කැබිතිගොල්ලෑව විරෝධතාවයක් අතරතුර පහර කෑමට ලක්වූ පොලිස් නිලධාරියෙක් මරුට

අනුරාධපුර – කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ ඊයේ (31) රාත්‍රියේ ඇතිවූ නොසන්සුන්තාවක් පාලනය කිරීම සඳහා ගිය පොලිස් නිලධාරියෙක් ජනතාවගේ පහරදීමට ලක්ව මියගොස් තිබේ.

ඊයේ රාත්‍රියේ කැබිතිගොල්ලෑව, රඹකැපූවැව ප්‍රදේශයේදී වන අලියකුගේ පහරදීමෙන් කාන්තාවක් මියගොස් තිබූ අතර එහිදී ප්‍රදේශවාසීන් නොසන්සුන් වී උණුසුම් තත්වයක් උද්ගත වී තිබිණි.

භික්ෂූන් වහන්සේ නමක් ඇතුළු සියයක පමණ පිරිසක් එම අවස්ථාවේදී කැබිතිගොල්ලෑව – පදවිය මාර්ගය හරස් කරමින් විරෝධතාවක් පවත්වා ඇත.

එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන්ට එම විරෝධතාකරුවන් ගල් මුගුරුවලින් පහරදීමට උත්සාහ කළ අතර තත්වය පාලනය කිරීම සඳහා අහසට වෙඩි තැබූ බවයි පොලීසිය පවසන්නේ.

මේ අතර එම විරෝධතාවේ සිටි පුද්ගලයකු විසින් එල්ල කළ මුගුරු ප්‍රහාරයකින් පොලිස් සැරයන්වරයකු බරපතළ තුවාල ලබා කැබිතිගොල්ලෑව රෝහලට ඇතුළත් කර තිබුණු අතර ඔහුව අනුරාධපුර රෝහල වෙත මාරුකර යවන අවස්ථාවේදී මියගොස් ඇති බවත් පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ කැබිතිගොල්ලෑව පොලිසියට අනුයුක්තව සේවය කළ, වාරියපොළ ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි සැරයන්වරයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් භික්ෂූන් වහන්සේ නමක් ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු මේ වනවිට අත් අඩංගුවට ගෙන ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

අපව නිදහස් කර ගැනීමට සහ “වහලුන් නිදහස් කර ගැනීමට”

දුෂ්කර දේ කිරීමට ඉගෙන ගන්න දුෂ්කර වුව අසීරු දේ කරන්නබිහිරන්...

හොරොව්පතාන එළිමහන් අලි සිර කඳවුරට තවත් අලි ඇතුන් බිලි නොදෙනු!

පාර්ලි‌මේන්තු බහුතරයෙන් හස්ති චර්යා වෙනස්කළ නොහැක ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම...

රනිල්ලා එකතු වෙන්නේ ජනතාවට අමාරු නිසාලු!

ජාතික ජන බලවේගය හැර සියලු පක්ෂ පොදු රාමුවක් යටතේ...

2013න් පාඩම් ඉගෙන ගෙන අනොජන් වෙනුවෙන් වගවෙමු!

සෞදි අරාබියේ අධිකරණ ක්‍රියාවලියකට මුහුණ දී සිටින ශ්‍රී ලාංකික...