උද්ඝෝෂණ තහනම හරියට කන්න දීලා අධෝ මුඛය වහනවා වගේ වැඩක් – තැන්නේ ඥානානන්ද හිමි

රැකියා, වැටුප් අහිමිවූවන් පිළිබඳ ආණ්ඩුවේ වැඩපිළිවෙළ, කන්න දීලා අධෝමුඛය මහනවා වගේ වැඩපිළිවෙළක් බව කම්කරු අරගල මධ්‍යස්ථානයේ සම ලේකම් තැන්නේ ඤාණානන්ද හිමි පවසයි. එම හිමියන් මේ බව පවසා සිටියේ  රැකියා අහිමි කිරීමට හා වැටුප් කපාහැරීමට එරෙහිව කම්කරු අරගල මධ්‍යස්ථානය විසින් කුලියාපිටිය නගරයේ පැවති විරෝධතාවයක් අතරතුරයි. තැන්නේ ඤාණානන්ද හිමියන් පවසන්නේ නැවත දැනුම් දෙනෙතුරු උද්ඝෝෂණ නොකරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ පවසා ඇති බවයි. ඒ අනුව  තම ගැටළුවලට  කම්කරුවන්ට විරෝධය පෑමට අයිතිය ලබා නොදී කර්මාන්ත ශාලාවල නිෂ්පාදන කටයුතු , සහ රැකියා ස්ථාන පමණක් ආරම්භ කිරීම කන්න දීලා අධෝ මුඛය  වහනවා වැනි වැඩක් බව තැන්නේ හිමියන් පවසයි. නිරෝධායන නීති ඇති හැකි අයට එක විදිහකටත් නැති බැරි අයට තව විදිහකටත් ක්‍රියාත්මක වෙමින් පවතින බවද තැන්නේ හිමියන් වැඩිදුරටත් පැවසීය.

Share post:

Popular

වෙනත් පුවත්

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...

ප්‍රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි 

ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය හේතු කරගෙන...

‘තෝරෛ’ නවකතාව ගැන ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරය ඉල්ලයි!

තම්ල් ලේඛක ප්‍රදීප් ගුණරත්නම් ගේ 'තෝරෛ' නවකතාවේ යොදා ඇති...

ප්‍රංශ අරගලයයි මාධ්‍ය ඉස්මතු කරන දේයි අතර වෙනස 

ධනපති පාලකයන් විසින් ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව ගොඩනැගෙන...