උද්ඝෝෂණ තහනම හරියට කන්න දීලා අධෝ මුඛය වහනවා වගේ වැඩක් – තැන්නේ ඥානානන්ද හිමි

රැකියා, වැටුප් අහිමිවූවන් පිළිබඳ ආණ්ඩුවේ වැඩපිළිවෙළ, කන්න දීලා අධෝමුඛය මහනවා වගේ වැඩපිළිවෙළක් බව කම්කරු අරගල මධ්‍යස්ථානයේ සම ලේකම් තැන්නේ ඤාණානන්ද හිමි පවසයි. එම හිමියන් මේ බව පවසා සිටියේ  රැකියා අහිමි කිරීමට හා වැටුප් කපාහැරීමට එරෙහිව කම්කරු අරගල මධ්‍යස්ථානය විසින් කුලියාපිටිය නගරයේ පැවති විරෝධතාවයක් අතරතුරයි. තැන්නේ ඤාණානන්ද හිමියන් පවසන්නේ නැවත දැනුම් දෙනෙතුරු උද්ඝෝෂණ නොකරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ පවසා ඇති බවයි. ඒ අනුව  තම ගැටළුවලට  කම්කරුවන්ට විරෝධය පෑමට අයිතිය ලබා නොදී කර්මාන්ත ශාලාවල නිෂ්පාදන කටයුතු , සහ රැකියා ස්ථාන පමණක් ආරම්භ කිරීම කන්න දීලා අධෝ මුඛය  වහනවා වැනි වැඩක් බව තැන්නේ හිමියන් පවසයි. නිරෝධායන නීති ඇති හැකි අයට එක විදිහකටත් නැති බැරි අයට තව විදිහකටත් ක්‍රියාත්මක වෙමින් පවතින බවද තැන්නේ හිමියන් වැඩිදුරටත් පැවසීය.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...