තමන්ට භාණ්ඩාගාර බැඳුම්කර තිබීම ගැන මහ බැංකු අධිපති පිළිතුරු දෙයි

මහ බැංකු අධිපතිවරයාව සිටියදී වත්කම් ලෙස භාණ්ඩාගාර බැඳුම්කර තබා ගැනීම සම්බන්ධයෙන් පිළිතුරු දෙමින් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ පවසා ඇත්තේ තමන් එය සිදුකළේ මහ බැංකු නිලධාරීන්ට පනවා ඇති නීති අනුව බවයි.

විශේෂයෙන් මහ බැංකු අධිපතිවරයාව සිටියදී වත්කම් ලෙස භාණ්ඩාගාර බැඳුම්කර තබා ගැනීම ළබැඳියාවන් අතර ගැටීමක් නොවන්නේදැයි මාධ්‍යවේදියෙකු යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පවසා ඇත.

මහ බැංකු අධිපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලැබ තිබුණු වත්කම් සහ බැරකම් ප්‍රකාශ මත පදනම්ව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගේ සහ ඔහුගේ පවුලේ වත්කම්වල එකතුව රු. මිලියන 425ක් (රු. කෝටි 42.5ක් පමණ) වන බව සඳහන් කරමින් බීබීසී සිංහල සේවය ලිපියක් පළකර තිබුණි.

බීබීසී ලිපියට ප්‍රතිචාර දක්වමින් සමාජ මාධ්‍ය පරිශීලකයින් කිහිප දෙනෙකු ම ප්‍රශ්නයක් ලෙස යොමුකර තිබුනේ මේ හරහා ළබැඳියාවන් අතර ගැටීමක් ඇති නොවන්නේද යන්නයි.

2023 අංක 09 දරන දූෂණ විරෝධී පනතේ දක්වා ඇති ආකාරයට ජනාධිපතිවරයා, පාර්ලිමේන්තුවේ සාමාජිකයන්, තානාපතිවරුන් ඇතුළු උසස් නිල තල දරන පුද්ගලයන් මෙන් ම මහ බැංකු අධිපතිවරයා ද සිය වත්කම් සහ බැරකම් ප්‍රකාශ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ලබා දිය යුතු ය.

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...