මේ ලියන සටහනට යොදන මාතෘකාව මොකක්ද කියන ප්‍රශ්නයට මට සරළ පිළිතුරක් ලැබුණෙ නෑ. ඒ නිසා අන්තිමට මම මේ ඉංග්‍රීසි වචන ටික අමුණන්න හිතුවා.
මෙම සාම පාගමනේ මූලික අරමුණ වන්නේ යුද්ධය, හිංසාව වාගෙම බලහත්කාරයෙන් සිදු කරන political interventions සහ සම්බාධක (sanctions ) හේතුවෙන් පීඩා විඳින සාමාන්‍ය ජනතාව වෙනුවෙන් අහිංසාවාදී පණිවිඩයක් ලෝකයට ගෙනයෑමයි. බෞද්ධ දර්ශනයේ මෙත්තා කරුණා සහ මුදිතා ගුණය මත පදනම්ව, ගැටුම් විසඳීමට ආයුධ බලය හෝ වෛරය නොව සංවාදය (dialogue) , compassion සහ ethical responsibility යොදාගත යුතු බව මතක් කිරීම මෙහි අරමුණයි. Venezuela වැනි රටවල දරු පවුල් සහ නිරායුද ජනතාව ගෝලීය බල අරගල (geopolitical power struggles) වලට බිලි නොවිය යුතු බව මෙම පාගමනෙන් අවධාරණය කරනව.
මෙම පාගමන ආරම්භ වන්නේ ආගමික සංදර්ශනයක් හෝ දේශපාලන rally යක් ලෙස නොව, නිහඬ සාම ගමනක් ලෙසයි. භික්ෂූන් වහන්සේලා කිසිදු slogan, banner හෝ සටන් පාඨ වලින් තොරව පියවරෙන් පියවර ගමන් කරනවා. ඒ ගමනට අහම්බෙන් එක්වූ ආලෝක නම් stray dog එහෙම නැත්නම් Indian Pariah dog (සිංහලෙන් නම් දඩාවතේ යන සුනඛයා) කාලයත් සමඟම මෙම පාගමනේ ජීවමාන සංකේතය බවට පත්වෙනවා.
ආලෝකගේ නිහඬ සෙනෙහස සහ භික්ෂූන්ගේ සාමචාරය එකට එකතු වූ විට, මෙම පාගමන කියන්නේ එකම පණිවිඩයයි:
සාමය යනු බලහත්කාරයෙන් , තර්ජනයෙන් හෝ ආක්‍රමණයෙන් නොව, කරුණාවෙන් උපදින දෙයක් බවයි.
” What breed is he?”
“මේ කුමනනම් වංශයක සුනඛයෙක්ද? කියලා බොහෝ දෙනෙක් නිතරම අහන ප්‍රශ්නයක්. සත්‍යය නම්, කවුරුවත් ඒක සහතික කරලා කියන්න දන්නෙ නෑ. වයස අවුරුදු 4කට ආසන්නයි කියලා හිතන්න ඇහැකි . බඩගින්න, බිය සහ අනාරක්ෂිත බව එයාට අලුත් දේවල් නොවෙයි. පාරේ අයාලේ යන සමයෙදි තමයි එයාට මේ බික්ෂූන් වහන්සෙලා මුණගැහෙන්නෙ. ඒ හමුවීම එයාගේ ජීවිතය පමණක් නෙමෙයි, මේ සාම ගමනේ සංකේතය පවා වෙනස් කළා.
දින 100කට වැඩි කාලයක් Aloka, Walk for Peace පාගමණට එකතුවුණා, භික්ෂූන් වහන්සේලා සමඟ එක් පියවරක්වත් අත් නොහැර ගමන් කළා. කිසිදු පැමිණිල්ලක් නැහැ. Hesitation එකක් නැහැ. තිබුණෙම loyalty එක courage එක සහ බිඳනෙදෙැමිය හැකි ජීවගුණය ( spirit) පමණයි. එයාට අතර මඟ ජන හමු අමතලා කතා පවත්වන්න අවශ්‍ය වුණේ නැහැ. ඔහුගේ presence එකම ඒ පණිවිඩය මිනිස්සුන් අතරට ගෙන ගියා.
ඒ නිසා ඇත්තෙන්ම ඔහු කුම breed එකට අයත්ද කියන ප්‍රශ්නයට වඩා වැදගත් වෙන්නේ එයාගේ හදවත, එයා ගමන් කරන මාර්ගය සහ එයා නියෝජනය කරන values ටිකයි.
ඔය විදහටම ජනප්‍රිය වුණු සුනඛ මහත්තයෙක් ගැන පළමු ලෝක යුද්ධයෙදි අහන්න ලැබෙනවා. සාජන් ස්ටබී (Sgt. Stubby ) තමයි එයා. එයත් රහස් පරීක්ෂක ඉවක් තියන වංශවත් පොලිස් බල්ලෙක් නෙමෙයි. මේ වාගෙම අයාලේ යන වීදි සුනඛයෙක්.
ජයන්ත කහටපිටිය








