කෘෂිකර්ම ඇමති ගේ ජාතික ප්‍රතිපත්තිය ජාතික බේගලයක් වෙයිද?

Date:

පසුගිය සඳුදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී කෘෂි කර්මාන්තය වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීමට අනුමැතිය ලබාදුන් බව කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ අද ප්‍රකාශ කර සිටියා. එම මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමතිවරයා කියා සිටියේය මේ  කන්නයේ දී  වී අලවි  මණ්ඩලය වී මෙට්‍රික් ටොන් දෙලක්ෂයක  අතිරික්ත තබා ගනිමින්  සහල් මාෆියාවට පාලනය කිරීම කටයුතු කරන බවයි. ඉදිරියේදී නිර්මාණය කරන ජාතික ප්‍රතිපත්තිය තුළට රටේ නිෂ්පාදනය කළ හැකි සියලුම දේ වගා කිරීමට අවශ්‍ය කරන විධිවිධාන ඇතුළත් කරන බව ඔහු කියනවා.

මහින්දානන්ද අලුත්ගමගේ කෘෂිකර්ම ඇමතිවරයාගේ මෙම ප්‍රකාශ අද ලංකාවේ ගොවි ජනතාවට විසුළු සපයන්නන් බවට පත්වී තිබේ. අණ්ඩුවේ වැරදි ආර්ථික ප්‍රතිපත්තිය හේතුකරගෙන කඩා වැටුණු ආර්ථිකය  හේතුවෙන් පසුගිය කන්නයේ ගොවි ජනතාවට අවශ්‍ය කරන තෙල් බෙහෙත් ලබා දීමට නොහැකි වීම සෞභාග්‍ය දැක්ම නැමැති මිථ්‍යාවෙන් වසා  කාබනික ප්‍රතිපත්තිය නැමැති අමු බොරුවෙන් ගොවි ජනතාව අපහසුතාවයට පත් කරනු ලැබුවා. ආණ්ඩුවේ කෘෂිකර්ම ඇමති වරයාගේ නොහැකියාව අද රටේ ගොවි ජනතාව වටහාගෙන තිබෙන මොහොතක මාධ්‍ය සංදර්ශන පවත්වමින්  කරන සංදර්ශන තවදුරටත් ගොවි ජනතාව රැවටීමට දරන උත්සාහයන් ය

කෘෂිකර්ම ඇමතිවරයා ගේ අද දින ප්‍රකාශය තදින් මතක තබා ගත යුත්තකි.

Share post:

Popular

More like this
Related

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...

නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු සෙනසුරාදා 

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය...

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...