කවියක් වගේ මොකක්ද එකක්…!!!

වායු ගෙඩියක් විසුල ගෙල වටට
නයිලෝන් කඹෙන් පළන්දා අභරණ
පෙරා කඳුළැලි මල මුත්‍ර දෙපා යට
ඉනාමළුවට වඩා කොල පාටයි
අපි දැකපු රතුපාට හබරණ

ගැට ගැට පිපී කුද්දෙටි සැදී
බාන්වැල්වලත් දාඩිය කැටී
කටු වට එතී ඇතිල්ලී හිඳී
මොර කැකුළුවල එහෙමයි හැටී

දැදුරු රතඳර ඉරාගෙන ලේ විදා
උගුරු දඬුවද කැඩුනෙ ජර බර ගගා
ඒ හඳට වැටකොළු මලෙන්
මැහුමක් දමා
නිල් තරු නිදන්නෙම
ඇහැක කඳුලක තමා

බෙල්ලට වඩා රිදෙන්ඩැති වකුගඩුව
පෙරහන්කඩක් නොදුන්නත් ආණ්ඩුව
හඳුනා නොගත් රෝග කාරක
ස්තුතිම වේවා
රතන සාදුට

ණය ගෙවා නොහුන බව ඇත්තයි
වම දකුණ දෙකම දැන් තිත්තයි
කෙමිකල් වසංගත සයනයේ
කොට්ටෙ විටමින් හීන පෙත්තයි

කොහොම බඩගෑවාද සමන්වැල්
හිනාවී බඹ තුනක් කුඹුකට
හිස් බඩක තනි රකින්නේ
කුඩා බඩවැල් තමයි ඉඳහිට

මේ තරම් සියුමැලිද
බ්‍රෝමන් ප්‍රාවරය
තොල් සිනිඳු කියන්නේ
ගොඩක් කවියන් බොරුවට

 

ධර්මසිරි බෙනඩික්

Share post:

Popular

වෙනත් පුවත්

IMF එක්ක දීගය අතාරින්න සූදානම් නෑලු

ශ්‍රී ලංකාව ළඟා කරගත් ආර්ථික ස්ථායීතාවය ආරක්ෂා කරගනිමින් ආර්ථික...

සජබ පිරිසක් ආණ්ඩුවට එරෙහිව ජාතිවාදය අවුළුවන්න ගිහින්

පොදුජන පෙරමුණ මෙන්ම සමගි ජන බලවේගයද උත්සාහ කරන්නේ ජාතිවාදය,...

“අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි” රැළිවලදී වෙස්සන්තරට අඳින අනුර

ආණ්ඩුවට වසර දෙකක් පිරීම නිමිත්තෙන් "අපේ ආණ්ඩුව වසර දෙකයි...

අනෝජන් සිවරාසා වෙනුවෙන් අභියාචනයක්

ලාංකික ශ්‍රමිකයෙකු වන අනෝජන් සිවරාසාට පනවා ඇති මරණ දඬුවම...