය ගමනක්.

Share post:

Popular

වෙනත් පුවත්

කතානායකට එරෙහි විශ්වාසභංගයට ආණ්ඩුවෙන් ගැටයක්

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව සංශෝධනය කර ලබානොදීම නිසා කථානායක...

උද්ධමනය තවත් ඉහළට

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව, කොළඹ පාරිභෝගික මිල දර්ශකය...

නව නීති සම්පාදනයේදී පුරවැසි අයිතීන් පිළිබඳව වැඩි අවධානයක් යොමුකල යුතුය.

පැෆ්රල් සංවිධානය ජනාධිපතිතුමා වෙත යොමුකරන ලිපිය අතිගරු ජනාධිපතිතුමාජනාධිපති ලේකම් කාර්යාලය,ගාලු‍...

යුරෝපයේ අරගල රැල්ලේ ඉතාලි තරුණ බලවේගය

ඔක්තෝබර් 17 වන සෙනසුරාදා මිලානෝ ,බොලොංඥා ,රෝමා ,තොරිනෝ ,ජෙනෝවා...