වර්ජනය සාර්ථකව රට පුරා ක්‍රියාත්මකයි

වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව හා රාජ්‍ය හා අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති රැසක් අද (15) වැඩ වර්ජන දිනයක් බවට ප්‍රකාශයට පත්කර තිබේ.

රජයේ වෛද්‍යවරුන්, විශේෂඥ වෛද්‍යවරුන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, වෛද්‍යපීඨ ආචාර්යවරුන්, විදුලි ඉංජිනේරුවන්, බැංකු නිලධාරීන්, වරාය, ඛනිජතෙල්, ජල සම්පාදන, මාර්ග සංවර්ධන, අධ්‍යාපන පරිපාලන, මිනින්දෝරු, දේශීය ආදායම් ඇතුළු වෘත්තීය සමිති 47 ක් වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුවට ඇතුළත් ය.

ඉපයීම් මත අසාධාරණ ලෙස බදු අයකිරීම නවතනු, බදු බැංකු ණය පොලී අනුපාත අඩු කිරීම, රුපියල් 20,000 ක ජීවන වියදම් දීමනාව ලබාදීම, විදුලි බිල අඩු කිරීම, වැටුප් හා විශ්‍රාම වැටුප් කප්පාදුව වහා නැවැත්වීම ඔවුන්ගේ ඉල්ලීම්වලට ඇතුළත් ය.

එසේම, ප්‍රජාතන්ත්‍රවාදය හකුලන පළාත් පාලන මැතිවරණය කල් නොදමනු ! සටන් පාඨයද මෙම විරෝධතාවයේ මුලික කාරණයක් ලෙස එක්කර ඇත.

ගුරු, විදුහල්පති, හෙද, සෞඛ්‍ය සේවා, තැපැල්, රාජ්‍ය කළමනාකරණ සේවා, ක්ෂේත්‍ර නිලධාරීන් ඇතුළු වෘත්තීය සමිති රැසකින් රාජ්‍ය හා අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති සන්ධානය සමන්විත වේ.

වර්ජයන අති සාර්ථකව ක්‍රියාත්මක වෙන බව වෘත්තීය සමිති නායකයන් පවසයි. විශේෂයෙන් පාසල් ආශ්‍රිතව ගුරුවරු සහ දෙමව්පියන් එක්ව විරෝධතා පවා සංවිධානය කර තිබේ. ඊට අමතරව රෝහල් ආශ්‍රිතව අත්‍යවශ්‍ය සේවා පමණක් ක්‍රියාත්මක වෙමින් පවතින බව වාර්තා වේ.

මේ අතර දුම්රිය ධාවනය සඳහා හමුදාවේ ආරක්ෂාව යටතේ දුමිරිය කිහිපයක් ධාවනය කර තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක්