රනිල් ඔබ අමතයි!

මගේ ආදරණිය සෙබළුනි,

මුලින්ම මම ඔබ‍ට ස්තුති කළ යුතුයි මේ මොහොතේත් මාව සහා මාගේ සනුහරේ රැක ගන්න ඔබ සැම දරණ වෙහෙස ගැන.
මට රකින්නට පරපුරක් නැති බව ඇත්ත. නමුත් විරෝධාර බටයනි මගේ පැලැන්තියට රකින්න පරපුරවල් ඉන්නවා.
ඔබලා, ඔබලාගේ දරු, මුණුබුරන් මන්දපෝෂණයට වැටෙද්දී, ඔබලාගේ දෙමාපියන් ට අවශ්‍ය බෙහෙත් පෙත්ත නැතුව දුක් විදිද්දී මේ කරන කැපවීම ඉතා උසස්.

මේ තමයි සෙබලෙකුගේ වගකීම.
එනම් අපේ මවු බිම ආරක්ෂා කරදීම.

අපේ පැලැන්තියට ඉන්න හිටින්න තැනක් නැති වුනොත් නුබලගේ විරෝධාර කම මොකටද?

නුබලා ඒ වගකීම හොදින් අවබෝද කරගෙන අති බව මගේ දේශපාලන ජීවිතය තුළ ලබාපු අත්දැකීම් වලින්ම මම දන්නවා.

87-89 අපේ පැලැන්තියට ඉරිසියා කරන උබලගේ පැලැන්තියේ වුන්ව මාත් එක්ක එකතුවෙලා හරි හරියට ඈසිඩ් බාත් වල දිය කරලා ඇරපු හැටි මට මතකයි.

ඔබලාගේ සහයෝගයද ඇතුව 83 දි දෙමළුන්ට දුන්න දිවිල්ල මට අද වගේ මතකයි. ඒ විතරක්ද උන්ගේ පුස්තකාලේ ගිනිතියපු හැටි මතක් වෙද්දී මේ දැනුත් මගේ අගේ මයිල් කෙලින් වෙනවා.

දෙමල්ලු අවුරුදු 30 තිස්සේ අපේ පැලන්තිය මරන්න උත්සාහ කරද්දී උබලගේ පන්තියේ උන් දුන්නා උන්ට රම්පෙට පොරි හැලෙන්න.

උබලා කොයි තරම් විනය ගරුකද කියනවානම්, උනුත් නුබලගේම පන්තියේ උන් කියන එක පයිසෙකට මායිම් කළේ නැහැ.

ඉතින් විරෝධාර සෙබළුනි ඉදිරියටත් ඔබේ සේවය මගේ පැලැන්තියේ මවු බිම වෙනුවෙන් ලබා දෙන්න.
එහෙම නොවුනොත් එකත් අපි බලා ගන්නම්.
අපේ මවු බිමට ජයවේවා…
නුබලට ඒ වෙනුවෙන් සේවය කරන්න ශක්තිය ලැබේවා!

Share post:

Popular

වෙනත් පුවත්

IMF එකෙන් ඉවත්වීම ගැන ආණ්ඩුවේ බොරු මරිසි

2027 දී ශ්‍රී ලංකාව වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF)...

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...