වර්ජනය සාර්ථකව රට පුරා ක්‍රියාත්මකයි

වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව හා රාජ්‍ය හා අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති රැසක් අද (15) වැඩ වර්ජන දිනයක් බවට ප්‍රකාශයට පත්කර තිබේ.

රජයේ වෛද්‍යවරුන්, විශේෂඥ වෛද්‍යවරුන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, වෛද්‍යපීඨ ආචාර්යවරුන්, විදුලි ඉංජිනේරුවන්, බැංකු නිලධාරීන්, වරාය, ඛනිජතෙල්, ජල සම්පාදන, මාර්ග සංවර්ධන, අධ්‍යාපන පරිපාලන, මිනින්දෝරු, දේශීය ආදායම් ඇතුළු වෘත්තීය සමිති 47 ක් වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුවට ඇතුළත් ය.

ඉපයීම් මත අසාධාරණ ලෙස බදු අයකිරීම නවතනු, බදු බැංකු ණය පොලී අනුපාත අඩු කිරීම, රුපියල් 20,000 ක ජීවන වියදම් දීමනාව ලබාදීම, විදුලි බිල අඩු කිරීම, වැටුප් හා විශ්‍රාම වැටුප් කප්පාදුව වහා නැවැත්වීම ඔවුන්ගේ ඉල්ලීම්වලට ඇතුළත් ය.

එසේම, ප්‍රජාතන්ත්‍රවාදය හකුලන පළාත් පාලන මැතිවරණය කල් නොදමනු ! සටන් පාඨයද මෙම විරෝධතාවයේ මුලික කාරණයක් ලෙස එක්කර ඇත.

ගුරු, විදුහල්පති, හෙද, සෞඛ්‍ය සේවා, තැපැල්, රාජ්‍ය කළමනාකරණ සේවා, ක්ෂේත්‍ර නිලධාරීන් ඇතුළු වෘත්තීය සමිති රැසකින් රාජ්‍ය හා අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති සන්ධානය සමන්විත වේ.

වර්ජයන අති සාර්ථකව ක්‍රියාත්මක වෙන බව වෘත්තීය සමිති නායකයන් පවසයි. විශේෂයෙන් පාසල් ආශ්‍රිතව ගුරුවරු සහ දෙමව්පියන් එක්ව විරෝධතා පවා සංවිධානය කර තිබේ. ඊට අමතරව රෝහල් ආශ්‍රිතව අත්‍යවශ්‍ය සේවා පමණක් ක්‍රියාත්මක වෙමින් පවතින බව වාර්තා වේ.

මේ අතර දුම්රිය ධාවනය සඳහා හමුදාවේ ආරක්ෂාව යටතේ දුමිරිය කිහිපයක් ධාවනය කර තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

සයිමන්, ටෙනිසන්, සමන් ත්‍රිකෝණය එක්ක වෙඩිවර්ධනත් කියවන්න

කොළඹ දිස්ත්‍රික්කයේ මැතිවරණ ආසන පහළොවෙන් එකක් රත්මලාන ය. එහෙව්...

තරුණ විරැකියාව තවත් ඉහළට

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පසුගියදා නිකුත් කළ නවතම...

විදුලි අර්බුදය තවමත් විසඳී නැහැ

පසුගියදා සිදුවූ විදුලිය බිඳවැටීමෙන් පසු මෙරට ප්‍රධානතම ගල් අඟුරු...

PSTA වගේම තවත් මර්දනකාරී පනතක් ගැන සාලිය පීරිස්ගෙන් අනතුරු ඇඟවීමක්

රජය විසින් ඉදිරිපත් කර ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ නව...