රෙදි හලාගත් පොලිස් කොමිසම

ජාතික පොලිස් කොමිසමේ සභාපති s.c.s ප්‍රනාන්දු සහ එහි සාමාජික m.p.p පෙරේරා බැසිල් ඊයේ ලංකාවට පැමිණෙන විට පිළිගන්නට ගිහින් ඉන්නවා. අද මාධ්‍ය ඔවුන්ගෙන් කතා කරල අහනවා ඇයි බැසිල්ව පිළිගන්න ගියේ කියලා.

මේ මහලු ජාතික පොලිස් කොමිසමේ සභාපති වරයා කියන්නේ මම ගියේ නෑ මම ඒ වෙලාවෙ හිටියේ ගුවන් තොටුපලේ සෙනග පිරිලා හිටියා සෙනඟ මොකද කියලා බලද්දි තමයි බැසිල් ඉන්නවා දැක්කේ ඉතින් මම ගිහිල්ලා කතා කළා.

මාධ්‍යයට අදහස් දක්වමින් මහලු සභාපතිවරයා කියන්නේ මම රනිල්ව දැක්කත් කතා ,කරනවා මෛත්‍රීව දැක්කත් කතා කරනවා, සජිත්ව දැක්කත් කතා කරනවා, බැසිල්ව දැක්කත් කතා කරනවා, චන්ද්‍රිකාව දැක්කත් කතා කරනවා ඉතින් ඒකේ වෙනසක් නෑ කියලා.

දැක්කම කතා කෙරුවට අපිට ප්‍රශ්නයක් නෑ සභාපතිතුමනි. රටේ ජනතාව පලවා හැරපු හොරෙක්ට වැඳලා කතා කිරීමේ ප්‍රශ්නයක් තියෙනවා. මොකද ඔබතුමා නිකම්ම නිකම් මිනිහෙක් නෙමෙයි ජාතික පොලිස් කොමිසමේ සභාපති.අර දේශපාලුවෙක් ලඟ ඔය තරම් දෙකට නෑ වෙද්දී පොලිස් කොමිසමේ ස්වාධීනත්වය ගැන අපට නං ප්‍රශ්නයක් පැන නගිනවා.

රට මේ බරපතල අගාදයට ඇද දැමු හොරෙක් ළඟ දෙකට නැමිලා වදින නිලදරියෙග්ගෙන් ස්වාධීන රාජ්‍ය සේවයක් බලාපොරොත්තු විය හැකිද? . ජාතික පොලිස් කොමිසමේ සභාපති s.c.s ප්‍රනාන්දු සහ එහි සාමාජික m.p.p පෙරේරා 20 වෙනිදා නිකං ගිය ගමනක් නෙමෙයි. ලෑස්ති පිට ගිය ගමනක්.

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...