බොහෝ රටවල් තමවත් මුහුණ දෙමින් සිටින්නේ වෛරසයේ මුල් අවධියට – WHO

බොහෝ රටවල් තවමත් වසංගතයට ගොදුරු වීමේ මුල් අවධියේ සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි වෛද්‍ය ටෙඩ්‍රෝස් අදනොම් ඊයේ (22)පවසා සිටියේ මෙම වෛරසය දිගුකලක් ලෝකය තුළ පවතිනු ඇති බවයි.

එසේම කොරෝනා වෛරසය පාලනය කර ගත හැකි යැයි සිතූ සමහර රටවල්වල වෛරසයේ ව්‍යාප්තිය ඉහළ යාමක් පෙන්නුම් කර ඇති බවද ඔහු පැවසීය. අප්‍රිකාව සහ ඇමරිකා එක්සත් ජනපදය ඒ සඳහා උදාහරණ ලෙස දක්වා ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පවසා තිබුනේ “වරද්දගන්න එපා . අපට බොහෝ දුර යා යුතුව තියෙනවා . මෙම වෛරසය අප සමඟ දීර්ඝ කාලයක් පවතීවි. ”

නිල මූලාශ්‍රයන්ට අනුව කොරෝනා මරණ සංඛ්‍යාව 175,000 ඉක්මවා ඇති අතර, දෙසැම්බර් මාසයේදී චීනයේ වසංගතය ප්‍රථම වරට මතුවූ දින සිට මේ දක්වා වාර්තාවූ රෝගීන් ගණන මිලියන 2.5 කට වැඩි වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය කොරෝනා වෛරසයේ පැතිරීම ගෝලීය වසංගත තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට ප්‍රමාදවූ බවට චෝදනා එල්ල වී තිබේ. මේ පිළිබඳ අදහස් දක්වමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පවසා ඇත්තේ තම සංවිධානය නියම වෙලාවට එය ප්‍රකාශයට පත්කළ බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

වෙනිසියුලානු ජනතාවට නිදහස සඳහා විශාල මිනිස් ජීවිත වටිනාකමක් ගෙවන්නට සිදුවේවිද?

වෙනිසියුලානු ජනතාවට නිදහස සඳහා විශාල මිනිස් ජීවිත වටිනාකමක් ගෙවන්නට...

ගෙවුණු මාස කීපය තුළ අලි මරණ සංඛ්‍යාව 200කට ආසන්නයි 

2026 වසර ආරම්භයේ ළමු දින 50 තුළ වන අලි...

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ නඩුව නැවත කැඳවෙයි

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ...

තෙල් සංස්ථාවේ ‘දැක්කොත් බුවා – නොදැක්කොත් එබුවා’ තියරිය

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නැප්තා සහ දැවිතෙල්...