ඉතාලියේ රියදුරු බලපත්‍ර ගැටලුව පිළිබඳව විදේශ කටයුතු පිළිබඳ ඇමතිට යළි සිහිකැඳවයි.

Date:

ලාංකීය රියදුරු බලපත්‍රය ඉතාලිය තුළ භාවිතා කිරීමට තිබූ අයිතිය මේ වන විට අහිමි වී තිබේ. ඊට බලපෑ හේතුව දෙරට අතර ඊට අදාළ ද්විපාර්ශ්වික ගිවිසුම කල්ලිකුත් වීමට ප්‍රථම යාවත්කාලීන කර ගැනීමට ශ්‍රී ලංකා රජය අපොහොසත් වීමයි . වසර දෙකකටත් වැඩි කාලයක් මේ ප්‍රශ්නය එලෙසම පවතින්නේද ශ්‍රී ලංකා රජය පාර්ශවයෙන් ඒ සඳහා කළ යුතු මැදිහත්වීම ඉතාම මන්දගාමී ලෙස සිදු කිරීමේ ප්‍රතිඵලයක් ලෙසයි.

ඉතාලියේ වෙසෙන ශ්‍රී ලංකා තානාපතිවරයාගෙන් මේ පිළිබඳව විමසන විට ඔහු විවිධ අදහස් ඉදිරිපත් කළත් ඔහු ඉදිරිපත් කරන ඒ අදහස් පිළිගන්නට ඉතාලියේ ජීවත් වන ලාංකිකයන් කැමති නැති බව විවර අප කළ විමසීමේදී බොහෝ ශ්‍රී ලාංකිකයන් ප්‍රකාශ කර සිටියේය. පසුගිය සෙනසුරාදා වෙරෝනා නගරයේ දේශයා නගරයේත් ජන අරගල ව්‍යාපාරය ලෙස මැදිහත්ව ලංකා රජය වෙත යොමු කිරීමට බලාපොරොත්තු වන පෙත්සමට අත්සන් එකතු කිරීමේදී ඊට අස්සන් තැබූ බොහෝ දෙනකුගෙන් මේ තානාපතිවරයාට විරෝධය එල්ල වුණි.

මේ අර්බුදය හේතුවෙන් විශාල පිරිසක් තමන්ගේ රැකියා අවස්ථා අහිමිවීමේ ගැටලුවට මුහුණ දී සිටින අතර සැලකිය යුතු පිරිසකට මේ වන විටත් රැකියා හිමිවී තිබීම කණගාටුවට කරුණකි.

මේ ගැටලුව විසඳීම සඳහා මැදිහත් වන ලෙස ජන අරගල ව්‍යාපාරය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යංශය වෙත පසුගිය පෙබරවාරි 16 වන දා ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටියේය. එම ඉල්ලීමට ප්‍රතිචාර නොදක්වීම හේතුවෙන් ඒ පිළිබඳව නැවත සිහිකැඳවමින් ජන අරගල ව්‍යාපාරය විසින් විදේශ කටයුතු ඇමති අලි සබ්රි මහතා වෙත මාර්තු 16 වනදා නැවතත් ලිපියක් යොමු කර තිබේ.

ශ්‍රී ලාංකීය රියැදුරු බලපත්‍රය ඉතාලියේ භාවිතා කිරීම අරඹන්නේ කවදාද

ඉතාලියේ රියදුරු බලපතේ කථා වස්තුව

Share post:

Popular

More like this
Related

අතේ දුරින් කඩදාසි සහ පෑන් තිබූ පමණින් කෙටි කතා ලිවීමට නොහැක.

"ඒකි හඳ එළියට හිනාවුණා" කෙටිකතා සංග්‍රහය සිංහල කෙටි කතාවට...

දූෂණ විරෝධී පනතට ගෙන ආ නව සංශෝධන ජනතා ජයග්‍රහණ ආපසු හැරවීමක්

අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා,2026.08.24ජනාධිපති කාර්යාලය,කොළඹ 01. ගරු ජනාධිපතිතුමනි, දූෂණ...

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...