ගල්බොක්ක යාය කඳුවැටිය විනාශයට එරෙහි වූ ගම්වැසියන් දෙදෙනෙක් බොරු චෝදනා එල්ල කොට අත්අඩංගුවට

සංඛපාල ගල්බොක්කයාය කඳු වැටිය විනාශ කිරීමට එරෙහිවූ ගම්වාසීන් දෙදෙනෙකු බොරු චෝදනා එල්ල කොට අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ජල පෝෂක රක්‍ෂිත කදුවැටියේ අක්කර දෙසිය පනහක කොටසක් ඩොලමයිට් හා කැල්සියම් සිලිකේට් ඛනිජ පාෂාණ කැනීම සඳහා සමාගමකට අවසර ලබාදීමට මීට පෙර උත්සාහ ගෙන තිබුණි. නමුත් පරිසර සංවිධාන සහ ගම්වාසීන් ගෙනගිය දීර්ඝ අරගලයක ප්‍රථිපලයක් ලෙස එය වැළකුණි. නමුත් පසුගිය 24වනදා අදාළ පෞද්ගලික සමාගමේ පිරිසක් සහ භූ විද්‍යා පතල් කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් අදාළ කඳු වැටිය පරික්ෂා කිරීමට පැමිණි අවස්ථාවේ ගම්වාසීන් එයට විරෝධය ප්‍රකාශ කර ඇත.

ඉන්පසු ඊයේ දිනයේදී උඩවලව පොලීසියෙන් ගල්බොක්කයාය ගම්මානයේ ගම්වසියෙක්ට බයිසිකලයක් ගැන තොරතුරැ ලබාගැනීමට අවශ්‍ය බව පවසමින් පොලීසිය වෙත කැඳවා පසුව ඔහුව අත්අඩංගුවට ගෙන ඇත. එසේම අනෙක් ගම්වැසියාගේ නිවසට ගොස් අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

ඔවුන්ට දෙදෙනාට පවසා ඇත්තේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සහ ඛනිජ සම්පත් මංකොල්ල කෑම යන චෝදනාව යටතේ ඔවුන් අත්අඩංගුවට ගන්නා බවයි. ඔවුන් දෙදෙනා අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සංඛපාල ගල්බොක්ක යාය කඳුවැටිය අක්කර 250ක් පමණ පෞද්ගලික සමාගමකට ඛණිජ කැනීම සඳහා භූ විද්‍යා සහ පතල් කාර්යාංශය විසින් අවසර ලබාදී නැති බව ගම්වාසීන් සහ පරිසර සංවිධාන කළ සොයා බැලීමකදී හෙළිව තිබුණි. එසේම විශාල ජෛව විවිධත්වයකින් යුතු පරිසර කලාපයක් වූ ගල්බොක්ක කඳු වැටිය ඛණිජ කැනීම් සිදුකිරීම් සම්බන්ධයෙන් වන රක්ෂණ දෙපාර්තමේන්තුවේ ද අවසරය ලැබී නැත. මේ කඳු වැටිය විනාශ කිරීම සඳහා පෞද්ගලික සමාගමක් උත්සාහ කරන්නේ එවැනි නීතිවිරෝධී තත්ත්වයක් යටතේයි.

ගල්බොක්ක යාය ගම්වාසීන් සහ පරිසර සංවිධාන පවසන ආකාරයට මෙම කඳු වැටියේ ඛණිජ කැණීම හරහා විශාල පරිසර හානියක් සිදුවීමට නියමිත අතර අවට ගම්මානවලට පානීය ජලය සපයන ජල මූලාශ්‍ර ද සිඳී යාමට නියමිතය.

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...