අඹ ගෙඩියට හොඳ කලක්

ලොව විවිධ රටවල ඉහළ පෙළ වංචා දූෂණ සිදු කර ඇති පුද්ගලයන් මේ වන විට  ඔවුන්ට අදාළ නඩු  අඹ ගෙඩියේ වරිගසභා වට යොමුකර  නීතිමය කටයුතු කර ගෙන යෑමේ හැකියාවක් තිබේදැයි විමසා බලමින් සිටින බව දැනගන්නට තිබේ. ලොව සියලු වරිගසභා අභිබවා යමින්  අඹ ගෙඩියේ  වරිගසභා නිදොස්කොට නිදහස් කිරීමේ ඉහළ ප්‍රවණතාවක් දක්වා ඇති බව විද්වත් සමීක්ෂණ වලින් හෙළිදරව් වී තිබේ . මේ නව  ප්‍රවණතාවේ හේතුකරගෙන එය අඹ ගෙඩියේ ආර්ථික දියුණුවට විශාල පිටුවහලක් ලබා දෙනු ඇතැයි ආර්ථික විශේෂඥයින්  පෙන්වා දෙයි.

ලොව විවිධ හිරගෙවල් වල සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ද,  අවි ආයුධ ජාවාරම් කරුවන් ද,  ළමා මිනිස් ශරීර අවයව වංචනික ලෙස  වෙළඳාම් කරන වෛද්‍යවරු ද,   ඉහළ පෙළ මාපියා  සංවිධාන වල සාමාජිකයන්ද, විවිධ කලුසල්ලි හුවමාරු යටතේ අත්අඩංගුවට පත්වී සිටිය වැරදිකරුවන් දැනටමත් සාක්ෂි සහිතව  වැරදිකරුවන් බව ඔප්පු වී සිටින පුද්ගලයන් ද  අඹ ගෙඩි වරිගසභා වෙත තමන්ගේ නඩු කටයුතු භාර දීමට අවශ්‍ය කරන නීතිමය තත්ත්වයන් සොයා බලන කට්ටිය අතරට යොමු වී ඇතැයි සැලවෙයි.

මුහුද ගොඩකර නගර දාහක් හදා වත් අඹ ගෙඩියේ ආර්ථිකයට ශක්තිය සපයන්න බැරි  තරම් ආර්ථික සවියක් මෙම ක්‍රියාවලිය හරහා ලැබෙනු ඇතැයි සමාජ දේශපාලන විචාරකයෝ දැනටමත් පුරෝකථනය කර තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...