ආණ්ඩුව බොරු චෝදනා නඟා සිරගත කළ සිසු ජන නායකයින් කෝවිඩ් වසංගතයට ගොදුරු කරයි!

Date:

කොතලාවල පනතට එරෙහි විරෝධතාවලට නායකත්වය දීම හේතුවෙන් බොරු චෝදනා නඟා සිරගත කර සිටින අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ජපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අමිල සංදීප, කම්කරු අරගල මධ්‍යස්ථානයේ චමීර කොස්වත්තට කොවිඩ් 19 වෛරසය අසාදනය වී ඇත.

අගෝස්තු 03 වනදා පැවති විරෝධතාවෙන් පසු එදිනම රාත්‍රීයේ චමීර කොස්වත්ත අත්අඩංගුවට ගනු ලැබීය. අමිල සංදීප පැහැර ගැනීමට ලක්වූයේ අගෝස්තු 05 වනදාය. 06 වනදා පාන්දර වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගනු ලැබීය. මොවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රඳවා තබුණේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය(CRP) තුලයි. එහිදී මොවුන් තිදෙනාගේම අන්ටිජන් හා PCR පරීක්ෂණ සිදු කර තිබූ අතර ඒවායේ ප්‍රතිඵල මඟින් තහවුරු වූයේ මොවුන් තිදෙනාටම කොවිඩ් 19 වෛරසය අසාදනය වී නොමැති බවයි.

නමුත් ඊයේ (26) දින වාර්තා වූ පරිදි බදුල්ල තල්දෙන රැඳවුම් මධ්‍යස්ථානයේදී 25 දින කරන ලද PCR පරීක්ෂණ ප්‍රතිඵල අනුව තිදෙනාටම කොවිඩ් 19 වෛරසය අසාදනය වී ඇති බව තහවුරු වී ඇත. බන්ධනාගාර ගත කරන විට වෛරසය අසාදනය නොවී තිබුනේ නම් දින 20 කට පසු සිදු කළ පරීක්ෂණයෙන් වෛරසය අසාදනය වී ඇති බවට තහවුරු වන්නේ නම් අනිවාර්යෙන්ම මොවුන් තිදෙනාට වෛරසය අසාදනය වී ඇත්තේ බන්ධාගාරය තුළදීය. නිරෝධනය මධ්‍යස්ථාන යයි පවසමින් සිය ගණන් එකට රඳවා තබා ඇත්තේ ජීවිත පිළිබඳව කිසිඳු වගකීමකින් තොරවය.

එසේම මේ වන විටත් ඔවුන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා හෝ යොමු කර නොමැත.

මෙම සිසු කම්කරු නායකයන් ඇප නොදී රඳවා තබා ගැනීම ආණ්ඩුවේ සැලැස්මක් බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි. ඊට හොඳම උදාහරණය ලෙස කාඩ් බෝඩ් පෙට්ටියක් ගිනි තැබීම නිසා මාර්ගයට සිදු වූ හානියක් පිළිබඳව සඳහන් කරමින් පොදු දේපල පනත යටතේ චෝදනා ගොනුකිරිම දැක්විය හැකිබව ඔවුන් සඳහන් කරයි. කෝටි ප්‍රකෝටි ගණනින් ජනතා බදු මුදල් කොල්ලකෑ මැති මැතිවරුන්, ප්‍රභූන් එක පෙළට පහුගිය කාලයේ නිදොස් කොට නිදහස් කරද්දී කාඩ් බෝඩ් වලින් සකස් කල මිනි පෙට්ටි ආකෘතියක් ගිනි තැබීම පොදු දේපල පනත යටතේ චෝදනා කොට ඇප ලබා දීම ප්‍රතික්ෂේප කර තිබේ.

උද්ඝෝෂණවලට වෙඩි තබා, පහර දී ඒවා මර්දනය කළ ඉතිහාසයක් ඇති ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව මෙවර උද්ඝෝෂකයන් මර්දනය කිරීමට වසංගතය යොදා ගනිමින් සිටී. එනම්, සැලසුම් සහගතව ඇප ලබා නොදී බන්ධනාගාර තුලදී වෛරසයට ගොදුරු කර ඝාතනය කිරීමේ සැලැස්ම් ක්‍රියාත්මක කරමින් සිටියි. මෙය ඉතා නරුම බරපතල තත්වයකි. බන්ධනාගාර තුල වෛරසය ව්‍යාප්ත වීමට ඉඩ හැරි ආණ්ඩුව PCR පරීක්ෂණ ඉල්ලා සිටි රැඳවියන් වරෙක වෙඩි තබා මරා දැමීය.

එම නිසා මෙම ශිෂ්‍ය සහ කම්කරු ක්‍රියාකාරීන් කොවිඩ් 19 වෛරසයට ගොදුරු කිරීමේ හා අනෙකුත් සිරගත කර ක්‍රියාකාරීන්ගේ ජීවිත සම්බන්ධ සම්පූර්ණ වගකීම ආණ්ඩුව භාරගත යුතු බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සඳහන් කරයි.

Share post:

Popular

More like this
Related

ආණ්ඩුවේ ජඩ බදු ක්‍රමය ගැන පුබුදුගෙන් අනාවරණයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ රජයේ බදු...

අනුර හමුවෙන්න කලින් නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ජනාධිපතිවරයා සමග අද (අගෝස්තු 12) දින විනි­ශ්ච­ය­කා­ර­ව­රුන්ගේ විශ්‍රාම වයස්...

නව ගමන් බලපත්‍රයටත් ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමට සැරසෙයි

ප්‍රශ්නසහගත ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමේ ක්‍රමවේදය නව විද්‍යුත් ගමන්...

ජනමත විචාරණයක් ගැන නලින්දගේ උත්තරේ

රජය පාර්ශවයට ජනමත විචාරණයක් සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි බවත්...