ගාල්ලේ උද්ඝෝෂණයේ යෙදෙන පිරිසක් හමුදාව මැදිහත්කර ඉවත් කිරීමේ උත්සාහයක්

ගාලු කොටුව අවට ප්‍රදේශයේ ගෝඨාභයට ගෙදර යන ලෙස බලකරමින් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සිටින පිරිස් හමුදාව මැදිහත්වී ඉවත්කරන බව වාර්තා වේ.

මේ දිනවල ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ක්‍රිකට් තරඟයක් පැවැත්වෙමින් තිබෙන අතර ගාල්ල අවට ජනතාව එම ක්‍රීඩාංගනයට පෙනෙන පරිදි විරෝධතා පුවරු රැගෙන විරෝධතාවයේ යෙදෙන ආකාරය ඊයේ දිනයේත් වාර්තා විය. ඊයේ දිනයේත් හමුදාව සහ පොලීසිය මැදිහත් වී ඒ අවට සිටි ජනතාව ඉවත්කරන ආකාරය දැකිය හැකිවිය.

රැස්වීමේ අයිතිය සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මූලික අයිතිවාසිකම් ලෙස අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇත. නමුත් පොදු ජනතාව අරඹයා එය ක්‍රියාත්මක වෙන්නේ මේ ආකාරයෙනි.

 

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...