තමන්ට භාණ්ඩාගාර බැඳුම්කර තිබීම ගැන මහ බැංකු අධිපති පිළිතුරු දෙයි

මහ බැංකු අධිපතිවරයාව සිටියදී වත්කම් ලෙස භාණ්ඩාගාර බැඳුම්කර තබා ගැනීම සම්බන්ධයෙන් පිළිතුරු දෙමින් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ පවසා ඇත්තේ තමන් එය සිදුකළේ මහ බැංකු නිලධාරීන්ට පනවා ඇති නීති අනුව බවයි.

විශේෂයෙන් මහ බැංකු අධිපතිවරයාව සිටියදී වත්කම් ලෙස භාණ්ඩාගාර බැඳුම්කර තබා ගැනීම ළබැඳියාවන් අතර ගැටීමක් නොවන්නේදැයි මාධ්‍යවේදියෙකු යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පවසා ඇත.

මහ බැංකු අධිපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලැබ තිබුණු වත්කම් සහ බැරකම් ප්‍රකාශ මත පදනම්ව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගේ සහ ඔහුගේ පවුලේ වත්කම්වල එකතුව රු. මිලියන 425ක් (රු. කෝටි 42.5ක් පමණ) වන බව සඳහන් කරමින් බීබීසී සිංහල සේවය ලිපියක් පළකර තිබුණි.

බීබීසී ලිපියට ප්‍රතිචාර දක්වමින් සමාජ මාධ්‍ය පරිශීලකයින් කිහිප දෙනෙකු ම ප්‍රශ්නයක් ලෙස යොමුකර තිබුනේ මේ හරහා ළබැඳියාවන් අතර ගැටීමක් ඇති නොවන්නේද යන්නයි.

2023 අංක 09 දරන දූෂණ විරෝධී පනතේ දක්වා ඇති ආකාරයට ජනාධිපතිවරයා, පාර්ලිමේන්තුවේ සාමාජිකයන්, තානාපතිවරුන් ඇතුළු උසස් නිල තල දරන පුද්ගලයන් මෙන් ම මහ බැංකු අධිපතිවරයා ද සිය වත්කම් සහ බැරකම් ප්‍රකාශ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ලබා දිය යුතු ය.

Share post:

Popular

වෙනත් පුවත්

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...