ගාල්ලේ උද්ඝෝෂණයේ යෙදෙන පිරිසක් හමුදාව මැදිහත්කර ඉවත් කිරීමේ උත්සාහයක්

ගාලු කොටුව අවට ප්‍රදේශයේ ගෝඨාභයට ගෙදර යන ලෙස බලකරමින් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සිටින පිරිස් හමුදාව මැදිහත්වී ඉවත්කරන බව වාර්තා වේ.

මේ දිනවල ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ක්‍රිකට් තරඟයක් පැවැත්වෙමින් තිබෙන අතර ගාල්ල අවට ජනතාව එම ක්‍රීඩාංගනයට පෙනෙන පරිදි විරෝධතා පුවරු රැගෙන විරෝධතාවයේ යෙදෙන ආකාරය ඊයේ දිනයේත් වාර්තා විය. ඊයේ දිනයේත් හමුදාව සහ පොලීසිය මැදිහත් වී ඒ අවට සිටි ජනතාව ඉවත්කරන ආකාරය දැකිය හැකිවිය.

රැස්වීමේ අයිතිය සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මූලික අයිතිවාසිකම් ලෙස අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇත. නමුත් පොදු ජනතාව අරඹයා එය ක්‍රියාත්මක වෙන්නේ මේ ආකාරයෙනි.

 

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...