මා සිතේ ඔබ තවම – වජී ගුරැසිංහ

මීදුමකින් වැසුණු ව්ට,
නොපෙනී ගිය මුත්
උස් කඳු මුදුන්
මීදුම පහව ගියපසුත්
තිබූණු තැන්වලමයි
උස් කඳු මුදුන්

රැල්ලකින් වැසුණු ව්ට
නොපෙනී යනමුත්
වෙරළ තීරයරැළි බිඳී ගිය පසුත්
තිබුණු තැනමයි
වෙරළ තීරය

සඳ රාහු ඇල්ලුවම
නොපෙනී ගියමුත්
සඳ එළිය
රාහු පහව ගිය පසුත්
එ ළෙසමයි බබළන
සඳ එළිය

රිදුම් දී නැති උනත් මොහොතකට
මා සිතේ
ඔබ මතක
තරහ නිවී ගිය පසුත්
රැදුණු තැනමයි මා සිතේ
ඔබ තවම

Share post:

Popular

වෙනත් පුවත්

PSTA වගේම තවත් මර්දනකාරී පනතක් ගැන සාලිය පීරිස්ගෙන් අනතුරු ඇඟවීමක්

රජය විසින් ඉදිරිපත් කර ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ නව...

කන්වතිස්සගේ මරණය ගැන කුමන්ත්‍රණ කතාවක් ඉදිරියට

කාවන්තිස්ස හස්තියාගේ අභිරහස් මරණය සහ මෙරට වනඅලි ගහනය ඉලක්ක...

ප්‍රංශ ජනතාවගේ අරගලයේ මූලය  

කොල්ලකෑම් ගිනි  තැබීම් වලට එහා ගිය ප්‍රංශ ජනතාවගේ අරගලයේ...

ගුරු පුරප්පාඩු පිරවීම ගැන ගුරු සංගම් කියන කතාව

අද පැවති ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව...