කොවිඩ් ආසාදිත මරණ පැයකට 9ක්

කොවිඩ් ආසාදනය වීමෙන් මෙරට දි පැයකට දළ වශයෙන් නවදෙනකු මිය යන බව දෛනික කොවිඩ් මරණ වාර්තාවලින් තහවුරු වී තිබේ.

මෙරට කොවිඩ් වයිරසය ආරම්භයෙන් පසු ප්‍රථම වරට දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව පෙරේදා (25) 200 සීමාව පසු කර තිබේ.

ඒ අනුව, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පෙරේදා (25) දින තහවුරු කරනු ලැබූ කොවිඩ් මරණ සංඛ්‍යාව 209 ක් වන අතර සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 8157කි.

මෙරටදී සිදුවූ සමස්ථ කොවිඩ් මරණ අතුරින් වැඩිම පිරිස වාර්තා වන්නේ වයස අවුරුදු 60 වැඩි අයවලුන්ය.

ඉකුත් අගෝස්තු මස 16 වැනිදා සිට පෙරේදා (25) දක්වා දින 10ක කාලයේදී වාර්තා වූ සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 1, 894ක් වන අතර, එම කාලය තුළ දළවශයෙන් පැයකට කොරෝනා මරණ හතක් හෝ අටක් වශයෙන් සිදුවී ඇති බවට වාර්තාවලින් තහවුරු වී තිබේ.

කොරෝනා පළමු රැල්ලෙන් 13 දෙනකු, දෙවැනි රැල්ලෙන් 596 දෙනකු, සහ තුන්වැනි රැල්ලෙන් 7548 දනකු වශයෙන් අද (27) වන විට සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 8157ක් ලෙසින් වාර්තා වන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කරයි.

(Lankadeepa)

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...