Breaking News

හොරු දෙන්නෙක්ගේ මුණගැසීම උච්චමුණි දූපත විකිණීම

තමාලි ප්‍රනාන්දු

කල්පිටියේ උච්චමුණි දුපත ස්විට්සර්ලන්තේ මකා ස්ටේට් ආයතනයට සංචාරක වියාපෘතියකට විකිනීමේ ගිවිසුමට ඊයේ (11වනදා )අත්සන් තබා ඇත.

මේවන විට රට තුල ඇති දේශපාලනික, සාමාජ, ආර්ථික අස්ථාවරත්වය ඉත්තෙක් කරගනිමින් පවතින ආර්ථික අර්බුදයට විසදුම් සෙවීම පිණිස අපගේ මතෘ භූමිය කොටස් කොට විකිණීමට ඇතැම් මජර පාලකයන් විසින් මේ වනවිටත් පුඹුරුපත් සකසමින් සිටින බවට බව අනාවරණය වී තිබෙනවා.
ඇඳිරි නීතිය , හදිසි නීතිය පනවා ඇති සමයක, රට තුල කැබිනට් මණ්ඩලයක් හෝ නොමැති අවස්ථාවක මෙවැනි දේ සිද්ධ වන්නෙ කාගේ වුවමනාවටද යන්න ප්‍රශ්නයකි ! කොළඹ තරු පහේ හෝටලයකදී ස්විට්සර්ලන්තේ මකා ස්ටේට් ආයතනයට ඩොලර් මිලිනය 417ක මුදලකට , අක්කර 1500ක පමණ භූමි පරිමාණයකින් යුක්ත , මෙතෙක් සංචාරක කර්මාන්තයේ ඉහලින් වැජබුනු කල්පිටියේ බත්තලංගුණ්ඩුව දූපත් ආශ්‍රිතව ඇති උච්චමුණි දූපත විකිණීමේ ගිවිසුමට ඊයේ දිනයේ අත්සන් තබා ඇති බවට වාර්තා වෙනවා.

රට තුල මෙවන් වාතාවරණයක් පවතින විටෙක, ඊට මුවා වී රටේ ස්වභාවික සම්පත් විකිණීම කෙතරම් නින්දිත ද ?

මෙම විකිණීම පිණිස පිඹුරුපත් සැකසුනේ 2019 වර්ශයේදී පමණ වන අතර 2019 වර්ශයේදීම මෙහි වටිනාකම ඩොලර් මිලියන 417කට නිශ්චය කර සිටිනවා. 2020 දී එයට සැලසුම් අදින්නට පටන් ගන්නා අතර ඉන් අනතුරුව හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් ඊට කැබිනට් අනුමැතිය ලබා දෙනවා. රටේ පවත්නා රාජ්‍ය අස්ථාවරභාවය, භාණ්ඩාගාරයේ මුදල් නොමැතිකම වැනි හේතු මූලික කොටගෙන අපගේ මාතෘභූමිය කොටස් කොට මහජනතාවගේ කිසිදු අනුදැනුමකින් තොරම මෙලෙස විකිණීම කොතරම් පිළිකුල්සහගහද?

මෙම දූපත ආශ්‍රිතව මේවන විට දීවර පවුල් 200ක් පමණ පදිංචි වී සිටින අතර එය පාසලකින් සහ වෙනත් අත්‍යාවශ්‍ය අංග වලින් සමන්විතයි. විශේෂයෙන්ම ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන බලවතුන් සහ සංචාරක සංවර්ධන අධිකාරිය මේ සම්බන්ධයෙන් ඉතා රහසිගත ලෙස ක්‍රියාත්මක වී ඇති අතර ඒ මඟින් උච්චමුණි දූපත මෙම ස්විස්ටර්ලන්ත සමාගම වෙත වසර 30 ක් සදහා බදු දීමේ ක්‍රියාන්විතය දියත් කර ඇත.
සංචාරක ක්ශේත්‍රයේ වටිනාම අංගයන් විකිනීමේ පලමු වෙඩිමුරය මෙය නොවේ .

මේ ආකාරයට රට කැබලිකොට විදේශයන්ට විකිණීමේ උත්සාහයන් අප නොදැනුවත්ව කොපමණ නම් සිදුව ඇතිද ? ඇත්තවශයෙන්ම පාලකයින් විසින් කල යුත්තේ මෙය නොවේ. දේශීය ව්‍යවසායකයන්ට මේ රටේ ආයෝජනයන්ට ඉඩහසර සලසා දිය යුතූ අතර එමෙන්ම සංචාරකයන් රටට ඇදී එන පරිද්දෙන් ආකර්ෂණීය ලෙස මේ ස්වාභාවික සම්පත් දියුණු කිරීම වඩාත් උචිත යැයි මා සිතමි. කඩිනමින් මෙවැනි නින්දිත ක්‍රියා සදහා විරෝධය පෑම පුරවැසියන් වන අප කාගේත් වගකීමයි.

අද උච්චමුණි දූපත. හෙට ❓

leave a reply