අරගලට සහය දීම හේතුවෙන් පොලිසියේ පැය 12ක් රදවාගෙන පහර දීලා

ඊයෙ(09) යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී උදාර සඳරුවන්(කජ්ජා) සහ මිශෙල් විතක්ෂණ(කොත්තු) මහරගම පොලිසිය විසින් පමුණුව හන්දියේදී අත්අඩංගුවට ගැනීමක් සිදු කළා. මොවුන් දෙදෙනාම අරගල වල සිටි විවෘත විශ්වවිද්‍යාලයේ ක්‍රියාකාරින්. අත්අඩංගුවට ගැනීමට හේතුවක් නැති වුණත්, අනන්‍යතාවය හැඳුනුම්පත් මගින් තහවුරු කළත්, සියලු අවශ්‍ය විස්තර දැනුම්දී තිබුණත්, සැක සහිත යයි යයි පවසමින් පොලිසිය වෙත රැගෙන ගොස් ඇත. ඉන්පසු උප පොලිස් පරීක්ෂක(SI) නිශාන්ත නැමැත්තා ඔවුන් දෙදෙනාව සිරමැදිරියට වම්පසින් ඇති පඩිපෙළට රැගෙන ගොස් “උඹලා අරගලයේ හිටියාද? – පොල්දුවේ උද්ඝෝෂණයේ හිටිය නේද ? ” කියා අසමින් දෙදෙනාටම පහරදීමක් සිදුකර ඇත.
ඉන්පසුවත් සහෝදරයින් දෙදෙනා අවශ්‍ය සියලු තොරතුරු ලබා දුන්නද ඔවුන්ව නිදහස් කර යැවීමට ඊයේ රාත්‍රීය තුළ පොලිසිය ක්‍රියා කළේ නැත. අයුක්ති සහගතව පැය 12ක් රඳවා තබා ගනිමින් අද(10) දින කිසිදු හේතුවකින් තොරව අත්අඩංගුවට ගත් උදාර සහ මිෂෙල් පොලිස් ඇප මත මුදා හරින ලදී. පොලිස් ඇප මත හෝ මුදාහැරීමට මොවුන් කළ කිසිදු කාරණයක් පැවතියේ නැත. එකම කාරණය වූයේ පසුගිය අරගලය තුළ ක්‍රියාකාරීව සම්බන්ධ වීමයි. මෙවැනි සිදුවීම් තව ඕනෑ තරම් සිදුවනු ඇත.
– අයුක්තියට එරෙහිව පෙළගැසෙමු !
2023 ජූලි 10.
(උපුටා ගැනීම වසන්ත මුදලිගේ මුහුණු පොතිනි.)

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...