දියවන්නා ඔයේ ජල දූෂණය ගැන පරිසර ඇමති වාර්තාවක් ඉල්ලයි

දියවන්නා ඔයේ පාර්ලිමේන්තුව අවට ප්‍රදේශයේත්, බත්තරමුල්ල පාලම් තුන අවට පිහිටි තෙත්බිමේත් ජලය අවපැහැගැන්වී ඇති බව වාර්තා වේ.
මේ සම්බන්ධව වහාම සොයාබලා තමන්ට වාර්තාවක් ලබා දෙන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් දී ඇත.

මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහට ලිපියක් යොමුකරමින් මේ බව දැනුම් දුන් බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

දියවන්නාවේ ජලය මින් පෙර මෙලෙස අවපැහැගැන්වීමක් වී නොමැති නිසා මේ සම්බන්ධව තමන් විද්‍යාත්මක විමර්ශන වාර්තාවක් අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා සඳහන් කර ඇත.

මෙහි ජලය අපිරිඳුවීමට හේතුව විපක්ෂ මන්ත්‍රීන් විසින් පාර්ලිමේන්තුවේ දී සඳහන් කළ පරිදි මිනිස් මළ අපද්‍රව්‍ය බැහැර කිරීමක්ද එසේත් නැතිනම් කිසියම් ඇල්ගී විශේෂයක් වර්ධනය වීමක් ද යන්න මෙතෙක් නිශ්චිතව කිව නොහැකි බව අමාත්‍යවරයා කියයි.

දින කිහිපයක සිට පවතින මෙම ජලය අවර්ණවීම දිනෙන් දින වර්ධනය වීමක් දක්නට ලැබෙන බැවින් ජලය දූෂණය වීමක් සිදු වී ඇත්ද යන්න මෙන්ම ඉන් දියවන්නාවේ වෙසෙන ජලජ සතුන්ට හානිකර තත්ත්වයක් මතුවිය හැකි ද යන්නත් සොයා බලන බව අමාත්‍යවරයා සඳහන් කරයි.

 

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...