අලි ජාවාරමට සම්බන්ධ නඩු නැවත්වීමට අගමැති සහ වනජීවී ඇමතිගෙන් කැබිනට් පත්‍රිකාවක්

නිසි බලපත්‍ර නොමැතිිව අලි ඇතුන් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් පවතින නඩු ඉල්ලා අස්කර ගෙන එම අලි ඇතුන් ඔවුන්ගේ මුල් අයිතිකරුවන් වෙත භාර දීමට අදාලව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ වන ජීවී අමාත්‍ය සී. බී. රත්නායක ඉදිරිපත් කර තිබෙන කැබිනට් පත්‍රිකාවකින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බව සදහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත .

පරිසර යුක්ති කේන්ද්‍රය, එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ වරයෙකු වන හේමන්ත විතානගේ, නීතිඥ සංජය එදිරිසිංහ, සත්ව වේදිනියක වන පංචාලි පනාපිටිය යන අය මෙම පෙත්සම ගොනු කර තිබේ.

එහි වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, වනජීවී අමාත්‍ය සී බී රත්නායක සහ නීතිපතිවරයා නම් කර ඇත.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ බලපත්‍ර නොමැතිව සන්තකයේ තබාගෙන සිටි අලි ඇතුන් ඔවුන්ගේ මුල් අයිතිකරුවන් වෙත භාර දීමටත් ඊට අදාළ නඩු ඉල්ලා අස්කර ගැනීම යන කරුණු ඇතුළත් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ වනජීවි අමාත්‍ය සී.බී. රත්නායක විසින් ඉකුත් මාර්තු මස 12 වනදා ඉදිරිපත් කළ බවය.

එම කැබිනට් පත්‍රිකාව තුළින් අධිකරණයේ පවතින අලි ඇතුන් සම්බන්ධ නඩු ඉල්ලා අස්කර ගැනීමට යෝජනා කර ඇති අතර එසේ අධිකරණය හමුවේ පවතින නඩු ඉල්ලා අස්කර ගන්නා ලෙස තීන්දු ගැනීමට විධායකයට හිමිකමක් නොමැති බවත් පෙත්සම්කරුවෝ සිය පෙත්සම් මගින් පවසා තිබේ.

ඒ අනුව අදාළ කැබිනට් පත්‍රිකාව තුළින් අග්‍රාමාත්‍යවරයා සහ වනජීවී අමාත්‍යවරයා සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනයක් සිදුකර ඇති බවට තීරණය කරන ලෙසද මෙම පෙත්සම මගින් ඉල්ලා ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

සජබ – UNP දීගය අලුත්වෙයි

රටේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය සුරැකීම සහ ජනතාව මුහුණ දී සිටින...

ගෙදර වගකීම් කාන්තාවන්ගේ රැකියා අයිතිය අහිමි කරලා

මෙරට කාන්තාවන්ගෙන් ලක්ෂ 61.8 ක් රැකියාවක් නොකරන බවත් ඉන්...

අනුරගේ ආර්ථිකයයි රටේ ජනතාවගෙ ආර්ථිකයයි

ශ්‍රී ලංකා ආර්ථිකය මේ වන විට ස්ථාවරත්වයේ මාවතට පිවිස...

සංවර්ධනය වෙමින් පවතී රට 

වාරිමාර්ග බලධාරීන් සහ එළුවන්කුලම එකමුතු ගොවි සමිතිය එකමුතුව එක්ව විල්පත්තුව...