රට වහගෙන ඉන්න එක ලොකු පාඩුවක් – අජිත් නිවාඩ් කබ්රාල්

රට අගුලු දැමීමෙන් දළ දේශීය නිෂ්පාදිතයෙන් දිනකට රුපියල් කෝටි 1500 කට වඩා වැඩි ආදායමක් අහිමිවෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පවසයි.

ඔහු පවසන්නේ රට තවදුරටත් අඟුලු දැමීම ඔරොත්තු නොදෙන බවයි.

ජනගහනයෙන් අඩකට රට අගුළු දැමීමෙන් ඇතිවන විපාකවලට මුහුණ දීම දුෂ්කර වනු ඇතැයි පැවසූ මුදල් රාජ්‍ය ඇමැතිවරයා රටේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රයේ ලක්ෂ 45කට වැඩි පිරිසකටද මෙමගින් විශාල පීඩනයක් ඇති කරනු ඇතැයි සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකාව වැනි රටක් වසා දැමීමෙන් ආර්ථික වශයෙන් ඇති වන පීඩනය සුළුපටු එකක් නොවේ යැයිද ඇමතිවරයා පවසා ඇත.

මුදල් රාජ්‍ය ඇමතිවරයා රටට අහිමිම්වෙන මුදල් ප්‍රමාණය මිස රටට අහිමිවෙමින් පවතින ජීවිත ගැන වද නොවන බව දක්නට ලැබේ.

Share post:

Popular

වෙනත් පුවත්

බොරු නඩු පැවරීමේ සිදුවීමකට අදාළව පොලිස්පතිට අධිකරණයට අපහාස කිරීමේ චෝදනා

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති...

නව පනත්වල ප්‍රජාතන්ත්‍රවිරෝධී ස්වරූපය ගැන නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සහ සංවිධානාත්මක අපරාධ...

 ප්‍රංශ වීදි සටන් ඉතිහාසය 

සියවසකට වැඩි කාලයක් තිස්සේ ප්‍රංශ ජාතිකයන් තම අයිතිවාසිකම් ආරක්ෂා...

දකුණේ ගොවීන් සහ ප්‍රවාහන රියදුරන්ගේ අරගලය සඟවන ඉතාලි ආණ්ඩුව

ඔක්තෝම්බර් 16 - 17 ඉතාලියේ මොකද වුනේ ? මිලානෝවල...