Breaking News

සල්ලි දීලා බලාපෑම් කරන්න පුළුවන්, සමාජ මාධ්‍ය හරහා බෑ – රනිල්ගේ අමුතු ලොජික්

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ තම බලය අයුතු ලෙස පවිච්චි කරමින් ජනතාව ඉදිරියේ බබා පාට් දැමීමට පටන් අරගෙන තිබේ.

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන මැතිවරණයේ දී නිදහසේ ඡන්දය භාවිතා කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඇති අයිතිය අවහිර කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ බලපෑම් කරන පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලෙස වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආරක්ෂක අංශ ප්‍රධානීන්ට උපදෙස් දී ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී බලතල හා වරප්‍රසාද පනත යටතේ සහ ඊට අදාළ අපරාධ නීති පනත් යටතේ එලෙස විමර්ශන පවත්වන ලෙසද වැඩිදුරටත් උපදෙස්දී ඇත.

මේ දිනවල විවිධ මාධ්‍ය විසින් වාර්තා කර තිබුනේ ඉදිරියේදී ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීමේ ඡන්දයට අදාළව විශාල ප්‍රමාණයෙන් අල්ලස් ලබාදීම් සහ තනතුරු ලබාදීමට පොරොන්දු වීම් සිදුවන බවයි. හිටපු ජනාධිපති මෛත්‍රීපාල විසින්ද මෙම කරුණු සනාථ කරමින් අදහස් දක්වා තිබුණි.

එවැනි අවස්ථාවක සමාජ මාධ්‍ය හරහා මන්ත්‍රීවරුන්ට බලපෑම් කිරීම ගැන විමර්ශනය කරන බව පැවසීම විහිළුවකි. අනිත් අතින් එසේ අදහස් දක්වන්නේ නම් ඒ හරහා නියෝජනය වන්නේ ජනතා මතයයි. තමන් ඡන්දය ලබාදී පත්කර එවූ නියෝජිතයා රටේ වැදගත් ප්‍රශ්නයකදී ගතයුතු තීරණය සම්බන්ධයෙන් බලපෑම් කිරීමට ජනතාවට අයිතියක් තිබිය යුතුය.

 

leave a reply