මුත්තු නගර් වගා ඉඩම් කොල්ලයට එරෙහිව අද ත්‍රීකුණාමල නගරයේ සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබේ.
ත්‍රිකුණාමලය මුත්තු නගර් ගමේ වගා ඉඩම් අක්කර 800ක් ගොවීන්ගෙන් කොල්ල කා මේ වන විට සමාගම් වලට පවරා ඇත. මේවා 1972 සිට මේ දක්වා අවුරුදු 50ක් ගොවීන් වගා කළ කෘෂි භූමි වේ.
නමුත් වත්මන් ආණ්ඩුව ඒ ඉඩම් සංවර්ධන ව්‍යාපෘතිවලට බව පවසමින් මෙම ඉඩම් සමාගම් වලට ලබා දීම සිදුකරමින් සිටියි. සංවර්ධන කටයුතු වලට අවශ්‍ය ඉඩම් මහා පරිමාණයෙන් ත්‍රිකුණාමලයේම ඕනෑ තරම් තිබියදී ගොවීන්ට අයත් ඉඩම් ගැනීමට ආණ්ඩුව කටයුතු කර ඇත.
ගොවීන් පවසන ආකාරයට ඔවුන්ට වගා කිරීමට වෙනත් තැනක් නැහැ. ජීවත් වෙන්න වෙන විදියකුත් නැහැ. රටක සංවර්ධනය කියන්නේ මේ විදියට අටුව කඩලා පුටුව හදනවා වගේ ගොවීන් පාරට ඇද දැමීමද?
අදාළ සමගාම් විසින් ගොවීන් වගා කළ ඉඩම් වටේ වැට ගසා දැන් වැව් ඩෝසර් කරමින් සිටියි. පසුගිය සතියේ සහරවට්ටුවාන් නම් වැව ඩෝසර් කර විනාශ කර තිබේ.
මේ ආණ්ඩුව තෙල් ටැංකි ටික ඉන්දියාවට දෙන්නත් ත්‍රිකුණාමලයේ ඉන්දියන් ආර්ථික කලාපයක් හදන්නත් එකඟ වී අවසන් බව පැහැදිලිය. එහි එක් අදියරක් ලෙස මුත්තු නගර් – සාම්පූර් – කින්නියා – වාංඇල ඉඩම් ගැනීමට කටයුතු කරමින් සිටියි. වාංඇල අක්කර 7200ක් සමාගම්වලට ලබාදීමට නියමිත බව වාර්තා වේ.