කොළඹ වාරයේ තිබූ රසායනික පොහොර තොගයක් නිදහස් කරයි

Date:

රසායනික පොහොර ආනයනය තහනම් කිරීම හේතුවෙන් කොළඹ වරායෙන් නිදහස් කර ගැනීමට නොහැකිව තිබූ ආනයනික රසායනික ද්‍රව්‍ය තොගය නිදහස් කරන ලෙස ආනයන සහ අපනයන පාලකවරයා උපදෙස් දී ඇති බව ලංකාදීප වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

රජය පසුගිය අපේ‍්‍රල් මස අගදී පැනවූ එම තහනම හේතුවෙන් රුපියල් කෝටි ගණනක් වටිනා රසායකින ද්‍රව්‍ය අඩංගු ආනයනික බහලූම් 50 කට ආසන්න සංඛ්‍යාවක් වරායේ හිරවී තිබූ බවත් ආනයන සහ අපනයන පාලකවරයාගේ මෙම උපදෙස් සමඟ ඉදිරි දින කීපයේදී එම බහලූම් නිදහස් කරනු ඇතැයි ද රේගුව සඳහන් කරයි.

රසායනික පොහොර, පළිබෝධනාශක සහ වල්නාශක ආනයනය කිරීම තහනම් කිරීමට රජය තීරණ කිරීමත් සමඟ රසායනික ද්‍රව්‍ය ආනයනය කිරීමට නිකුත් කර තිබූ සියලූම බලපත‍්‍ර අවලංගු වීමෙන් මෙම රසායනික ද්‍රව්‍ය තොගය නිදහස් කරගැනීමට නොහැකි වී ඇත.

කෘෂිකාර්මික නොවන කර්මාන්ත සඳහා රසායනික ද්‍රව්‍ය ආනයනය කිරීමට අදාළ බලධාරීන්ගේ පූර්ව අනුමැතිය මත අවසර ලබාදීමට ආනයන හා අපනයන පාලක දෙපාර්තමේන්තුව පසුගිය 6 වැනිදා ගැසට් නිවේදනයක් ද නිකුත් කර තිබේ.

කෙසේ නමුත් මේ වනවිට රසායනික පොහොර තොග නිදහස් කිරීමට උපදෙස් දීම හරහා රසායනික පොහොර තහනම ගැන ජනාධිපතිවරයා නැවත සළකා බැලීමට තීරණය කර ඇති බව මාධ්‍ය වාර්තා කර තිබේ. එයට හේතුව කාබනික පොහොර සම්බන්ධ කිසිදු වැඩපිළිවෙලක් නොමැතිව රසායනික පොහොර ගෙන්වීම නැවත්වීම හරහා විශාල අර්බුදයක් රට තුළ නිර්මාණය වීමට තිබූ ඉඩ නිසා බව වාර්තා වේ.

චීනයෙන් ආනයනය කරන ලද වී සහ එළවළු බෝග වගාවන් සඳහා වු පොහොර මෙට්‍රික් ටොන් 18000 ක් රැගෙන ආ නෞකාව හරවා යැවු බවත්, සියලුම බැංකු වලට පොහොර සහ රසායනික ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා ණයවර ලිපි (LETTER OF CREDIT) විවෘත නොකරන ලෙසත් රජයෙන් උපදෙස් දී ඇති බව මාධ්‍ය පසුගියදා වාර්තා කරන ලදී.

මේ සමගම පොහොර සහ කෘෂි රසායන ද්‍රව්‍ය තොග සහ සිල්ලර වෙළෙඳුන් ඔවුන් සන්තකයේ තිබු තොග සඟවා ඇති බව පෙන්වා දෙන ගොවි සංවිධාන, ගොවියාට ලැබෙන සියලුම වට්ටම් මේ වන විට නතර කර ලකුණු කර ඇති මිලටම කෘෂි රසායනික ද්‍රව්‍ය අලෙවි කරන බවට චෝදනා නගමින් සිටියි.

 

Share post:

Popular

More like this
Related

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...

ලක්ෂාන් මධුරංග වික්‍රමරත්නගෙ අලුත් කවි පොත ගැන අපිළිවෙළ අදහස් කීපයක් !

කවි පනහෙන් සැලකිව යුතු කවි ප්‍රමාණයක තියෙන ඇතැම් අතීත...

ආණ්ඩුවේ ජඩ බදු ක්‍රමය ගැන පුබුදුගෙන් අනාවරණයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ රජයේ බදු...

අනුර හමුවෙන්න කලින් නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ජනාධිපතිවරයා සමග අද (අගෝස්තු 12) දින විනි­ශ්ච­ය­කා­ර­ව­රුන්ගේ විශ්‍රාම වයස්...