රට වහගෙන ඉන්න එක ලොකු පාඩුවක් – අජිත් නිවාඩ් කබ්රාල්

රට අගුලු දැමීමෙන් දළ දේශීය නිෂ්පාදිතයෙන් දිනකට රුපියල් කෝටි 1500 කට වඩා වැඩි ආදායමක් අහිමිවෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පවසයි.

ඔහු පවසන්නේ රට තවදුරටත් අඟුලු දැමීම ඔරොත්තු නොදෙන බවයි.

ජනගහනයෙන් අඩකට රට අගුළු දැමීමෙන් ඇතිවන විපාකවලට මුහුණ දීම දුෂ්කර වනු ඇතැයි පැවසූ මුදල් රාජ්‍ය ඇමැතිවරයා රටේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රයේ ලක්ෂ 45කට වැඩි පිරිසකටද මෙමගින් විශාල පීඩනයක් ඇති කරනු ඇතැයි සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකාව වැනි රටක් වසා දැමීමෙන් ආර්ථික වශයෙන් ඇති වන පීඩනය සුළුපටු එකක් නොවේ යැයිද ඇමතිවරයා පවසා ඇත.

මුදල් රාජ්‍ය ඇමතිවරයා රටට අහිමිම්වෙන මුදල් ප්‍රමාණය මිස රටට අහිමිවෙමින් පවතින ජීවිත ගැන වද නොවන බව දක්නට ලැබේ.

Share post:

Popular

වෙනත් පුවත්

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...

IMF එකෙන් ඉවත්වීම ගැන ආණ්ඩුවේ බොරු මරිසි

2027 දී ශ්‍රී ලංකාව වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF)...

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...